COVID-19 සහ ආර්ථික අර්බුදයේ බලපෑම වැනි හේතු නිසා යොවුන් පරපුරට දැඩි මානසික පීඩාවන්ට මුහුණ දීමට සිදු වී තිබේ. මීට පිළියමක් වශයෙන් ජෝන් කීල්ස් පදනම ChildFund Sri Lanka සමග එක්වී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සහ කොළඹ මහනගර සභාවේ දායකත්වයද සමගින් කොළඹ 02 ප්‍රදේශයේ දරුදැරියන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සෞන්දර්ය වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු කළේ ය.
2021 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මාස 9 ක කාලයක් තුළ චිත්‍ර, රංග කලාව, සංගීතය සහ නර්තනය යන විෂයන් සම්බන්ධ වැඩමුළු 48 ක් පවත්වන ලදි. දෘශ්‍ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළු මාලාවට වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණියන් 70 දෙනෙක් (ගැහැනු 43 ක් සහ පිරිමි 27 ක්) සහභාගී වූහ. මෙම වැඩමුළු අවසානයේ, වෑකන්ද ජුම්මා මස්ජිද් පල්ලිය පාරේ ජෝන් කීල්ස් පදනම විසින් කොළඹ මහනගර සභාව සමග එක්ව මීට පෙර ඉදිරිකරන ලද ද මෙල් උද්‍යාන ප්‍රජා ශාලාවේදී ‘Coloring Their Dreams’ නමින් ප්‍රදර්ශනයක්ද පවත්වන ලදි.
“මුලින් මම සම්බන්ධ වුණේ නර්තන වැඩමුළුවලට පමණයි. ඒත් මේ වැඩමුළු හරිම විනෝදාත්මක අත්දැකීමක් වූ නිසා මම සංගීත සහ නර්තන වැඩමුළු වලටත් සම්බන්ධ වුණා. මට මේ ආකාරයට ගීත ගායනා කිරීමට හෝ සංගීත භාණ්ඩ වාදනය ඉගෙනගැනීමට හැකියාවක් තිබෙන බව මා දැන සිටියේ නැහැ. දැන් මට ඕනෑම තැනක විශ්වාසයෙන් යුතුව මගේ සංගීත හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට පුළුවන්.” පහළොස් හැවිරිදි ෆාතිමා හක්මා පැවසුවා ය.
ජෝන් කීල්ස් පදනම විසින් කළමනාකරණය කරනු ලබන ජෝන් කීල්ස් සමූහයේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ මගින් මෙම වැඩමුළු මාලාව සංවිධානය කරන ලදි. විවිධ පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගෙන, හඳුනාගත් ප්‍රජා සංවර්ධන ගැටලු වලට පිළියම් සෙවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
අධ්‍යාපනය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ හය අතරින් එක් අංශයකි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි පරිපාලිත සමාගමක් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 16 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.