ජනශක්ති ලයිෆ් ‘Road to MDRT 2023’ සමාරම්භක ඇගයීම් උළෙළෙ දී MDRT සම්මානලාභීන්ගේ ජයග්‍රහණ සමරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්ෂණ පහසුකම් සේවා සැපයීමේ ආයතනයක් වන ජනශක්ති ලයිෆ් ආයතනය, සිය අලෙවි නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද ‘Road to MDRT’ සමාරම්භක උළෙළ පසුගියදා කොළඹ මරීනෝ බීච් හෝටලයේ දී පැවැත්වීය. මෙය ජනශක්ති ලයිෆ් ආයතනයේ පුහුණු සහ සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සියලු අංශයන් ආවරණයවන පරිදි සකස් කළ පරිපූර්ණ පුහුණු වැඩසටහනකට සමගාමීව වෘත්තීය විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් නිර්මාණය කළ සුවිශේෂී සංකල්පයකි. මෙම වැඩසටහනේ දී වෘත්තීය කාර්ය සාධනය ඉහළ නංවාගැනීමට අවශ්‍ය කාර්යක්ෂම මෙවලම්, ක්‍රමවේද සහ තාක්ෂණ භාවිතාවන් හඳුන්වාදීම සිදුකළ අතර ඊට අමතරව ඉහළ දක්ෂතා පෙන්නුම් කළ විශිෂ්ටයන්ව ඇගයීම ද මෙහි දී සිදුවිය.

ජනශක්ති සමූහයේ නිර්මාතෘ විශ්‍රාමික සභාපති චන්ද්‍ර ශාෆ්ටර් මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ජනශක්ති ලයිෆ් ආයතනයේ කළමනාකරණ මඩුල්ල මෙන්ම MDRT (Million Dollar Round Table) කණ්ඩායමේ විශිෂ්ටයින් උත්සවය වර්ණ ගැන්වීමට සහභාගී විය.  

  ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මූලිකත්වය ගත් අත්දැකීම් සමුදායකින් සුසැදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වූ චන්ද්‍රා ශාෆ්ටර් මහතා දශක ගණනාවක් මුළුල්ලේ කාලයේ වෙනස්වීම්, විවිධ අභියෝග සහ ආර්ථීක ප්‍රවණතා හමුවේ සිය අරමුණ වෙත නොවෙනස්ව ළඟාවිය යුත්තේ කෙසේ ද? සහ තම වෘත්තීය ක්ෂේත්‍රයේ අද්විතීය තලයකට ළඟාවීම සිදුකළ යුත්තේ කෙසේද? යන්න පිළිඳව සිය ජීවිත අත්දැකීම් බෙදාගනිමින් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සහිත හරවත් දේශනයක් සිදු කළේය.

ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සපැමිණි, සීමාසහිත ලයන් බෲවරි (සිලෝන්) සමාගමේ ආයතනික සබඳතා – උප සභාපති කීර්ති කනහෙරආරච්චි මහතා ද සිය වෘත්තීය ජීවිතයෙන් උදාහරණ ගනිමින් එදිනෙදා වෘත්තීය අභියෝග ජයග්‍රහණය කිරීමට ධනාත්මක ප්‍රවේශයක ඇති වැදගත්කම පිළිබඳව වටිනා දේශනයක් පැවැත්වීය. අවසානයේ දී 2022 වසරේ සිය වෘත්තීය දැනුම, ආචාර ධාර්මික පැවැත්ම සහ සේවා දායකයන්ට ඉහළ සේවාවක් ලබාදීමෙන් ඉහළ වෘත්තීයභාවයක් පෙන්නුම් කළ MDRT විශිෂ්ටයන් 90 දෙනෙක් ඇගයීම සිදුකළේය.

 MDRT යනු ලෝකයේ ප්‍රමුඛතම රක්ෂණ ආයතන සහ මුල්‍ය වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් ගෝලීය සහ ස්වාධීන ආයතනයකි. රටවල් 72ක් පුරා ක්‍රියාත්මකවන ලොව ඉහළින්ම වැජඹෙන ආයතන 500ක පමණ සේවය කරන සාමාජිකයන් 66000කින් පමණ මෙම සංවිධානය ශක්තිමත් වී තිබේ. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සහ මුල්‍ය සේවා ව්‍යාපාරයේ පුද්ගල ප්‍රමිති සාධනීය සාධකයක් ලෙස MDRT සාමාජිකත්වය ලබාගැනීම ජාත්‍යන්තරව පිළිගනී.

සිය අලෙවි සේවා බලකායේ ජයග්‍රහණ පිළිබඳව මෙහි දී අදහස් දැක්වූ ජනශක්ති ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා,“උසස් රක්ෂණ නිපැයුම් පාරිභෝගිකයන්ට සමීප කිරීම හරහා අපේ අලෙවි සේවා කණ්ඩායමේ වෘත්තීය පිළිගැනීම සහ උසස් සේවාවක් ලබාදීම වෙනුවෙන් ඇති කැපවීම මනාව පිළිබිඹු වෙනවා. ඔවුන් ලබාගත් විශිෂ්ටත්වය වෙනුවෙන් මම මේ ජයග්‍රහකයන් සියලු දෙනාටම හදවතින්ම ප්‍රසංශා කරනවා.” එසේම මෙහි දී ඔහු ජනශක්ති ලයිෆ් විසින්, ‘Road to MDRT 2023’ සම්මාන සංකල්පය ආරම්භ කිරීම පිළිබඳව ද කරුණ කිහිපයක් ගෙන හැර දැක්වීය. සිය ආයතනයේ සේවකයන්ගේ වෘත්තීයභාවය සහ ආයතනික වෘත්තීය ක්‍රියාවලිය ගෝලීය සම්මතයන්ට ඉහළ නැංවීම වෙනුවෙන් ආයතනය කරන සුවිසල් ආයෝජන මෙයින් පිළිබිඹු වන බව ප්‍රකාශ කළේය.

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට නව්‍යතා හඳුන්වාදෙමින් එම ක්ෂේත්‍රයේ සීමාමායිම් පුළුල් කළ රක්ෂණ ආයතනයක් ලෙස ජනශක්ති රක්ෂණ ආයතනය හැඳින්විය හැක. සිය වසර 28ක ඉතිහාසය පුරා ඉතා විශිෂ්ට මුල්‍ය සේවා හඳුන්වාදුන් එම ආයතනය රටපුරා සෑම කෙනෙක්ම හොඳින් දන්නා හඳුනන ජනතාවට සමීප සන්නාමයකි. ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශ වල ශාඛා 75කට වැඩි ජාලයකින් සමන්විත ජනශක්ති ලයිෆ්, පාරිභෝගිකයන් වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයකින් සහ ඉහළ වෘත්තීය කාර්යසාධනයක් සහිත සේවා නියෝජිත පිරිසකගෙන් සන්නද්ධ වී සිටියි. “ජීවිත නගාසිටුවමින් ඔබේ සිහිනයන් බලගන්වන්නෙමු” යන තේමාව පෙරදැරි කොට ගෙන සිය වෘත්තීය සේවාවන් සපයන ජනශක්ති ආයතනය හුදු රක්ෂණයකට එහා ගිය විශිෂ්ට සේවාවක් සිය පාරිභෝගිකයන්ට සහ කොටස් හිමියන්ට ලබාදෙයි. සීමාසහිත ජනශක්ති රක්ෂණ සමාගම ජනශක්ති සමූහයේ සාමාජිකයෙකුවන අතර රක්ෂණ, මුල්‍ය සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිය මෙහෙයුම් පවත්වාගෙන යයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply