ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි නව බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් දැන්ඇ ඹිලිපිටියේ

Share with your friend

වාහන අපනයනය පිළිබඳ පනවා තිබූ වසර පහක විරාමය නිමා කරමින් වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් සමඟ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් තම නවතම බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් ආයතනය පසුගියදා ඇඹිලිපිටියේදී විවෘත කළේය. කොළඹ නගරයෙන් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත දැරිය හැකි පහසු මිලකට ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමේ අවස්ථාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙය සුවිශේෂී පියවරක් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ්හි සාමාන්‍යාධිකාරී – වාහන විකුණුම් නාලක කුමාරසිංහ මහතා මෙසේ පැවසුවේය. “ශ්‍රී ලාංකිකයන් පසුගිය වසර 05 පුරාම අලුත්ම බජාජ් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට ඉතා උනන්දුවෙන් බලා සිටියා. මේ වන විට ඔවුන්ගේ එම සිහිනය සැබෑ වී තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ බජාජ් ත්‍රිරෝද රථ අලෙවි කිරීමේ ඩීලර් ආයතනයක් ස්ථාපිත කිරීම ග්‍රාමීය ප්‍රදේශවල සිටින පාරිභෝගික ජනතාවට පහසුවෙන් මෙම ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා කදිම අවස්ථාවක් වනු ඇතැයි  අපි විශ්වාස කරනවා. එමෙන්ම නුදුරේදීම දිවයින පුරා තවත් අලෙවි නියෝජිත ආයතන රැසක් විවෘත කිරීමට ද අපි සැලසුම් කරනවා.” 

ඉහළ කාර්යක්ෂමතාවක් සහ විශ්වසනීයත්වයක් සහිත උසස් පහසුකම්වලින් සහ නවතම විශේෂාංග රැසකින් සමන්විත බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය 236.2cc EFI එන්ජිමකින් බල ගැන්වෙන අතර BS6 විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වේ. එබැවින් මෙය අඩු විමෝචනයක්, මනා ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ වැඩිදියුණු කළ රිය පැදවීමේ අත්දැකීමක් පිරිනමයි. මෙහි අන්තර්ගත වැඩිදියුණු කළ ඩෑෂ්බෝඩය මඟින් ත්‍රීරෝද රථයේ ක්‍රියාකාරීත්වය සහ සුවපහසුව ඉහළ නංවන අතර මෙය පෞද්ගලික  භාවිතය මෙන්ම කුඩා පරිමාණයේ වාණිජ කටයුතු සඳහා ද ඉතා යෝග්‍ය වේ.

දශක තුනකට අධික කාලයක් පුරා බජාජ් ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාවේ ‘පොදු ජනතාවගේ වාහනය’ බවට පත් වී ඇති අතර විශේෂයෙන් පොදු මගී ප්‍රවාහන සේවාවන් සහ අනෙකුත් ප්‍රවාහන විකල්ප‍යන් ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව සඳහා ප්‍රවාහන විසඳුම් පිරිනමමින් මිලියන ගණනකගේ ප්‍රධාන ප්‍රවාහන මාදිලියක් වී තිබේ. නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහන පහසුකම් අවම රාත්‍රී කාලයේ ප්‍රවාහන පහසුකම් ලබාගැනීම වැනි  තීරණාත්මක අවස්ථාවලදී ද බජාජ් ත්‍රීරෝද රථ ජනතාව වෙත මහඟු සේවයක් සිදුකරයි.  ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් සහ ගැබිනි මව්වරුන් රෝහල් වෙත කඩිනමින් රැගෙන යමින්  ජීවිතාරක්ෂක ගිලන්රථ ලෙස සේවය කරන අතරම බජාජ් ත්‍රීරෝද රථ ගම්මානවල පටු මාර්ග හරහා ගොවි ජනතාවගේ අස්වනු සහ නිෂ්පාදන ප්‍රවාහනය සඳහා ද කදිම ප්‍රවාහන විසඳුමක් වී ඇත. 

එපමණක් නොව , සංචාරකයන් දිවයින පුරා සංචාරය කිරීම සඳහා ද පහසු මෙන්ම ආරක්ෂාකාරී ප්‍රවාහන ක්‍රම සපයමින් බජාජ් ත්‍රීරෝද රථ දේශීය සංස්කෘතියේ සංකේතයක් ලෙස මෙන්ම සංචාරක ආකර්ෂණය දිනා ගත්  ප්‍රධාන අංගයක් ලෙස ද ප්‍රචලිත වී තිබේ. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 50කට අධික පිරිසකගේ ජීවන කටයුතු සහ ආර්ථික කටයුතු සඳහා සෘජුවම හෝ වක්‍රාකාරව බජාජ් ත්‍රීරෝද රථය දායක වී ඇත. ස්වයං රැකියාවන් සහ ව්‍යවසායකත්වයන් සවිබල ගැන්වීම සඳහා සක්‍රීය දායකත්වයක් සපයන බජාජ් ත්‍රීරෝද රථ   විශේෂයෙන් කාන්තාවන් සහ කුඩා ව්‍යාපාර හිමියන් සඳහා සිය ජීවනෝපායන් ගොඩනඟා ගැනීමට, ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට සහ දැරිය හැකි විශ්වාසනීය ක්‍රමවේදයක් හරහා නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට උපකාරී වේ.

ඉන්දික බජාජ් එන්ටර්ප්‍රයිසස්, VP ගොඩනැගිල්ල, රෝහල් පාර, උඩගම, ඇඹිලිපිටිය යන ලිපිනයේ පිහිටි නවතම බජාජ් ත්‍රීරෝද රථ ඩීලර් ආයතනය මඟින් හෝ 071 258 4001 දුරකථන අංකය ඔස්සේ ඔබට නවතම බජාජ් ත්‍රීරෝද රථ පිළිබඳ අත්දැකීම ලබාගත හැකිවේ. එමෙන්ම වැඩි තොරතුරු 0114700600 ඔස්සේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ඇමතීමෙන් හෝ http://www.dpmco.com වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.


Share with your friend