ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (John Keells Properties) විසින් සංවිධානය කරන ලද VIMAN Street Cricket Cup 2025 සාර්ථකව අවසන් වීමත් සමඟ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට නව යුගයක් උදා වේ.

Share with your friend

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (John Keells Properties) විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුරාවෘත්තයක් වන චමරි අතපත්තු සමඟ සහයෝගීත්වයෙන් ආරම්භ කරන ලද VIMAN Street Cricket Cup 2025, පෙබරවාරි මස 02 වන දින කටුනායක BOI ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථක අයුරින් අවසන් විය. බිම් මට්ටමේ පවතින කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දිරිමත් කිරීම සහ ගොඩනැගීම උදෙසා පවත්වන ලද මෙම තරඟාවලිය, ශ්‍රී ලංකාව තුල නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හට  අවස්ථාව නිර්මාණය කරමින් ඔවුන්ගේ දක්ෂතා හදුනාගෙන ඒවා වර්ධනය කිරීම උදෙසා මෙය මහගු අවස්ථාවක් විය. විවිධ සමාජ පසුබිම් නියෝජනය කෙරෙන යොවුන් ක්‍රීඩිකාවන් ඒකරාශී කරගනිමින්, පාසල් ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම, උසස් මට්ටමේ තරඟ කිරීමේ හැකියාවන් ගොඩනැගීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ විභව්‍ය අනාගතයක් කරා ඔවුන්ගේ පළමු පියවර තැබීම උදෙසා මෙම අවස්ථාව වටිනා තෝතැන්නක් ලෙස ක්‍රියාත්මක විය. 

මෙම අවස්ථාව සදහා තරගාවලියට සහභාගි වන ලද පාසල් වල සිසුන්,ගුරුවරුන්, දෙමව්පියන් ඇතුලු ගම්පහ ප්‍රදේශයේ ජනතාවගෙන් සමන්විත විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගි වන ලදි. වයස අවුරුදු 16න් පහළ සහ වයස අවුරුදු 19න් පහළ තරඟ කාණ්ඩ ද්විත්වයක් යටතේ පිළිමළුන් පිටුදැකීමේ පදනම මත මෙම තරගාවලිය පැවැත්විණි. එහිදී වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාවය කොලඹ දේවි බාලිකා විද්‍යාලය විසින් හිමි කරගත් අතර එම වයස් කාණ්ඩයේ අනුශුරතාවය හිමිකරගත්තේ මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයයි. එසේම වයස අවුරුදු 19න් පහල කාණ්ඩයේ ශූරතාවය නුගේගොඩ අනුලා විද්‍යාලය විසින් හිමි කරගත් අතර එම කාණ්ඩයේ අනුශූරතාවය දිනාගනු ලැබුවේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයි.

මෙම තරගාවලිය සදහා වූ උද්‍යෝගිමත් සහභාගිත්වය හා ක්‍රීඩා විලාශය, ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සංවර්ධනය උදෙසා සුබවාදී ආකල්පයක් පෙන්නුම් කල අතර, යොවුන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමෙහි ලා VIMAN Street Cricket Cup වැනි තරඟ සංවිධානය කිරීමෙහි වැදගත්කම යළි යළිත් සනාථ කළේය. තරඟාවලිය ආරම්භ කිරීමෙහි ලා අමිල මෙහෙයක් ඉටු කළ චමරි අතපත්තු, මෙම අවස්ථාවට සහභාගී වූ අතර තරඟාවලියේ දී සුවිශේෂී දස්කම් දැක්වූ ශිෂ්‍යාවන්හට පෞද්ගලිකව විශේෂ සම්මාන ද ප්‍රදානය කළාය. වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන ලැබුවේ සෙව්මිණි අධිකාරි වන අතර වයස අවුරුදු 19න් පහල කාණ්ඩයේ තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන ලැබුවේ යෙසලි ජිතාර විසින් ය. එසේම වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ අවසන් තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබුවේ යෙසලි ජිතාරා ය. වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ අවසන් තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබුවේ සෙව්මිණී අධිකාරි විසින් ය. වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ දක්ෂතම පිතිකාරිනිය ලෙස සම්මාන ලැබුවේ හසිනි විජේසිංහ වන අතර වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ එම සම්මානය හිමිකරගන්නා ලද්දේ  සෙව්මිණි අධිකාරි විසින් ය.

එමෙන්ම වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස හිරුශි ඕෂධී විසින් සම්මාන ලැබූ අතර අවුරුදු 19න් පහළ කාණ්ඩයේ එම සම්මානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උමායා රත්නායක විසින් හිමි කරගන්නා ලදි.

මෙලෙස සිදු කෙරුණු ඇගයීම් මඟින් තරඟාවලිය පුරා දස්කම් දැක්වූ පාසල් ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා විශිෂ්ටත්වය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වූ කැමැත්ත යන ද්විත්වයම පිළිබිඹු කෙරිණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාසල් නවයක් තරඟාවලියට සහභාගී වූහ. සහභාගී වූ කණ්ඩායම් අතරට මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, මීගමුව ආවේ මරියා කන්‍යාරාමය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගම්පහ; බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලය සහ ගම්පහ රන්පොකුණගම මහා විද්‍යාලය අයත් විය.

ජෝන් කීල්ස් ප්‍රොපටීස්හි විකුණුම් හා අලෙවිකරණ ප්‍රධානි, ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති නදීම් ශම්ස් මහත්මා තරඟාවලියේ සාර්ථකත්වය පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවේය. “ක්‍රීඩාව තුළ යොවුන් කාන්තාවන් සවිබල ගැන්වීම පිණිස වාර්ෂිකව අප විසින් ගනු ලබන පියවර අගයමින් 2025 VIMAN Street Cricket Cup අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. John Keells Properties වන අපි, ජනතාවගේ ජීවිත වැඩි දියුණු කරන, ප්‍රජාවන් අභිප්‍රේරණය කරන සහ ධනාත්මක දිගුකාලීන බලපෑමක් ඇති කරන අවස්ථා ගොඩනැගීමට නිරන්තරයෙන් කැප වී සිටිමු. චමරිගේ අභිප්‍රේරණ ශක්තිය සහ දැක්ම ඔස්සේ ආභාෂය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා මෙම තරඟාවලිය සමඟින්, අපි තීරණාත්මක පියවරක් ගෙන ඇත්තෙමු.”

යොවුන් ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණ පිළිබඳ සතුටට පත් චමරි අතපත්තු මෙලෙස සිය අදහස් දැක්වූවාය.

“මේ යොවුන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් විසින් ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා සහ ඔවුන්ගේ ඇල්ම සියැසින් දැක ගැනීමට ලැබීම මහත් සතුටකි. මෙම තරඟාවලිය, මීළඟ පරම්පරාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් උදෙසා විශ්වාසයෙන් සහ බලාපොරොත්තු සහගතව ක්‍රීඩාවේ ඉදිරියට යාමට මංපෙත් නිර්මාණය කරයි. 

මෙතරම් ජවයකින් හා අධිෂ්ඨානයකින් යුතුව ක්‍රීඩා පිටියට පිවිසෙන බොහෝ ගැහැණු දරුවන් දැකීමට ලැබීම සැබවින්ම ආශ්වාදජනකයි. ඇත්ත වශයෙන්ම, මෙම කර්තව්‍යයෙහි කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම අතිශයින් ආඩම්බර වන අතර, යොවුන් තරුණියන්ට ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිහින හඹා යාමට අවස්ථාව උදාවන අනාගතයක් ගොඩනැගීම උදෙසා අඛණ්ඩව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.”

Viman Street Cricket Cup සමඟින් බොහෝ සන්නාම අත්වැල් බැඳගත් අතර, The Cricket Shop, Emerald International, Union Bank of Colombo, Hatton National Bank, HammerBTL, ​Elephant House Ice Cream and Beverages, Keells Crest, Fonterra, Perera and Sons සහ Super PVC by Phoenix, මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම උදෙසා ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස සහාය දැක්වීමට ඉදිරිපත් වූහ.

Viman Street Cricket Cup 2025 අතිසාර්ථකව අවසන් වීමත් සමඟ, මෙම තරඟාවලිය ශ්‍රී ලාංකික කාන්තාවන්ට පිටියේදී සහ ඉන් පිටත ඔවුන්ගේ සිහින හඹා යාම උදෙසා දිරිගැන්වීමට උපකාරී වන වාර්ෂික උළෙලක් බවට පත් කිරීමට නියමිතය.

John Keells Properties මඟින් ඉදිවන VIMAN

භූමි ප්‍රමාණයෙන් 65%ක් හරිත පැහැ වගාවන් සහ විවෘත අවකාශයන් සඳහා වෙන් කොට ඇති, අක්කර හයක භූමි ප්‍රමාණයක නවීන තදාසන්න ජීවන රටාව, Viman යළි අර්ථකතනය කරයි. ජා-ඇල නගර මධ්‍යයේ පිහිටා ඇති VIMAN හි ඉතා සැලසුම්සහගතව නිර්මාණය කරන ලද මහල් නිවාස 418 ක් සහ සුඛෝපභෝගී පහසුකම් 15කට වඩා සපයා ඇති අතර, පවුල් සඳහා උපරිම සුවපහසුවෙන් යුතු සන්සුන් වටපිටාවක් ද නිර්මාණය කොට ඇත. එහි සුවිශේෂී පිහිටීම, කොළඹ වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගයට පහසු ප්‍රවේශ වීමක් සපයන අතරම, ජා-ඇල සහ කොළඹ අතර මිනිත්තු 30ක බාධාවකින් තොර ගමනකට පහසුකම් සලසයි.

“නව ලෝකයන් නිර්මාණය කිරීමේ”දැක්මක් සහිතව, John Keells Properties විසින් ප්‍රජාව, තිරසාරභාවය සහ නවීන ජීවන රටාව ඒකාබද්ධ කරන පරිවර්තනීය ව්‍යාපෘති අඛණ්ඩව මෙහෙයවනු ලබයි.


Share with your friend