Transco Properties විසින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෘත්තිකයින් ශ්‍රී ලාංකීය දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට දායාද කිරීම ආරම්භ කරමින්, Pro Realtors Academy වෘත්තීය අධ්‍යාපනික වැඩසටහන පසුගියදා නිල වශයෙන් දියත් කරන ලදී. එම ක්ෂේත්‍රයේ ප්‍රථම සහ එකම වෘත්තීය අධ්‍යාපන වැඩසටහන වන Pro Realtors Academy මගින් ජාත්‍යන්තර මට්ටමේ දේපොළ වෙළෙඳාම් වෘත්තිකයන් බිහි කිරීම තුළින් මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රය නවතම වෙනසක් කරා රැගෙන යාමට සූදානම් වේ.

බොහෝ ප්‍රතිලාභ හිමි කරගත හැකි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි නිරත වීම තුළින් ඉතාමත් ඉක්මනින් තම මුල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගැනීමට වෘත්තිකයින්ට හැකි වේ. ඒ, ඒම ක්ෂේත්‍රය තුළ අසීමිත මුදල් ඉපයීමේ හැකියාවක් පවතින බැවිනි. අර්ධ කාලීන රැකියාවක් ලෙසින් වුවත් එක් විය හැකි තරමට ඉතාමත් නම්‍යශිලී මෙම ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරින් හැදෑරීම, වෘත්තිකයින්ගේ කුසලතා වර්ධනය කර ගනිමින් ඉහළම සාර්ථකත්වය ළඟාකර ගැනීමට ඉඩකඩ සලසයි. එපමණක් නොව, මෙම වෘත්තීය අධ්‍යාපන වැඩසටහන මගින්, ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු දැනුමක් වෘත්තිකයින්ට ලබාදෙන බැවින්, ඔවුන් උපයන ආදායමට අමතරව, දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමෙන්, සිය පෞද්ගලික ධනය වර්ධනය කරගැනීමටද අවස්ථාව උදා වේ.
PRO Realtors පාඨමාලාව, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැනුම වැඩි කරගැනීමට කැමති අය සඳහාම සකස් කරන ලද මාස 2 ක කෙටිකාලීන පාඨමාලාවකි. ක්ෂේත්‍රයට පිවිසීමට කැමත්තක් දක්වන අයට මෙන්ම, ක්‌ෂේත්‍රයේ ආධුනිකයින්ට, දේපොළ වෙළෙඳාම් නියෝජිතයන්ට, ආයෝජකයන්ට සහ දේපළ වෙළෙඳාම් සංවර්ධකයන් ඇතුළු ඕනෑම අයකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වී තම දැනුම වැඩිකර ගැනීමට හැකි වේ. සරල විෂය කරුණුවලින් ඇරඹෙන පාඨමාලව, ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු මාතෘකා හැදෑරීම දක්වා වෘත්තිකයින් යොමු කරන පාඨමාලවකි. එබැවින්, ආධුනිකයින්ට මෙන්ම ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයින්ටද ගැඹුරු විෂය කරුණු පිළිබඳ වැඩිදුර හැදෑරීමට ඉඩකඩ සලසන මෙම පාඨමාලාව, ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු පූර්ව අත්දැකීමක් නොමැති පුද්ගලයකුට වුවත් පහසුවෙන්ම පුළුල් අවබෝධයක් ලබාගත හැකි පරිදි සකස් කර තිබේ. එමෙන්ම, දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට අදාළ සියලු කරුණු අවාරණය වන පරිදි මෙම පාඨමාලවෙහි විෂය නිර්දේශය පෙළ ගස්වා තිබීමද විශේෂත්වයකි. ඒ අනුව, පාඨමාලාව හදාරන පිරිසට, නව ව්‍යාපාර පිහිටුවීම, ශ්‍රී ලාංකීය දේපොළ වෙළෙඳ පොළ, පළාත් පාලන ආයතන මගින් අනුමත කිරීම් සහ ලියකියවිලි, අලෙවිකරණය සහ විකුණුම්, නීතිමය පසුබිම, තක්සේරු කිරීම හා දේපොළ මූල්‍යකරණය ආදී වැදගත් කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකි වේ. එපමණක් නොව, දේපොළ සම්බන්ධ බැංකු ණය ක්‍රියාවලිය, ඉදිකිරීම් සහ ගොඩනැගිලි සම්බන්ධ මාර්ගෝපදේශ, දේපොළ ලබා ගැනීම සහ ලැයිස්තුගත කිරීම මෙන්ම, දේපොළ බද්ද ඇතුළුව අදාළ සියලුම මාතෘකා ආවරණය කෙරෙන මෙම පාඨමාලාව, පවත්වනු ලබන්නේද ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මෙහෙයවීමෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Transco Holdings හි ප්‍රධාන විධායක නිලධාරී චරිත පෙරේරා මෙලෙස සඳහන් කළේය. “Transco Holdings හි අපි, අනාගත මෙහෙයුම් කටයුතු වර්ධනය කිරීමේ හැකියාවෙන් යුතු ක්‌ෂේත්‍රයක් බවට මෙම ක්ෂේත්‍රය විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන නිසාම, මෙහි අභිවෘද්ධියට ඉවහල් වන නව්‍යකරණ ක්‍රමෝපායන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමානුකූලව දියුණු වීමත් සමඟම මේ වන විට මෙරට දේපොළ වෙළෙඳ පොළද ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතිනවා. ඒ නිසාම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වෘත්තිකයින් ක්ෂේත්‍රයට බිහි කිරීමට අපට හැකියාව පවතින බව බව සහතික කිරීම සඳහා නොබියව කටයුතු කිරිමට මෙය සුදුසුම කාලයයි. Pro Realtors Academy මගින් එම අරමුණ සාක්ෂාත් කරගැනීමට අපට නිසැක වශයෙන්ම හැකියාව සැලසෙනු ඇති බවට අපට විශ්වාසයි.”
Transco Properties හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අසීර් නවාස් සඳහන් කළේ “අපි Pro Realtors Academy ආරම්භ කළේ 2025 ජනවාරි මාසයේදීයි. ඉහළම ධනාත්මක ප්‍රතිචාර සමග, සිසුන් සිය ගණනක් දැනටමත් පාඨමාලවට ලියාපදිංචි වී සිටිනවා. අපගේ අරමුණ වන්නේ, වෘත්තීය අවංකභාවයෙන් යුක්ත පිරිසක් වගේම, නවෝත්පාදන හැකියාවෙන් සහ විශිෂ්ටත්වයෙන් පිරිපුන් ඉදිරි පරපුරක් ක්ෂේත්‍රයට බිහි කිරීමයි.” යනුවෙනි.
Transco Digital සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දිනෙත් සිල්වා සිය අදහස් පළ කළේ මෙසේයි. “ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමට හැකි වන පරිදි Pro Realtors Academy දේශන අන්තර්ජාලය හරහා පවත්වනු ලබනවා. මෙම පාඨමාලවට සහභාගි වන සිසුන්ට හොඳම ඉගෙනුම් අත්දැකීමක් සමග ඉහළම වටිනාකමක් හිමි වන පරිදි මෙම වැඩසටහනට නවතම ඩිජිටල් විශේෂාංග රැසක් එක්කර තිබෙනවා.”