ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ එක්ව පැවැත්වූ සය මාසික “License to Sell” පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ජුනි 15 වැනිදා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේදී සංවිධානය කරතිබුණි.

පෞද්ගලික වෘත්තීය සංවර්ධනයට මෙන්ම ශක්තිමත් කණ්ඩායම් හැඟීමක් නිර්මාණය කිරීමට දායක වූ එම පාඨමාලාව සාර්ථකව නිමකළ නිව් ඇන්තනීස් සමූහයේ විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායමේ සාමාජිකයෝ 35 දෙනෙක් එහිදී සහතිකපත් ලබාගත්හ.
පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් ඉලක්ක කරගත් මෙම පුහුණු වැඩසටහන මගින් නිව් ඇන්තනීස් සාමාජිකයින්ගේ වෘත්තීය පෞරුෂය ගොඩනැංවීමට මෙන්ම ආයතනික සංස්කෘතිය වැඩිදියුණු කිරීමටත්, සාමාජිකයින්ට නවීන විකුණුම් ක්‍රමෝපාය සහ පාරිභෝගික සබඳතා ක්‍රමෝපාය හඳුන්වාදීමටත් පියවර ගෙන තිබුණි. විශේෂයෙන්ම සමාගමේ තිරසර සංවර්ධනය සඳහා වූ පුළුල් ඉලක්ක හා සමපාතවන පෞද්ගලික ඉලක්ක සාමාජිකයින්ට හඳුන්වා දෙමින් ඔවුන්ට ඉහළ කාර්යසාධනයක් අත්කරගත හැකිවන අයුරින් මෙම පාඨමාලාව සකසා තිබීම කැපීපෙනුණි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සය මාසික “Licence to Sell” පාඨමාලාවට විස්තීර්ණ අභ්‍යාස ඒකක 12ක් ඇතුළත් ය. ඊට ඇඳුම් පැළඳුම් සහ චර්යාත්මක වෙනස්කම් සිට පෞරුෂත්ව වර්ධනය මෙන්ම ඩිජිටල් දැනුමත් මූල්‍යකරණ මූලික දැනුමත් ඇතුළත් වේ. එය න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රයෝගික පුහුණුව ද ලබාදෙන ලෙස සකස්කර තිබේ.
මෙම වැඩසටහන සඳහා නිව් ඇන්තනීස් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එමිල් ස්ටැන්ලි මහතාගේ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතාගේ පූර්ණ ආශීර්වාදය හිමිව තිබේ. අඛණ්ඩ අධ්‍යාපනය තුළින් පෞද්ගලික මෙන්ම වෘත්තීය වර්ධනය හිමිවන බවත්, ආයතනය තුළ වඩාත් ශක්තිමත් සහ වර්ධනීය සංස්කෘතියක් ගොඩනැගීමට එය ඉවහල්වන බවත් ඔවුන්ගේ අදහස වේ.
සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ කවුන්සිල සාමාජික මන්තික රණසිංහ, ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ, හිටපු සභාපති සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටු ප්‍රධානී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් ඇතුළු ආරාධිතයෝ රැසක් ද එක්ව සිටියහ. එමෙන්ම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විකුණුම් සහ අලෙවිකරණ අංශ සාමාන්‍යාධිකාරිනී මිහිරිනී ෆොන්සේකා ද සහ පාඨමාලා ආචාර්ය මණ්ඩල සාමාජිකයෝ ද සහභාගී වූහ.
මෙම අවස්ථාව අමතමින් ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ්, තම කාර්යමණ්ඩල සාමාජිකයින්ට මෙම පුහුණු පාඨමාලාවට සම්බන්ධ වීමට අවස්ථාව සලසාදීම පිළිබඳ නිව් ඇන්තනීස් සමූහය පැසසුමට ලක්කළේය. ‘License to Sell’ වැනි පුහුණු පාඨමාලා තුළින් අත්පත්කරගන්නා දැනුම හරහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් වෙළෙඳපොළ තුළත් සුරක්ෂිත, තිරසර සහ ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර සැපයුමට නායකත්වය ලබාදීමට සිය කාර්යමණ්ඩලයට හැකිවනු ඇති බව නිව් ඇන්තනීස් සමූහයේ විශ්වාසය යි.
Crizzpy’s, Frenchys සහ Crustys වැනි රසවත් ආහාර වර්ග රැසක් වෙළෙඳපොළට හඳුන්වාදී ඇති නිව් ඇන්තනීස් සමූහය, පෝෂණීය, ප්‍රතිජීවකවලින් තොර සහ රසවත් මාංශ ආහාර සමාගමක් ලෙස පාරිභෝගිකයින් අතර මහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම මාංශ ආහාර නිෂ්පාදකයෙකුවන නිව් ඇන්තනීස් සමූහය මෙරට ප්‍රථම හරිත සහතිකය ලත් මෙන්ම සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර හරිතහරි කුකුළුමස් සන්නාමය වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුළයි. FSSC 22000, ISO 22000:2018, HACCP, GMP, හලාල්, සහ ISO 14064 සහතික හිමි නිව් ඇන්තනීස්, ආහාර සුරක්ෂිතතාව, ගොවිපොළ සත්ත්ව සුබසාධනය සහ පාරිසරික සංරක්ෂණය සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරයි. දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළට ද ඉදිරිපත් කරඇති හරිතහරි කුකුළුමස් සන්නාමය හරහා තිරසර ගොවිපොළ ක්‍රමවේද අනුගමනය කිරීමටත්, පාරිභෝගිකයින්ට සෞඛ්‍යසම්පන්න ආහාර හඳුන්වාදීමටත් සමාගම සතු කැපවීම මැනවින් පිළිබිඹු වේ.