ජෝන් කීල්ස් පදනම විසින් සංවිධානය කරන ලද ‘Volunteer Recognition Day 2025’ පසුගිය අගෝස්තු 13 වන දින සමූහාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 2011 දී ආරම්භ වූ මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ජෝන් කීල්ස් පදනම මගින් අධ්‍යාපනය, ප්‍රජාව හා ජීවනෝපායන්, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ මූලික කරගනිමින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාරයන්ට ස්වේච්ඡාවෙන් දායක වන, ජෝන් කීල්ස් සමූහයේ කාර්ය මණ්ඩලයට ඇගයීමට ලක්කිරීමය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ පසුගිය වසර 30 ක කාලය තුළ ජෝන් කීල්ස් පදනමේ ප්‍රජා සත්කාර කටයුතු මෙතරම් සාර්ථක කරගැනීමට හැකි වූයේ සමූහයේ කාර්ය මණ්ඩලයේ දායකත්වය නිසා බවයි. ‘කලා පොළ’ සහ ‘Cinnamon Rainforest Restoration’ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. මෙබඳු මෙහෙවර සඳහා ස්වේච්ඡාවෙන් දායක වීම පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට යහපත් ලෙස බලපාන බව පෙන්වා දුන් ඔහු, තම අත්දැකීම් තම වෘත්තීය සගයන් සමගද බෙදාහදා ගනිමින් ඔවුන්ද ඒ සඳහා දිරිගන්වන මෙන් උත්සවයට සහභාගී වූවන්ගෙන් ඉල්ලා සිටියේය.
සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන ජෝන් කීල්ස් පදනම මේ වනවිට දීර්ඝකාලීන ව්‍යාපෘති 20 කට වැඩි ප්‍රමාණයක් සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇති බවයි. 2024/25 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘති මගින් ආවරණය වූ පුද්ගලයන් ගණන 1,837,676 කි. සමූහයේ සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම මෙන්ම බාහිර පාර්ශ්වයන්ගේ සහයෝගය නිසා මෙම ව්‍යාපෘති සාර්ථක කරගැනීමට හැකි වී තිබේ. මෙම ව්‍යාපෘතිවලට නන් අයුරින් දායක වන ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන්, ක්ෂේත්‍ර කණ්ඩායම්, පුහුණුකරුවන්, නීති, මූල්‍ය හා තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, පරිපාලන සහය කණ්ඩායම් සහ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන කළමනාකරණ පුහුණුව ලබන්නන් ඇතුළු සියලුම දෙනාට තමන් ස්තූතිවන්ත වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
2024/25 කාලසීමාව තුළ ජෝන් කීල්ස් කාර්ය මණ්ඩලයේ සමස්ත ස්වේච්ඡා සමාජ සත්කාරමය දායකත්වය පැය 4,891 ක් විය. මෙම කාලසීමාව තුළ ජෝන් කීල්ස් පදනම විසින් විවිධ පාර්ශව සමග අත්වැල් බැඳගෙන මහා පරිමාණ සමාජ සත්කාරමය වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නංවන ලද අතර ඒ අතරින් කලා පොළ, Cinnamon Rainforest Restoration ව්‍යාපෘතිය සහ වෙරළ හා කලපු පිරිසිදු කිරීමේ වැඩසටහන් ආදිය ප්‍රධාන තැනක් ගනී. කලා පොළ වැඩසටහනට පෙර වසරේදී දායක වූ පිරිස මෙන් දෙගුණයක පිරිසක් මෙවර ස්වේච්ඡාවෙන් දායක වීම විශේෂත්වයක් විය. මීට අමතරව ස්වේච්ඡා සම්පත් දායකත්වය සහිතව ක්‍රියාවට නැංවුණු වැඩසටහන් අතරට ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා ළමා අපයෝජන පිටුදැකීමේ වැඩසටහන්, මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සහ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පවත්වන ලද තරගවල විනිශ්චය කටයුතු ආදිය ද ඇතුළත් විය.
‘Volunteer Recognition Day 2025’ හිදී රන්, රිදී සහ ලෝකඩ යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමිණි. ඊට අමතරව ජා-ඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති බිම්මල් වගා ව්‍යාපෘතිය වෙනුවෙන් Keells Food Products කණ්ඩායමටද, රණාල ප්‍රදේශයේ කාන්තාවන් වෙනුවෙන් පැවැත්වූ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් වෙනුවෙන් සමූහයේ මූල්‍ය අංශයටද, Project WAVE (Working Against Violence Through Education) පුහුණුකරුවන් ලෙස ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයන්ටද විශිෂ්ට දායකත්ව සම්මාන පිරිනමන ලදි.
තවද ජෝන් කීල්ස් පදනම සමග දීර්ඝකාලීන හවුල්කාරීත්වයන් පවත්වාගෙන යන පාර්ශව දෙකකට විශේෂ සම්මාන දෙකක් හිමි විය. ඒ අතරින් පළමු සම්මානය, රටේ ප්‍රථම ග්‍රාමීය BPO ව්‍යාපෘතිය සඳහා දායක වූ Infomate වෙත හිමි වූ අතර, අනෙක් සම්මානය මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා කාර්ය සම්පාදන කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධි වැඩසටහනට පසුගිය වසර 19 තුළ ලබා දුන් දායකත්වය වෙනුවෙන් සමූහයේ ප්‍රවාහන අංශය වෙත හිමි විය.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.