තිරසාර හරිත බලශක්ති භාවිතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ISGSD 2024 සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි

Share with your friend

තිරසාර ව්‍යාපාරික ක්‍රම භාවිතයෙහි ප්‍රමුඛයෙකු වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් Green Industry Awards 2024 සම්මාන උළෙලේදී Clean Energy for Productive Uses කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත්විය. මෙම ගෞරවනීය ජයග්‍රහණය නව්‍ය පිරිසිදු බලශක්ති විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට හා ප්‍රජාවට සැළකිය යුතු ධනාත්මක බලපෑමක් ඉටුකිරීම පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙවර අගය කිරීමක් ලෙස සැළකිය හැකිය.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ගෝලීය තිරසාර උපාය මාර්ගය තුළ දේශගුණික ක්‍රියාකාරකම් මූලික මූලධර්මයක් ලෙස සළකනු ලබයි. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කරන අතරම සිය ව්‍යාපාර වර්ධනය පෝෂණය කිරීමට කැපවී සිටියි. මෙම කැපවීමේ සාක්ෂියක් ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2039 වසර වනවිට සිය සමස්ත වටිනාකම් දාමය හරහා ශුද්ධ විමෝචනයක් සාක්ෂාත් කරගැනීමේ වටිනා ඉලක්කයක් සහිතව කටයුතු කරනු ලබයි.

බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති පියවර ඔස්සේ  පිරිසිදු බලශක්ති ප්‍රභවයන් භාවිතය පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින් සනාථ වේ. එහිදී උපායමාර්ගික මුලපිරීම් මාලාවක් ඔස්සේ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව 2013 වසරට සාපේක්ෂව 2023 වසරේ බලශක්ති පරිභෝජනය 66%ක ප්‍රමාණයකින් කැපී පෙනෙන ලෙස අවම කරගෙන ඇත.එසේම ආගරපතන යුනිලිවර් Ceytea කර්මාන්තශාලාව ද එම කාලසීමාව තුළ බලශක්ති පරිභෝජනයෙන් 41%ක සැළකිය යුතු අඩුවීමක් හිමිකරගෙන ඇත. එසේම හොරණ කර්මාන්ත ශාලාවේ මෑතකදී ස්ථාපිත කරන ලද මෙගාවොට් 2.33ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හරහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපයෝගී කරගැනීමට යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් මැනවින් පිළිබිඹු වේ.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ තිරසාරත්වය නොසැලෙන කැපවීම පිරිසිදු බලශක්ති උත්පාදනයෙන් ඔබ්බට විහිදේ.එහිදී ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ඇසුරුම්කරණය, ප්ලාස්ටික් භාවිත අවම කිරීම සහ ප්ලාස්ටික් එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම වැනි මුලපිරීම් වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම CSR and Responsible Production කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයෙන් ද පිදුම් ලැබීය. එසේම මේ වසරේ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරීය හා සමුද්‍ර ආරක්ෂක අධිකාරීය සමඟ පස් අවුරුදු අවබෝධතා ගිවිසුමක් (MOU) ද අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය  තුළින් තිරණාත්මක පාරිසරික අභියෝගයක් වී තිබෙන කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීම හා සංරක්ෂණය කිරීම සිදු කරයි. මෙවැනි කටයුතු වලින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පාරිසරික තිරසාරභාවය කෙරෙහි ඇති කැපවීම මැනවින් සනිටුහන් කරයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම් සැපයුම් දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” Green Industry Awards 2024 සම්මාන උළෙලේදී Clean Energy for Productive Uses කාණ්ඩය සඳහා වූ රන් සම්මානයෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්. දේශගුණික ක්‍රියාකාරකම් අපගේ ව්‍යාපාරික උපාය මාර්ගයේ මූලික හරය වන අතර අපගේ පාරිසරික පියසටහන අවම කිරීමේදී අප ලබා ඇති ප්‍රගතිය ගැන අපි සැබෑවින්ම ආඩම්බර වන්නෙමු. මෙම ජයග්‍රහණය නව විසඳුම් සෙවීමට හා සැබෑ තිරිසාර අනාගතයක් කරා යන අපගේ ගමන්මඟට තවත් අභිප්‍රේරණයක් ලෙස සැළකිය හැකිය.”

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම අගය කරමින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB)  සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ” යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පිරිසිදු බලශක්ති අංශයෙන් ලබාගෙන ඇති ජයග්‍රහණ අනෙකුත් කර්මාන්ත සඳහා ද ආදර්ශයක් වන අතර මෙම තිරසාර මුලපිරීම් ක්‍රියාවට නැංවීම හරහා  ඔවුන් තව තවත් දියුණුවට පත්වීම ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ අනාගත තිරසාරභාවය වෙනුවෙන් කදිම ආයෝජනයක් වනු ඇත. “

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Green Industry Awards 2024 හීදි ලද ජයග්‍රහණයන් තිරසාර භාවිතයන්ට යොමුවීමේ වැදගත්කම පිළිඹිබු කරනු ලබයි. පිරිසිදු බලශක්ති විසඳුම් තුළින් තිරසාර අනාගතයක් කරා යන යුනිලිවර් ශ්‍රී ලංකා හි මෙම ගමන අනෙකුත් ව්‍යාපාරයන් කෙරෙහි ද දිරිගැන්වීමක් ලෙස ක්‍රියා කරයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply