2025 ජූලි 15 දිනට යෙදෙන ලෝක තරුණ නිපුණතා දිනය අපට යෞවණ නිපුණතා සංවර්ධනයට අයෝජණය කිරීමේ අවශ්‍යතාවය මනාව පසක් කොට දෙයි. ඒ සදහා ජෝන් කීල්ස් පදනම අපගේ කැපවීම දීර්ගකාලීන ව්‍යාපෘතීන් හරහා පවත්වාගෙන යනු ලබන්නෙමු.

ඒ යටතේ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන විසින් එහි වත්මන් ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් මාර්ගගත කථික තරගයක් 2025 ජූනි 26 දින පවත්වන ලද අතර, එහිදී අවසන් වටයට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් තම දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
වසර 20 ක ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන, සාමාන්‍ය පෙළ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම මෙන්ම තොරතුරු තාක්ෂණ දැනුම සහ මෘදු කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහනකි. මෙම වැඩසටහන යටතේ 2024/25 කාලසීමාව තුළ දිවයිනේ ප්‍රදේශ 20 ක් ආවරණය වන පරිදි ශිෂ්‍යත්ව 892 ක් ප්‍රදානය කරන ලද අතර, මේ දක්වා එහි ශිෂ්‍යත්ව හිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන 21,500 කට අධිකය.
තරුණ පරපුරේ නිපුණතා වැඩිදියුණු කිරීම රටක ආර්ථික හා සමාජයීය සංවර්ධනයට අතිශයින් වැදගත්ය. එමගින් තරුණ පරපුරට තම අනාගත දියුණුව සාක්ෂාත් කරගැනීමට මෙන්ම ඵලදායී ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වීමට හැකියාව ලැබේ.
ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව 2024 වසරේදී ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ විරැකියා මට්ටම 22.32% ක් විය. අවුරුදු 15 ත් 24 ත් අතර පසුවන, ශ්‍රම බලකායට එක්වීමට හැකියාව ඇති එහෙත් රැකියා නොමැති විශාල පිරිසක් මෙරට තුළ සිටින බව මෙමගින් පැහැදිලි වේ. ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන සැලසුම් කර ඇත්තේ මෙම ගැටලුව අවම කිරීමේ අරමුණිනි.
“තරුණ පරපුර සවිබල ගැන්වීම යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමු වන ප්‍රධානතම අංශයක්. ඒ යටතේ තරුණ පරපුරේ හැකියාවන් සහ ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා අප වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ සියල්ලෙහිම අරමුණ වන්නේ තරුණ පරපුරේ සහ රටේ අනාගතය වඩාත් යහපත් කිරීමයි.” ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවාය.
මීට අමතරව ජෝන් කීල්ස් පදනම මගින් 2025 ජූනි 19 දින වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටනක්ද ආරම්භ කරන ලදි. මොරටුව ප්‍රදේශයේදී පැවැත්වුණු මෙහි සමාරම්භක වැඩසටහනට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 74 දෙනෙක් සහභාගී වූහ. එහිදී රැකියා ක්ෂේත්‍රයක් තෝරාගැනීම, රැකියා වෙළඳපොළේ අපේක්ෂාවන් වටහාගැනීම සහ අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම යනාදිය සම්බන්ධයෙන් එම සිසුන් දැනුවත් කරන ලදි.
මීට අමතරව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක් වී 2025 ජූලි 01 සහ 03 යන දිනවල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් පවත්වන ලදි. මෙම වැඩසටහන්වලට පාසල් 6 ක සිසුන් 200 කට ආසන්න පිරිසක් සහ දෙමාපියන් හා ගුරුවරුන් 60 කට අධික පිරිසක් සහභාගී වූහ. සමාජයේ පෙළඹවීමට යටත් නොවී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්, ගුරුවරුන් හා දරුවන් අතර යහපත් සන්නිවේදනයක් පවත්වා ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.
තවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක් වී 2025 පෙබරවාරි 06 දින විශේෂ ගුරු පුහුණු වැඩසටහනක් පවත්වන ලදි. මෙම අවස්ථාවට පිළියන්දල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 46 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ඉඟි කල්තබා හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් එම ගුරුවරුන් දැනුවත් කරන ලදි.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.