කොළඹ, ශ්‍රී ලංකාව : හරිත බලශක්ති සමාගම් පහකගේ සහභාගීත්වයෙන් Green Energy Champion Accelerator 2021 නම් ව්‍යාපාර වේගයෙන් බලගැන්වීමේ වැඩසටහන ඇරඹෙයි. මෙම වැඩසටහන මඟින් එම ව්‍යාපාර හරිත බලශක්ති පරිසර පද්ධතියෙහි දේශීය හා විදේශීය හවුල්කාරිත්වයන් හා සම්බන්ධ කිරීම සිදුකරන අතරතුර ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් වැඩිදියුණු කිරීම ද සිදු කෙරෙයි.
ක්ෂේත්රයේ විශේෂඥයින්ගෙන් ලබන මනා පුහුණුව සහ උපදේශනය, තරඟකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට, විභවයන් හදුනා ගැනීමට, හොඳින් සිතා මතා අවදානමක් ගැනීමට සහ පුළුල් ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වන අතර එය පරිසරය, ප්‍රජාව සහ ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි.
ඉදිරිපත් වුණු අයදුම්පත් අතුරින්, අපේක්ෂකයින් 11 දෙනෙකුගේ ලැයිස්තුවක් 2021 ජූනි 22 පැවති තෝරා ගැනීමේ වටමේසය වෙත යොමු කිරීමට අවස්ථාවක් ලැබුනි. සියලුම අපේක්ෂකයින් ඔවුන්ගේ අදහසේ, නවෝත්පාදනයේ හෝ නිෂ්පාදනයේ තාක්ෂණික ශක්‍යතාව සහ වෙළඳපල යෝග්‍යතාවය මත පදනම්ව සමාලෝචනය සිදුකරන ලදී. ඉන් අනතුරුව Ecosteem, Sanota, Rhoda, Route Sonar සහ Eco Tech Base යන සමාගම් වලට Green Energy Champion Accelerator 2021 නම් ව්‍යාපාර වේගයෙන් බලගැන්වීමේ වැඩසටහනටද සහභාගී වීමට අවස්ථාව ලැබුණි.
මෙම ඒකමතික තීරණය ගනු ලැබුවේ 2021 හරිත බලශක්ති ශූරයා තරඟාවලිය සංවිධානය කරන සෑම හවුල්කාර සංවිධානයකම නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් විසිනි – එනම් ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය; Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH; විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය – සූර්ය සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය; ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජිත මණ්ඩලය; ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති අධිකාරිය; Good Life X (GLX); සහ Hatch Works යන ආයතනයි.
තේරීම් වටමේසය අවසානයේ සහභාගී වූ හවුල්කරුවන් සහ අවසන් සාමාජිකයන් වෙත මතක සමරුවක් ලබා දීම වෙනුවට, හරිත බලශක්ති ශූරයාගේ තිරසාරභාවය සංකේතවත් කරමින් පාර්ශවකරුවන් සහ සහභාගී වූ අවසාන තරඟකරුවන් සිහිකරමින්, පැළ 66 සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම පැළ සිටවන්නේ ආනවිලුන්දාව තෙත් බිමෙහිය.
මෙම අවස්ථාවට සහභාගීවූවන් සඳහා පැළ සිටුවන වනාන්තරයෙහි රූපමය දර්ශනයක් ප්‍රදර්ශනය කරන ලද අතර එම ගස්වල සැබෑ රැකවරණය සහ නඩත්තුව Carbon Planter විසින් අධීක්ෂණය කරනු ලැබේ. මේ හා සමඟාමීව විනිසුරුවන්ට මෙම Carbon Planter සැකසූ නව මෘදුකාංගයක් වෙත ජීවිත කාලය පුරා ප්‍රවේශය ලබා දුන් අතර, මෙම මෘදුකාංගය මඟින් ඕනෑම මොහොතක ගස්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ.
හරිත බලශක්ති ශූරයා – එහි හවුල්කරුවන් සමඟ එක්ව, රටේ බලශක්ති කාර්යක්ෂමතාව සහ සවිඥානික බලශක්ති පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ මෙහෙවරක යෙදෙන ව්‍යාපෘතියේ මීළඟ අදියර කරා පිවිසෙන තේරීපත්වූ සමාගම් පහට සිය සුභාශිංසන පිරිනමයි.
වැඩි විස්තර සඳහා කරුණාකර www.greenenergychampion.lk වෙබ් අඩවියට පිවිසෙන්න