ජෝන් කීල්ස් පදනම විසින් සංවිධානය කරනු ලබන ‘The Final Step’ මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් 2025 ජූලි 23 දින ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළේ අපේක්ෂාවන් අතර පවතින පරතරය අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී තිබේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට එම විශ්ව විද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් 310 කට අධික පිරිසක් සහභාගී වූහ. එහිදී පෞරුෂය හා ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම, පෙනුම යහපත් ලෙස පවත්වා ගැනීම, සමාජයීය ආචාරධර්ම පිළිපැදීම, ජීව දත්ත පත්‍රිකා සකස් කිරීම සහ සම්මුඛ සාකච්ඡාවලට මුහුණ දීම ඇතුළු මාතෘකා රැසක් ආවරණය කරන ලදි. වැඩසටහන මෙහෙයවන ලද්දේ ජෝන් කීල්ස් සමූහයේ ප්‍රවීණයන් පිරිසක් විසිනි.
මෙහිදී වර්තමාන ව්‍යාපාරික ලෝකයේ රැකියා සඳහා අවශ්‍ය වන මූලික සුදුසුකම් සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කරන ලදි. ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ගෝලීය සන්ධාන හා හවුල්කාරීත්වයන්) සහ ආයතනික කටයුතු ප්‍රධානී දිලීප් මුදාදෙණිය, Whittall Boustead Travel Limited හි ප්‍රධාන විධායක නිලධාරිනී නාලිකා අබේසූරිය, ජෝන් කීල්ස් සමූහයේ බැංකු රක්ෂණ අංශයේ සාමාන්‍යාධිකාරී විශාන්ත් විජේසිංහ සහ Cinnamon Bentota Beach හෝටලයේ ප්‍රධාන කළමනාකාරිනී ශ්‍රියංගනී ධනපාල යන මහත්ම මහත්මීහු ඒ සඳහා තම දායකත්වය ලබාදුන්හ. වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ දිලීප් මුදාදෙණිය මහතා විසිනි.
“ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය දැවැන්ත දියුණුවක් අත්කරගන්නා ලකුණු දැනටමත් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව යළිත් වරක් ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්තය බවට පත්වෙමින් තිබෙනවා. මෙය රටේ සංස්කෘතික හා ස්වභාවික උරුමයන් තුළින් පන්නරය ලබන Cinnamon Life City of Dreams වැනි ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාවට නැංවෙමින් තිබෙන මොහොතක්. මේ සියල්ල ඔස්සේ, සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට අවස්ථා රාශියක් උදා වී තිබෙනවා. එම අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඔවුන් කටයුතු කළ යුතුයි.” දිලීප් මුදාදෙණිය මහතා පැවසීය.
“තැනට සුදුසු පරිදි ඇඳුම් ඇඳීම, පෙනුම පවත්වා ගැනීම සහ ආත්ම විශ්වාසයෙන් යුතුව සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීම ඇතුළු වැදගත් කරුණු රැසක් මේ වැඩසටහන තුළින් අප ඉගෙනගත්තා. මේවා දේශන තුළින් ඉගෙනගත හැකි දේවල් නෙවෙයි. මේ ප්‍රවීණයන් පිරිස අපත් සමග මුළු දවසම ගත කළා. මේ වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් අප ජෝන් කීල්ස් පදනමටත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයටත් ස්තූතිවන්ත වෙනවා.” ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සංචාරක අධ්‍යයන අංශයේ 3 වන වසරේ ඉගෙනුම ලබන සත්සර සේනානායක පැවසීය.
මේ වන විට විශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති ‘Final Step’ මෘදු කුසලතා සංවර්ධන වැඩසටහන මුලින්ම ආරම්භ වූයේ 2006 වසරේදී ය. මේ දක්වා අදියර 23 ක් යටතේ මෙරට විශ්වවිද්‍යාල 13 ක ‘Final Step’ වැඩසටහන් පවත්වා තිබෙනවා. මෙය අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහය දක්වන දීර්ඝකාලීන උනන්දුවෙහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ වැඩසටහනකි. මෙරට තරුණ පරපුරේ මෘදු කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කරමින්, ඔවුන්ට අනාගතයේදී රැකියා සොයා ගැනීමට සහ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය මූලික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී තිබේ.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.