ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ ‘English for Teens’ 2024/25 අදියරේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ඉංග්‍රීසි දින උත්සව මාලාව පසුගියදා දිවයිනේ පළාත් 5 ක් පුරා පැවැත්විණි. මෙය ඔවුන්ට ‘English for Teens’ තුළින් ලබාගත් දැනුම සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.

ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ප්‍රමුඛතම වැඩසටහනක් වන `English for Teens’ වැඩසටහන මට්ටම් දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. එහිදී රජයේ පාසල්වල වයස අවුරුදු 12 ත් 14 ත් අතර සිසු සිසුවියන්ට ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව මූලික දැනුමක් ලබාගැනීම සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව 700 කට අධික සංඛ්‍යාවක් පිරිනමනු ලබයි. මේ සඳහා අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් සිසුන් නම්කරනු ලබන අතර මූලික පරීක්ෂණයක් මගින් ඔවුන් තෝරාගනු ලැබේ. පළමු මට්ටමේ අධ්‍යයන කාලසීමාව අවසානයේදී පවත්වනු ලබන විභාග සහ ඉංග්‍රීසි දින උත්සව හරහා එම සිසු සිසුවියන්ගේ දක්ෂතා පරීක්ෂාවට ලක් වන අතර, විශිෂ්ටතම දක්ෂතා දක්වන සිසු සිසුවියන්ට දෙවන මට්ටමට පිවිසීමට අවස්ථාව හිමි වේ.
ඒකල ජී. බී. සේනානායක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති බටහිර සහ වයඹ පළාත්වල ඉංග්‍රීසි දින වැඩසටහනේදී අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය මෙසේ පැවසුවාය. “මේ සිසුන්ගේ දක්ෂතා සහ ඔවුන් තුළ ඇති උනන්දුව දැකගැනීමට ලැබීම අපට මහත් සතුටක්. මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණ වන්නේ, පසුගිය මාස කිහිපය තුළ මේ සිසුන් රැස්කරගත් දැනුම සහ කුසලතා ඔවුන් ප්‍රයෝගිකව භාවිතා කරන්නේ කෙසේද යන්නයි. ඉදිරියේදී උසස් අධ්‍යාපන කටයුතු සහ රැකියාවලින් නොනැවතී, රටේ සංවර්ධනයට අර්ථවත් ලෙස දායක විය හැකි ආකාරයට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කුසලතා අඛණ්ඩව වැඩිදියුණු කරගැනීම මෙම සිසුන්ට හැකි වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.”
ඉංග්‍රීසි දිනය යනු සිසු සිසුවියන්ට තම ඉංග්‍රීසි සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික දැනුම ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි. 2004 සිට මේ දක්වා මෙම ව්‍යාපෘතිය යටතේ ජෝන් කීල්ස් පදනම මගින් සිසු සිසුවියන් 21,500 කට අධික සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.
English for Teens 2024/25 පළමු මට්ටමේ සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි දින වැඩසටහන් නැගෙනහිර, දකුණු, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත්වල ජූලි මස අග සිට සැප්තැම්බර් මස මුල දක්වා පවත්වන ලද අතර, දෙවන මට්ටමේ සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි දින වැඩසටහන් 2025 ජුනි 26 වන දින මාර්ගගතව (Online) පවත්වන ලදි. මෙම වැඩසටහන්වලදී Power Point භාවිතයෙන් සිදුකරන ලද ඉදිරිපත් කිරීම් සහ වේදිකා නාට්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ සිසුහු තම දක්ෂතා ඉදිරිපත් කළහ. මෙම වැඩසටහන්වල සංවිධාන කටයුතු සහ විනිශ්චය කටයුතු සඳහා ජෝන් කීල්ස් සමූහයේ සාමාජික සාමාජිකාවන් 44 දෙනෙක් ස්වේච්ඡාවෙන් දායක වූහ.
“ග්‍රාමීය ප්‍රදේශවලට බෙහෙවින් අඩු අවධානයක් යොමු වන පසුබිමක් තුළ ජෝන් කීල්ස් පදනම මෙම ප්‍රදේශවල දරුවන් වෙනුවෙන් ඉටුකරන මෙහෙවර ප්‍රශංසනීයයි. මෙම වැඩසටහන හුදෙක් සහතිකයක් ලබාදීමේ අරමුණින් පමණක් පැවැත්වෙන්නක් නොවෙයි. මෙය දරුවන්ගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් සිදුකරන අරුත්බර ආයෝජනයක්.” මධ්‍යම පළාත නියෝජනය කරමින් මෙම වැඩසටහන්වලට සහභාගී වූ සිසුවෙකුගේ මවක පැවසුවාය.
ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ මීළඟ අදියර සඳහා සිසුන් බඳවාගැනීම 2025 සැප්තැම්බර් මාසයේදී රටේ සියලුම පළාත් ආවරණය බව පරිදි ප්‍රදේශ 18 කදී ආරම්භ වනු ඇත. තම පාසල් හරහා සිසුන්ට හා දෙමාපියන්ට මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකි වේ.මෙම ව්‍යාපෘතිය යටතේ ‘English for Teens’ වැඩසටහනට අමතරව විශ්ව විද්‍යාල සිසුන් සඳහා පුහුණු කඳවුරු සහ රැකියාවල නියුතු හා ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් සංවිධානය කරනු ලබයි.