ටී-ප්‍රින්ට් (පුද්.) සමාගමට  Great Place to Work® ඇගයීම හිමි වෙයි

Share with your friend

ඊස්වරන් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ටී-ප්‍රින්ට් (පුද්.) සමාගම, විශ්වාසය, සහයෝගීතාවය සහ සේවක යහපැවැත්ම මත ගොඩනඟා ඇති සේවා ස්ථාන සංස්කෘතීන් සමරන සහ ගෝලීය වශයෙන් පිළිගත් ගෞරවයක් වන  Great Place to Work®හෙවත්, ‘රැකියා කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක්’ බවට නිල වශයෙන් සහතික කර තිබේ.

Great Place to Work®විසින් පිරිනමනු ලබන මෙම සහතිකය, ආයතනය පිළිබඳව සේවකයන්ගේ සෘජු අදහස් සහ ප්‍රතිචාර මත පදනම් වන අතර, එය ධනාත්මක, සහ ඉහළ කාර්යසාධනයක් සහිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ටී-ප්‍රින්ට් සමාගමේ කාර්ය මණ්ඩලයෙ හි කැපවීම පිළිබිඹු කරයි.

”‍මේ උද්යෝගිමත් කණ්ඩායමේ කොටසක් වන්නට ලැබීම සැබවින්ම විශිෂ්ට අත්දැකීමක්. මෙම ආයතනය මගින් සේවකයන් වෙනුවෙන් සකසා දී තිබෙන කාර්යාල පරිසරය අපගේ වෘත්තීය ජීවිතයේදී දැඩි ආශාවකින් වැඩ කිරීමටත් වෘත්තීය ගමන් මඟේ තව තවත් ඉහළට යෑමටත් අපව දිරිමත් කරන හොඳම තෝතැන්නක්.”‍ ටී-ප්‍රින්ට් සමාගමේ සේවකයකු පැවසීය.

ඊස්වරන් සමූහයේ මානව සම්පත් සහ නීති අංශ ප්‍රධානී නිමාලි සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, “ටී-ප්‍රින්ට් හි, වටිනාම වත්කම වන්නේ අපගේ සේවක මණ්ඩලය යි. අපගේ කාර්යාල සංස්කෘතිය, ආයතනය පිළිබඳ සේවකයන් තුල වූ විශ්වාසය, සැලකිලිමත් සහගත බව සහ සමාගමේ පොදු අරමුණු මත ගොඩනැඟී තිබෙන්නක්. නවෝත්පාදන උදෙසා සේවකයින් දිරිමත් කිරීම, සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට අවස්ථාව ලබා දෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට අප සෑම දිනකම උත්සාහ කරනවා. සතුටින් සිටින සේවකයින් සැබවින්ම විශිෂ්ට සේවා ස්ථානයක් නිර්මාණය කරන බව අප මේ ජයග්‍රහණයෙන්  ඔප්පු කර තිබෙනවා.”

Great Place to Work®වෙතින් ඇගයිමට ලක්වීම, සමස්ත සංවිධානයට ම ආඩම්බරයක්. මෙම ජයග්‍රහණයෙන් අපගේ මෙහෙයුම් සහ සේවක කණ්ඩායමේ ශක්තිමත් වටිනාකම් පද්ධතිය පිළිබිඹු කෙරෙනවා. කුසලතා, සාධාරණත්වය සහ එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය මුල් කරගත් සංස්කෘතියක් ආයතනය තුල ඇති කිරීම වෙනුවෙන් ගන්නා වූ අපිරිමිත උත්සාහයට අපගේ මානව සම්පත් කණ්ඩායමට මා ස්තුතිවන්ත වනවා- අපගේ විශිෂ්ටත්වයේ ප්‍රමිතීන් ඉදිරියට ගෙන යමින් ආයතනයක් ලෙස තවදුරටත් වර්ධනය වීමට අප බලාපොරොත්තු වනවා.”‍

Great Place to Work®සහතිකය මඟින්, සේවකයින් අගය කරන, ගරු කරන සහ විශිෂ්ටත්වයට පත් කිරීමට පෙළඹෙන සමෘද්ධිමත් සේවා ස්ථානයක් ගොඩනැඟීම සඳහා ටී-ප්‍රින්ට් හි කළමනාකාරිත්වයේ කැපවීම අවධාරණය කෙරේ. මෙම සන්ධිස්ථානය සමාගමේ සේවකයන්ගේ සුරක්ෂිත ප්‍රවේශය තහවුරු කරනවා පමණක් නොව, ලොව පුරා සිටින සේවාදායකයින් සඳහා විශ්වාසදායක හවුල්කරුවකු ලෙස ආයතනය හා එක්වීම තවදුරටත් තහවුරු කරයි.


Share with your friend