ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි!

Share with your friend

ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් සැවොම විමසිල්ලෙන් යුතුව බලා සිටින අර්ධ නාගරික නිවාස ව්‍යාපෘතිය වන VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි. ව්‍යාපෘතියට අදාළ අක්කර හයක භූමි භාගයෙන් 60% ක් පමණම විවෘතව සහ පරිසරය සමග ඒකාත්මිකව තැබීම මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය පරිසරය හා බැඳුණු නවීන ජීවන විලාසිතාවක් එහි පදිංචිකරුවන් වෙත පිරි නැමීමට සූදානමින් සිටියි.

3 වැනි අදියර සඳහා කාමර දෙකකින් සහ තුනකින් සමන්විත වන ලෙස තැනූ නිවාස ඇතුළත් නව නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදිකිරීමට නියමිත අතර, එහි ජීවත් වන්නන් හට සංකීර්ණයේ මධ්‍යම උද්‍යානය මෙන්ම සුන්දර ජා ඇල නගරයේ අපූර්වත්වය විඳ ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. ජෝන් කීල්ස් ප්‍රොපටීස් à·„à·’ වඩාත් සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස නම් ලබා ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් à·„à·’ අංශ ප්‍රධානි සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති වන ඉනෝක පෙරේරා මහතා පවසා සිටියේ.  

අප VIMAN Ja-Ela ව්‍යාපෘතියේ අදියර 1 හා 2 à·„à·’ සාර්ථකත්වය පිළිබඳව ඉතා සතුටට පත් වන්නෙමු. අප මෙම ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන්නේත් එම සතුටම පෙරදැරි කරගෙනයි. 2024 අගෝස්තු මස බිම සකසා අවසන් කොට මාස හයකට පසු මෙලෙස 3 වැනි අදියර ආරම්භ කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වන්නෙමු. ජා ඇල නගරයේ හදවතෙහි පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට සාමකාමී උසස් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන අතර කොළඹ නගරය වෙත ඉක්මනින් ගමන් කිරීමට ඇති හැකියාව මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය වෙළඳපළ තුළ අති විශාල ඉල්ලුමක් ඇති කර තිබේ. එම නිසා මෙම ව්‍යාපෘතිය, හොඳ ආයෝජන අවස්ථාවක් ලෙස ජනතාව අතරට ගොස් ඇත. අපගේ අරමුණ අර්ධ නාගරික ජීවන විලාසිතාව ඊළඟ පියවරට ගෙන යෑම වේ.”

මේ වන විටත් VIMAN ජා ඇල ව්‍යාපෘතියේ 3 වැනි අදියර වෙන් කරවා ගැනීම් සඳහා විවෘත කර ඇත. මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් හට කොළඹ පිහිටි ආකෘති නිවාසය වෙත ගොස් පරීක්ෂා කර බලා, එහි සිටින කණ්ඩායමේ සහයත් සමග තම මිලදී ගැනීම සිදු කිරීමට හැකි ය. ඔවුන් ඔබට අවශ්‍ය සියලු සහයක්ම ලබා දී, ඔබව එම ක්‍රියාවලිය ඔස්සේ රැගෙන යනු ඇත.


ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි VIMAN

ජෝන් කීල්ස් ප්‍රොපටීස් à·„à·’ ‘නව ලොවක් ගොඩ නැංවීම” යන සංකල්පය පදනම් කර ගෙන බිහි වූ VIMAN Ja-Ela යනු අක්කර හයක භූමි භාගයක් පුරා පැතිරුණු, ඉන් 60% ක පමණ ප්‍රමාණයක් විවෘත සහ පරිසරය සමග සම්බන්ධිත අවකාශයක් ලෙස නිර්මාණය කෙරුණු, හොඳින් සැලසුම් කළ නිවාස 418 කින් සමන්විත සුවිසල් ව්‍යාපෘතියකි. ජා ඇල නගර මධ්‍යයේ උසස්ම ස්ථානයක පිහිටා තිබෙන VIMAN සංකීර්ණයේ සිට කොළඹ වරාය නගර අධිවේගී මාර්ගයට ඉක්මනින් ළඟා වීමට ඇති හැකියාව නිසා, විනාඩි 30 ක පමණ කාලයකින් එහි සිට කොළඹ නගරය වෙත ළඟා විය හැකිය. හරිත පැහැයෙන් වටවන ලෙස නිර්මාණය කෙරුණු මෙම සංකීර්ණය තුළ භාවනා මධ්‍යස්ථාන, ළමයින් සඳහා ක්‍රීඩා ස්ථානයක්, එළිමහන් ක්‍රීඩා පිටියක් සහ බයිසිකල්/ඇවිදින මං තීරුවක් ආදී වශයෙන් විවිධ විශේෂ ස්ථාන 10 ක් මෙහි පිහිටා ඇත. VIMAN ජා ඇල යනු ජීවත් වීම සඳහා උසස්ම තත්ත්වයේ ස්ථානයක් බව සහතික කළ හැකිය.


Share with your friend