කොළඹ වරාය නගරය විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යයන අංශය සමග එක්ව, ‘Smart City Idethon: කොළඹ වරාය නගරයේ අනාගතය වෙනුවෙන් නවෝත්පාදනය, සැලසුම් කිරීම ‘ මැයෙන් තේමා වූ සුවිශේෂී වැඩමුළුව පසුගිය දා සාර්ථකව දියත් කරන ලදි. Sales Gallery පරිශ්‍රය තුළ දී පවත්වන්නට යෙදුණු මෙම වැඩමුළුව හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රථම විදෙස් මුදල් පරිභෝජන විශේෂ ආර්ථික කලාපය (SEZ) ලෙසින් නම් ලද කොළඹ වරාය නගරයේ නගර සැලසුම්කරණය, නිර්මාණකරණය සහ සංවර්ධනය සඳහා නව්‍ය සහ ප්‍රායෝගික විසඳුම් ගවේෂණය කිරීම සිදු විය.

‘Smart City Ideathon’ යනු අධ්‍යාපන අංශය හා කර්මාන්ත අංශය යන ක්ෂේත්‍ර දෙක අතර සහසම්බන්ධය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය වූ අදියර තුනකින් සමන්විත වැඩමුළුවක් වන අතර, එය මොරටුව විශ්වවිද්‍යාලයේ නගර සැලසුම්කරණය පිළිබඳ උපාධිය හදාරමින් සිටින උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය වූ වැඩසටහනකි. Smart City Ideathon වැඩමුළුව හරහා තරුණ සිසුන් හට නාගරික ජීවිතයේ සහ සැලසුම්කරණයේ අනාගතය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඉතා වටිනා අවස්ථාවක් හිමි වූ අතර, එහිදී ඔවුන් තුළ වූ නාගරික සැලසුම්කරණය පිළිබඳ නව අදහස්වලට පෝෂණය වීමට අවශ්‍ය වටපිටාව ද සකසන ලදි. මෙහිදී එම සිසුන් හට, කොළඹ වරාය නගරය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී ස්මාර්ට් නගරයක් බවට පරිණාමය වන විට, එහි ඉදිරි ගමනට අවශ්‍ය නව සංකල්ප වර්ධනය කරන ලෙස ද ආරාධනා කරනු ලැබීය.
“කොළඹ වරාය නගරය නිර්මාණය කර ඇත්තේ සුඛෝපභෝගී භෞතික අවකාශයක් ලෙසින් පමණක් නොවේ. එය නිර්මාණය කර ඇත්තේ බුද්ධිමත්, අනුවර්තනීය සහ මානව කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙසිනි.” CHEC පෝර්ට් සිටි කලම්බු පුද්ගලික සමාගමේ, නාගරික සැලසුම් කළමනාකාරිණී ජෙයතරනි සෙන්දූරන් මහත්මිය ප්‍රකාශ කළ සිටියා ය. “මෙම Smart City Ideathon වැනි වැඩසටහන් ඔස්සේ අපි ලොවක් සමග තරග කළ හැකි නගර නිර්මාණය කිරීමේ අනාගත පරපුරක් ගොඩ නැගීම යන භාරදූර කාර්යය ආරම්භ කරන්නෙමු. අවශ්‍ය මෙවලම් සහ අවස්ථා ලබා දීම හරහා අප මෙම තරුණ ශිෂ්‍යයින් හට අනාගත නගර සැලසුම්කරණය සඳහා අවශ්‍ය ධාරිතාව ලබා ගැනීමට සහය වන්නෙමු.”
මෙම වැඩමුළුව සඳහා සිසුන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගි විය. එහි පළමු අදියර ලෙස, කොළඹ වරාය නගරයේ නියෝජිතයින් විසින් එම ව්‍යාපෘතියේ සංවර්ධන මාර්ග සිතියම, උපාය මාර්ගික අරමුණු, තිරසාර බලපෑම් සහ විශේෂ ආර්ථික කලාපයට බල පැවැත්වෙන ප්‍රගතිශීලි නියාමන රාමුව පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කරන ලදි.



“මෙම වැඩමුළුව, ශාස්ත්‍රීය සහ කර්මාන්ත ක්ෂේත්‍ර අතර මනා සහ-සම්බන්ධතාවක් නිරූපණය කරනු ලබයි. ඒ වගේම, දැනුම බෙදා ගැනීම හරහා ඕනෑම ක්ෂේත්‍රයක වර්ධනයට සිදු කළ හැකි බලපෑම පිළිබඳ සාක්ෂි සපයයි.” මොරටුව විශ්වවිද්‍යාලයේ, නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අමිල බුද්ධික ජයසිංහ මහතා තම අදහස් ප්‍රකාශ කරන ලදි. “මෙම වැඩසටහන හරහා අපේ තරුණ ශිෂ්‍යයින් හට හෙට දවසේදී විශිෂ්ට නගර සැලසුම්කරණයක නිරත වීමට අවශ්‍ය දැනුම, මෙවලම් සහ අවස්ථාව හිමි විය. කොළඹ වරාය නගරය, අනාගතවාදී නගරයක ලක්ෂණ සියල්ලම මැනවින් පෙන්වන නගරයක් බැවින්, අප ශිෂ්‍යයින් හට මේ හරහා ඉතා වටිනා අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.”
මෙම වැඩමුළුවේ මීළඟ අදියර ද්විත්වය, ජුනි සහ අගෝස්තු මාසවල දී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් වන අතර, එහිදී ශිෂ්‍යයින් විසින් කොළඹ වරාය නගරයේ ජීවත් වීමේ හැකියාව වැඩිදියුණු කරවන සහ ප්‍රායෝගික අභියෝගවලට විසඳුම් ලබා දෙන නගර සැලසුම් නිර්මාණය කිරීමට නියමිත ය.
කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා, කරුණාකර www.portcitycolombo.lk වෙත පිවිසෙන්න. තනි කවුළු ආයෝජන පහසුකම් සහ නියාමන පටිපාටිය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා කරුණාකර www.portcitycolombo.gov.lk වෙත පිවිසෙන්න.