කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සිය ‘’Adopt a Bin” වැඩසටහන සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් කොළඹ වරාය නගරය සමඟ එක් වීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙය PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතනික සහභාගීත්වයෙන් නැවුම් අත්දැකීමක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.



විදේශීය ආයෝජනය යටතේ ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂ ආර්ථික කලාපය හා සැලසුම් නළ නගර සංවර්ධනය වන කොළඹ වරාය නගරය පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන් වන සිය කැපවීමද මෙම වැඩසටනෙහි හවුල්කරුවකු වීම තුලින් මනාව පෙන්වා දී ඇත. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස දේශීය අමුත්තන්ට හා විදෙස් සංචාරකයින් මෙන්ම තවද විවේක කාලයන්හිදී දායකත්වය ව්‍යාපෘතිය සමඟ එක් විය හැකි ආකාරයෙන් ප්ලාස්ටික් නිසියාකාරව බැහැර කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදී. ඒ වෙනුවෙන් Marina Promenade සහ පොදු වෙරළ සීමාව ඇතුලු ස්ථාන කිහිපයක PET ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කිරීමට ඔවුන් කටයුතු කළේය.
සැලසුම් කිරීම, එකතු කිරීම හා හවුල්කාරීත්වය යන ප්‍රධාන සාධක 3 පදනම් කර ගනිමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් මීට දශක කිහිපයකට පෙර ආරම්භ කරන ලද ‘’Give Back Life” නම් වූ PET ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහන ඇසුරුම්කරණය පිළිබඳ එහි ගෝලීය දැක්ම ශක්තිමත් කිරීම හා ඊට සහයෝගය ලබාදීම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇත. මෙම වැඩසටහන හරහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමට කටයුතු කරන CCBSL විසින් පිරිසිදු රටක් හා තිරසාර අනාගතයක් උදෙසා චක්‍රීය ආර්ථිකයට දායකත්වය ලබා දෙයි.
මෙම හවුල්කාරීත්වය යටතේ එම හවුල්කරුවන් විසින් නම් කරන ලද පුද්ගලයන් අදාල බඳුන් කළමනාකරණය සහ අධීක්ෂණය සිදු කරනු ලබයි. ඒ හරහා එකතු කරනු ලබන සියලුම PET ප්ලාස්ටික් පිළිගත් ප්‍රතිචක්‍රීකරණ පහසුකම් වෙත ලබා දෙන අතර එහිදී එම ප්ලාස්ටික් කොසු, බුරුසු වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට මෙන්ම ඇඳුම් සඳහා අවශ්‍ය නූල් බවට පත් කිරීම සිදු වේ. ඒවා පසුව රටවල් 15කට අධික ප්‍රමාණයක් වෙත අපනයනය කරමින් ආර්ථිකය මෙන්ම පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් දායකත්වය දක්වනු ලබයි. මේ ක්‍රියාවලියේ සෑම අදියරක්ම විනිවිදභාවයෙන් හා වගකීමකින් යුතුව වැඩ කිරීම සහතික කිරීම වෙනුවෙන් නිරන්තර අධීක්ෂණයට ලක් කෙරේ.
CCBSL විසින් හඳුන්වා දෙනු ලැබූ ‘’Adopt a Bin” වැඩසටහන තුලින් කාර්යාල පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශ PET ප්ලාස්ටික් බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීම සහ සේවකයින් අතර තිරසාර PET ප්ලාස්ටික් බැහැර කිරීමේ පුරුදු සහ වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය දිරි ගැන්වීම අරමුණු කොට ගෙන ඇත. තිරසාරභාවය පත්වාගෙන යාම හා ඉහළ යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අභියෝගයන්ට මුහුණ දීම සඳහා ආයනයන්හි කාර්ය භාරයද මෙම වැඩසටහන තුලින් අවධාරණය කෙරේ.
තවද මෙම වැඩසටහන කාර්යලය තුළ මෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකදීම පොදු ස්ථානවල තබා ඇති ‘’Give Back Life” බඳුන් භාවිත කිරීම තුලින් අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීම පිළිබඳ පුරුදු අනුගමනය කිරීමට සේවකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් දිරිමත් කරනු ලබයි. එසේම සේවක සේවිකාවන් හට නිවසේ සිට PET ප්ලාස්ටික් ගෙන ඒම සඳහාද මෙහිදී උනන්දු කරනු ලබයි.
මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පෙන්වා දෙමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදිප් පාණ්ඩේ මහතා සඳහන් කර සිටියේ ‘’PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය සඳහා වන අපගේ තිරසාර ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස වරාය නගරය සමඟ වන හවුල්කාරීත්වය සඳහන් කළ හැකියි. ව්‍යාපාර හා ආයෝජන වර්ධනය සඳහා වැදගත් ව්‍යාපෘතියක් වන වරාය නගරය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. Give Back Life”, ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයකට දායක වෙමින් පාරිසරික සුරක්ෂිතතාව සඳහා වන වැඩසටහන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි කැපවී සිටිනවා. කොකා-කෝලා බෙවරේජස් යනු බීම බෝතල් නිෂ්පාදනය පමණක් කරන සමාගමක් පමණක් නොව සුරක්ෂිතතාව හා වඩා තිරසාර අනාගතයක් උදෙසා කටයුතු කරන ආයතනයක් ලෙසත් සඳහන් කළ යුතුයි.’’ යනුවෙනි.
මෙම අවස්ථාවට එක් වූ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා හරිත ආර්ථිකයකට දායක වන වගකිවයුතු ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ සිට ප්‍රතිචක්‍රීයකරණය දක්වා වන සුවිශේෂී වැඩසටහන සඳහා CCBSL සමඟ එක් වීමට ලැබීම පිළිබදව සිය සතුට ප්‍රකාශ කළේය. තිරසාරභාවය හා පාරිසරික වගකීම සඳහා අපගේ කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන මෙම හවුල්කාරීත්වය තුලින් වරාය නගර කලාපයේ විවිධ ස්ථානයන්හි අපද්‍රව්‍ය බඳුන් ස්ථාපිත කිරීම හා වගකිවයුතු අපද්‍රව්‍ය බැහැර කිරීම තුලින් PET අපද්‍රව්‍ය කළමනාකරණ සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
CCBSL හි Give Back Life (GBL) ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් වන මෙම වැඩසටහන තුලින් 2035 වන විට තමන් විසින් අලෙවි කරන සෑම ප්ලාස්ටික් බෝතලයක් හෝ කෑන් එකක්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීම අරමුණු කොට ගෙන ඇත. මේ වන විට PET ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථාන 650කට වැඩි ප්‍රමාණයක් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කර ඇති අතර ඊට PET ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 5000ක් පමණ එකතු කළ හැකි මහා පරිමාණ හට් 21ක්ද, එකතු කිරීමේ මධ්‍යස්ථාන 28ක්ද, ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් 11ක්ද අයත් වේ. ‘Adopt A Beach’ වැඩසටහනෙහි කොටසක් ලෙස දිනපතා වෙරළ හා ජල මාර්ග පහසුකම් 8ක් මේ යටතේ පිරිසිදු කරනු ලබයි.ශ්‍රී ලංකාව පුරා පාරිසරික තිරසාරභාවය පිළිබඳ උනන්දුවක් දක්වන තවත් බොහෝ ආයකන සමඟ එක් වෙමින් Adopt a Bin වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කොකා-කෝලා සමාගම අරමුණු කොට ගෙන ඇත.