මාතෘත්වය, මෙලොව කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි. විවිධ අභියෝග හමුවේ නොසැලෙමින් සිය පවුලට ආදරය, රැකවරණය නිරන්තරයෙන් සැලසීමට කැපවන ඇයගේ භූමිකාව වෙනත් කිසිවකට සම කළ නොහැකිය. වත්මන් ජීවන රටාවත් සමඟ මවකගේ කාර්යභාරයන් වඩාත් පුලුල් වී ඇති අතර සාම්ප්‍රදායික මවකගේ භූමිකාව බොහෝදුරට වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. උදා වී ඇති ඩිජිටල් යුගයේ මවක් යනු ඩිජිටල් දැනුම සමඟින් අලුතින් හිතන්නට, සබඳතා ගොඩනගා ගන්නට කටයුතු කරන්නියකි. Sanduni Piyarathna එවන් මවකි. TikTok හරහා මවක් ලෙස තමන්ගේ අත්දැකීම් වීඩියෝ මඟින් බෙදා හදා ගනිමින් සමාජය වෙත හරවත් පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන ඇය සිය වීඩියෝ තුලින් මවකගේ කාර්යභාරය හා වගකීම පිළිබඳ ගැඹුරින් මතක් කර දීමට කටයුතු කරයි.


එහිදී ඇය තමන් ලබන අත්දැකීම් අවංකව හා නිර්ව්‍යාජ අයුරින් අනෙකුත් පරිශීලකයින් සමඟ බෙදා හදා ගැනීමට කටයුතු කරන්නේ ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් ලබා දීමේ අරමුණෙනි.
අතෙකින් දුරකතනයද අතෙකින් දරුවාද සමඟින් ආ TikTok ගමන
“මම මගේ දරුවා එක් අතකින් වඩා ගනිමින් අනෙක් අතේ ජංගම දුරකතනය තබා ගෙන එදිනෙදා මම මුහුණ දුන් පුංචි සිදුවීම් වීඩියෝ ගත කළා. ඒ වීඩියෝ ඒ අයුරින්ම TikTok වෙත එක් කළා. ඒ වීඩියෝ තවත් මව්වරුන් සමඟ බෙදා හදා ගත්තා.
සඳුනි එසේ බෙදාගත් වීඩියෝ බොහෝ මව්වරුන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ ඒ බොහෝ දේ තුලින් ඔවුන්ගේ ජීවිතයටද යමක් එකතු කර ගැනීමට හැකි වූ නිසාය. මේ තුලින් තමන්ගේ කාර්ය බහුල, විඩාබර ජීවිතයට යම් සැනසීමක් ලබා ගැනීමටද සඳුනිට හැකි වූ අතර තවත් බොහෝ මව්වරුන් පිරිසක් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට හැකි වීමද ඇය ලද සුවිසල් ප්‍රතිලාභයක් විය.
මාතෘත්වයේ යථාර්තය
“මාතෘත්වය කියන්නේ හැම දෙනාටම ලබන්න බැරි ඉතාමත් විරල අවස්ථාවක්. ඇත්තටම ඒක විශ්මයජනක අත්දැකීමක්. නමුත් මවක් වූ පමණින් ඔබ කවුරුන් දැයි යන වග අමතක කළ යුතු නැහැ. කාන්තාවක් විදියට ඔබගේ රුචි අරුචිකම්, ඇඳුම් පැලඳුම් වගේ දේවල් පිළිබදව සිතිය යුතුයි. ඔබේ සුන්දරත්වය ගැන සිතිය යුතුයි.” සඳුනි පවසයි.


පුංචි දරුවා සමඟ සිටින සුවිශේෂී අවස්ථාවන් පමණක් නොව රාත්‍රියේ තුරුලට ගෙන නිදා ගන්නා අවස්ථාවන් පවා ඇයගේ වීඩියෝවලට ඇතුළත් කිරීමට ඇය කටයුතු කර ඇත්තේ මවක් ලෙස දවාලේදී මෙන්ම රැයෙහිද දරුවා වෙනුවෙන් කැප විය යුතු බව විදහා දක්වමිනි.
ඩිජිටල් ලෝකය තුළ සමබරතාව හා ආරක්ෂාව සමඟින් දරුවන්ගේ වර්ධනය
සඳුනි සමාජ මාධ්‍ය හා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයට දක්වන උනන්දුව නිසාම දරුවන්ටද ඒ අත්දැකීම නොඅඩුව ලැබීම වැළැක්විය නොහැකිය. එහෙත් ඇය සෑම විටම ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තුළ දරුවන්ගේ ආරක්ෂාව හා වර්ධනය පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන්ට එම පුරුදු ඇති කිරීමට කටයුතු කරයි. “ දරුවන් සමාජ මාධ්‍ය හෝ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය නැතිය නොහැකියි. නමුත් ඔවුන් ඒවා පරිශලීනය කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ මඟ පෙන්වීම ඉතාමත් වැදගත් වනවා” ඇය පවසයි.
විශේෂයෙන් දරුවා ජංගම දුරකතනයේ රැඳී සිටින කාලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ඇය තමන් සමාජ මාධ්‍ය තුළ බෙදා හදා ගන්නා වීඩියෝ අන්තර්ගතයන්හි ස්වභාවය පිළිබඳවද සැලකිලිමත් වේ. එහිදී දරුවන්ට ගැලපෙන හා හානියක් නොමැති වීඩියෝ අන්තර්ගතයන් සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට ඇය කටයුතු කරන්නේ එහෙයිනි.
ඒ වගේම අන් ය කෙරෙහි කරුණාව, මෛත්‍රිය, ගෞරවය වැනි සාරධර්ම ඇති කරන වීඩියෝ අන්තර්ගතයන් තුලින් තමන්ගේ දරුවන් වෙත යහපත් දේ පිළිබඳව පණිවිඩය ලබා දීමටද මෙහිදී උත්සාර දරයි.
ඩිජිටල් ක්‍රීඩා තුළින් පවුලේ සමගිය සුරැකීම
දරුවන් අනවශ්‍ය අන්තර්ගතයන් යොමු වීම වැළැක්වීම සඳහා යොදා ගනු ලබන TikTok හි Family Pairing විශේෂාංගය කෙරෙහි විශ්වාසය තබා ඇති සඳුනි පවසන්නේ එය online අත්දැකීම් ඉහළ නංවා ගැනීම සඳහා ආරක්ෂිත හා ධනාත්මක අවස්ථාවක් උදා කරන බවයි. තවමත් කුඩා අවධියේ සිටින සිය දරුවන් දිනෙන් දින වර්ධනය වෙමින් යෞවන අවධියට පැමිණෙන විට මෙම විශේෂාංගය තුළින් ඔවුන් ආරක්ෂාව හා පවුල් සබඳතාව කහවුරු කරනු ඇති බව සඳුනි විශ්වාස කරයි.
ඇය එම විශේෂාංගය දකින්නේ මුලින්ම දරුවකු සුවිසල් ක්‍රිඩාංගනයක තරඟයකට පැමිණෙන අවස්ථාවේදී අත් අල්ලාගෙන පැමිණෙන අයකු ලෙසිනි. මෙම Family Pairing විශේෂාංගය තුලින් සමාජ මාධ්‍ය තුළ සීමාවන්, දරුවන්ගේ කැමැත්ත පිළිබඳ අවබෝධයක් සහ ඔවුන් අත්දකින දේ පිළිබඳ පවුලේ සංවාදයක් ඇති කිරීමට හේතු වෙයි.
මේ ආකාරයෙන් ආරක්ෂාකාරීව සමාජ මාධ්‍ය තුළ තමන්ගේ සීමාවන් තුළ අත්දැකීම් ලබා ගන්නා දරුවන්ට කාලයත් සමඟ අවැනි ආරක්ෂිත අවකාශයන් වෙත ප්‍රවේශ වීමටද හැකියාව උදා වේ. ඒ තුලින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ඇතුලු වයසට ගැලපෙන බොහෝ දේ දැන ගැනීමේ හැකියාව උදා වන්නේ ආරක්ෂාවද යළි යලිත් තහවුරු කරමිනි.
ආරක්ෂාව හා සබඳතාව මතින් ගොඩනැගෙන ප්‍රජාවක්
සඳුනිගේ TikTok ගමන යනු තමන්ට මෙන්ම තවත් බොහෝ මව්වරුන්ට ආශ්වාදයක් එක් කරන්නකි. මවක් ලෙස දරුවන් සමඟ ගත කරන සැබෑ ජීවිතය සතුටින් ගත කිරීමේ අවස්ථාව TikTok හරහා උදා කර ගත් ඇය එහි ප්‍රමුඛ අන්තර්ගත නිර්මාණකාරිණියක් බවට පත් වෙමින් තවත් මව්වරුන්ට අත්දැකීම් ලබා දීමට කටයුතු කරමින් සිටියි. එපමණක් නොව දරුවන්ගේ ආරක්ෂාව හා සීමාවන් පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ටද සමාජ මාධ්‍ය භාවිත කිරීමේ අවස්ථාවද ඇය විසින් ලබා දී තිබෙන්නේ සුවිශේෂී Family Pairing විශේෂාංගය භාවිත කරමිනි. දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් නොකර පාලනයෙන් යුතුව ඔවුන්ට වැදගත් බොහෝ දේ ඒ තුලින් දැන ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇති සඳුනි Family Pairing විශේෂාංගය හරහා ඔවුන්ගේ සීමාවන් මනාව කළමනාකරණය කිරීමට කටයුතු කරයි. එමෙන්ම ආරක්ෂිත STEM අවකාශයන් තුලින් තාරුණ්‍යයේදී ඔවුන්ට යහපත් සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත පිවිසීමේ අවස්ථාව ද ඇය විසින් ලබා දී ඇත.