ගෝලීය සයිබර් අපරාධ වර්ධනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මූල්‍ය තොරතුරුවල අවදානම ද ඉහළ යයි

Share with your friend

බැංකුකරණය, සාප්පු සවාරි සහ ආයෝජන කළමනාකරණය සඳහා ප්‍රධාන මෙවලම ලෙස ස්මාර්ට් ජංගම දුරකථන භාවිතවෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය තුළ ප්‍රමුඛස්ථානය ජංගම දුරකථන හිමිව තිබේ. කෙසේ වෙතත්, ඊට සමගාමීව ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් ජංගම දුරකථන කේන්ද්‍ර කරගත් මූල්‍යමය සයිබර් තර්ජනවලට නිරාවරණය වී ඇති බව Kaspersky 2024 සයිබර් ආරක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

Kaspersky හි ගෝලීය දත්ත මඟින් ජංගම උපාංග ඉලක්ක කරගත් මූල්‍ය වෛරස්වල දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. 2023 ට සාපේක්ෂව 2024 දී එවැනි වෛරස් මෘදුකාංග මගින් පීඩාවට පත් වූ පරිශීලකයින් සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර බැංකු ආශ්‍රිත මෙවැනි සයිබර් ප්‍රහාර සිදුවීම් 3.6 ගුණයකින් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනයවන ජංගම දුරකථන පරිශීලක පදනම තුළ මෙරට තුළද ජංගම දුරකථන ආශ්‍රිත සයිබර් තර්ජනවල ආසන්න වැඩිවීමක් පෙන්නුම් කරයි.

″ජංගම දුරකථනවල අඩු ආරක්ෂණ පද්ධතියක් පැවතීම සහ නොදැනුවත්වම වෛරස් ඇප් ඩවුන්ලෝඩ් කිරීමට පරිශීලකයින් කටයුතු කිරීම නිසා ජංගම දුරකථන සයිබර් අපරාධකරුවන්ගේ පහසු ඉලක්කයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම තරුණ සහ තාක්ෂණයට ලැදි පරපුර අතර ඩිජිටල් මුදල් පසුබ්මි සහ ජංගම දුරකථන බැංකුකරණය ජනප්‍රියවීමත් සමඟ මෙම තත්ත්වය වැඩිවී තිබෙනවා″, යනුවෙන් Kaspersky සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒඩ්‍රියන් හියා ප්‍රකාශ කළේය. 

″බොහෝවිට පාර්සල් ඩිලිවරි සේවා, වංචාකාර ක්‍රිප්ටෝ පසුම්බි සහ ව්‍යාජ ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි ආදිය පරිශීලකයින්ට ඉදිරිපත් කරමින් මෙම සයිබර් අපරාධ ක්‍රියාත්මක වෙනවා. සැබෑ වෙබ් අඩවි හෝ ඇප් මෘදුකාංග ලෙස ඒවා පෙනීගියත්, එමඟින් පරිශීලකයාගේ රහස්‍ය දත්ත මංකොල්ලකෑම හෝ සැඟවුණු ඇප් දුරකථනයට ඇතුළු කිරීමට කටයුතු කරනවා. බොහෝ පරිශීලකයින් එවැනි ඇප් මෘදුකාංගවල මූලාශ්‍ර තහවුරු කිරීමට හෝ තමන්ගේ දුරකථන නිසි ලෙස යාවත්කාලීන කිරීමට කටයුතු නොකරන නිසා අවදානම තවත් වැඩිවෙනවා″, යනුවෙන් ඔහු වැඩිදුරටත් විස්තර කළේය.  

Mamont මෘදුකාංගමය මේ අතුරින් ගෝලීය වශයෙන් වඩාත්ම ක්‍රියාකාරී තර්ජනවලින් එකක් ලෙස සැලකෙන අතර දේශීය සන්දර්භයන්ට පහසුවෙන් අනුවර්තනය විය හැකි ශිල්පීය ක්‍රම එය සතුය. ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ අංශය වර්ධනය වන විට, සයිබර් ප්‍රහාරකයින්ට සංවේදී මූල්‍ය දත්ත ලබා ගැනීමට සහ සේවාවන් කඩාකප්පල් කිරීමට ලැබෙන අවස්ථා ද වැඩි වේ.

Kaspersky දත්ත මගින්, ජනප්‍රිය උපයෝගිතා හෝ සන්නිවේදන මෙවලම් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින වෛරස් මෘදුකාංගවල භයානක වැඩිවීමක් පෙන්නුම් කරන අතර, එය පරිශීලක පෞද්ගලිකත්වය සහ මූල්‍ය ආරක්ෂාව අනතුරේ හෙළයි. “ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සුපරීක්ෂාකාරී විය යුතුයි. ඒ ඒ ඇප් මෘදුකාංග ඒවායේ විධිමත් මූලාශ්‍ර හරහා පමණක්  බාගත කිරීම, ඇප් මෘදුකාංගවල බලපත් පරීක්ෂා කිරීම සහ නිතිපතා මෘදුකාංග යාවත්කාලීන කිරීම ආදිය එහිදී ඉතාම වැදගත්. මූල්‍ය ආයතන සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන් ද සැක සහිත ක්‍රියාකාරකම් කල්තියා හඳුනාගෙන අවහිර කිරීමට සහයෝගයෙන් කටයුතු කළ යුතුයි″, ඒඩ්‍රියන් තවදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමනය හරහා ද ජංගම දුරකථන ආශ්‍රිත මූල්‍ය සේවාවන්ට නිසි සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශන හඳුන්වාදීම සහ පරිශීලකයින් මෙන්ම ආයතන ද දැනුවත් කිරීමට රට පුරා දැනුවත්කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම ආදිය ඉටුවිය යුතු බව ඒඩ්‍රියන්ගේ අදහසයි. මෙවැනි තර්ජන මඟහරවා ගැනීම වෙනුවෙන් Kaspersky Internet Security for Android පහසුකම සමාගම විසින් හඳුන්වාදී තිබේ. ඊට අමතරව VPN සේවාවක්වන Kaspersky Secure Connection ද, රහස්‍ය තොරතුරු රැගත් ඇප් ආරක්ෂා කිරීමට ඒවාට රහස් කේතයක් යෙදිය හැකි App Lock පහසුකම ද Kaspersky සමාගමේ සෙසු විසඳුම් අතර වේ.


Share with your friend