ගෝලීය වශයෙන් පිළිගත් FSSC 22000 ආහාර සුරක්ෂිතතා ප්‍රමිතිය යටතේ සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කුකුළු මස් නිෂ්පාදකයා ලෙස නිව් ඇන්තනීස් සමූහය, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ පුරෝගාමී ගමනක නිරතවෙමින් සිටී. FSSC 22000 සහතිකය යනු කෙතරම් වටිනා සහතිකයක් දැයි කියතොත්, එය ගෝලීය ආහාර සුරක්ෂිතතා වැඩසටහන (GFSI) මගින් පාලනය වන සහ ලොව පුරා ජාත්‍යන්තර ආහාර නියාමකයින්, වෙළෙඳ ආයතන සහ පාරිභෝගිකයින් විසින් පිළිගනු ලබන ආහාර සුරක්ෂිතතාවයේ රන් ප්‍රමිතිය ලෙස හැඳින්වීම වැරදි නැත.

ශ්‍රී ලාංකික කුකුළු මස් වෙළඳ නාමයක් මෙම ප්‍රමිතිය සපුරාලීම දුර්ලභ දෙයක් පමණක් නොව, එය විප්ලවීය කාර්යයකි. බොහෝ නිෂ්පාදකයින් සිය ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්, මූලික සනීපාරක්ෂාවට හෝ අනුකූලතාවයට සීමාකළ ද, නිව් ඇන්තනීස් විසින් දේශීය විශ්වාසය සහ ගෝලීය වෙළඳාම යන අංශ දෙකම වෙනුවෙන් පරිපූර්ණ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් සහතික කිරීම සඳහා පියවර කිහිපයක්ම ඉදිරියට ගොස් ඇත. ඒ හරහා ශ්‍රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තය ගෝලීය අවධානයට ලක් කරමින් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වෙළඳ නාමයකට පවා දැවැන්ත ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කළ හැකි බවට කදිම නිදසුනක් සපයයි.
එය දැවැන්ත කැපවීමක් වන අතර ඒ හරහා නිව් ඇන්තනීස් සමූහය ආහාර සුරක්ෂිතතාව, ගුණාත්මකභාවය සහ පාරිභෝගික යහපැවැත්ම සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි. තව ද ආචාර ධර්මීය ලෙස සකසන ආහාර, ආචාර ධාර්මික පිළිවෙත්වලින් ආරම්භ විය යුතු බවත්, නිෂ්පාදනයේ විශිෂ්ටත්වය සත්ත්ව ගොවිපොළේ සිට නිවස දක්වා සෑම පියවරකදීම පිළිබිඹු විය යුතු බවත් නිව් ඇන්තනීස් තරයේ අදහයි.
ගුණාත්මක බවේ ඇරඹුම සංවේදීබවයි
නිව් ඇන්තනීස් සමූහය විශ්වාසකරන පරිදි ගුණාත්මකභාවය ආරම්භ වන්නේ සංවේදීතාවයෙනි. සමාගමේ හරිතහරි කුකුළු ගොවිපොළ සත්ත්වයින්ගේ ආතතිය අඩු කිරීමට සහ ස්වාභාවික හැසිරීම් ප්‍රවර්ධනය කිරීමට වඩාත් සුදුසු ලෙස ඉඩකඩ සහිත, හොඳින් වාතාශ්‍රය ඇති අයුරින් නිර්මාණය කර තිබේ. ප්‍රතිජීවකවලින් තොර ආහාර වේලක් සතුන්ට ලබාදෙන අතර, ගෘහස්ථ පෝෂණවේදීන් කණ්ඩායමක් විසින් සතුන්ගේ දෛනික චර්යාවන් සහ ආහාර කාලසටහන් අධීක්ෂණය කරනු ලැබේ. රසායනික මැදිහත්වීම්වලින් තොරවීම, වඩාත් මානුෂීය සහ ඵලදායී බවට සමාගම විශ්වාස කරන බැවින් ඊට අනුකූල දැඩි ජෛව ආරක්ෂණ ප්‍රමිතීන් ද ගොවිපොළ අනුගමනය කරයි. මෙම පිළිවෙත් එක්සත් ජනපද ජාතික කුකුළුමස් කවුන්සිලයේ ප්‍රමිතීන් ඇතුළු ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන අතර, සත්ත්ව සුභසාධනය හුදෙක් වචනයකට සීමා නොකර දෛනික කැපවීමක් ලෙස සලකනු ලැබේ.
සැපයුම් දාමය තුළ සිදුකළ විප්ලවීය වෙනස්කම්
ආහාර සකස්කරන ආකාරය සහ ආරක්ෂාව පිළිබඳව පාරිභෝගිකයින් නිරන්තරයෙන් ප්‍රශ්න කරන කාලයක, නිව් ඇන්තනීස් සමූය සිය ආහාර නිෂ්පාදන සඳහා සම්පූර්ණ විනිවිදභාවයක් පිරිනමයි. ඔවුන්ගේ නිෂ්පාදන මෙහෙයුම් FSSC 22000, ISO 22000, GMP, සහ HACCP වැනි ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූලව සම්පූර්ණයෙන්ම සහතික කර ඇති අතර, ගොවිපොළේ සිට වෙළෙඳසැල දක්වා වූ සැපයුම් දාමය තුළ සෑම නිෂ්පාදනයක්ම ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන බව සහතික කරයි. ශීතාගාර සැපයුම් විගණන සහ තෙවන පාර්ශවීය පරීක්ෂණ මගින් සෑම නිෂ්පාදනයකම ඉහළම ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලන බව ද සනාථ කරයි. මෙම වගවීමේ මට්ටම මෙරට පාරිභෝගිකයින්ට කුකුළු මස් සම්බන්ධයෙන් කිසිදා අත්නොවිඳි විශ්වාසයක් ලබා දෙන අතර, සැබවින්ම විශ්වාසය තැබිය හැකි වෙළඳ නාමයක් ලෙස හරිතහරි කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කරයි.
තිරසරභාවය වෙනුවෙන් කැපවීම
නිව් ඇන්තනීස් සමූහය පාරිසරික භාරකාරත්වය පිළිබඳ දක්වන්නේ ගැඹුරු අවධානයකි. 2022 ජූලි මාසයේදී, නෙදර්ලන්ත පාලක සංගමය විසින් සහතික කරන ලද ISO14064-1 ප්‍රමිතීන් යටතේ හරිතාගාර වායු (GHG) සත්‍යාපනය ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කුකුළුමස් නිෂ්පාදන සමාගම බවට නිව් ඇන්තනීස් පත්විය. සූර්ය පැනල ස්ථාපනය කිරීම, බලශක්ති කාර්යක්ෂම උපකරණ භාවිතයට ගැනීම, දැඩි අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති භාවිතය, කඩදාසි භාවිතය අඩුකිරීම සහ ස්වයංක්‍රීයකරණය ඇතුළු පියවර ගණනාවක් මෙම සහතිකය ලබාගැනීම වෙනුවෙන් උපකාරී විය. එම සියලු පියවර කාබන් පියසටහන අවම කිරීම අරමුණු කරගනිමින් හඳුන්වා දී ඇත. හරිතහරි නිෂ්පාදන පරාසය යටතේ සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් කළ හැකි, ශාක පදනම් කරගත් ඇසුරුම් භාවිතයට ගත් මෙරට පළමු කුකුළු මස් නිෂ්පාදන සමාගම බවට ද නිව් ඇන්තනීස් සමූහය පත්විය.
නිව් ඇන්තනීස් සමූහයේ තිරසරභාවය සඳහා වූ කැපවීම ආහාර සම්පාදනයේ මූලාශ්‍රය තෙක් ගමන්කිරීම ද විශේෂත්වයකි. “තිරසාර එක්සත් ජනපද සෝයා” ලාංඡනයට තනි අයිතිය හිමිකරගැනීමත් සමඟ දකුණු ආසියාවේ සහ උප-සහාරා අප්‍රිකානු කලාපයේ ආහාරවල තිරසාරභාවය පිළිබඳ පුරෝගාමියෙකු බවට නිව් ඇන්තනීස් පත්ව තිබේ. මෙම ලාංඡනය මගින් පරිසරය, ජෛව විවිධත්වය සහ සමාජ සුභසාධනයට හානි නොවන ලෙස වගාකළ සෝයා බෝංචි සත්ත්ව ආහාර ලෙස භාවිත කරන බව සහතික කරයි. ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් සමාගම හිමිකරගැනීමේ සිට මස් නිෂ්පාදන සිල්ලර වෙළඳසැල් වෙත ව්‍යාප්ත කිරීම සහ දිවයින පුරා බෙදාහැරීම දක්වා සිරස් ඒකාබද්ධ කිරීම තුළින් ද පරිසර හිතකාමීබව වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරයි.
සේවකයින් කේන්ද්‍රකරගත් වර්ධනය
නිව් ඇන්තනීස් සමූහයේ ආචාර ධාර්මික ක්‍රියාවලිය එහි සේවකයින් දක්වා විහිදේ. සමාගම, සිය සේවකයින් අතර තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම හුවමාරුව වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කරන අතර, කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ විශේෂඥතා ක්ෂේත්‍රවල අවස්ථා හඹා යාමට ද දිරිගන්වයි. මෑතකදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සමඟ හවුල්කාරිත්වයෙන් සිය විකුණුම් වෘත්තිකයන් පුහුණු කිරීමට ද සමාගම කටයුතු කළේය.
තවද, නිව් ඇන්තීස් සමූහය, පාසල්වලට ජල පිරිපහදු පද්ධති පරිත්‍යාග කිරීම, කාන්තා සවිබල ගැන්වීමට සහාය වීම සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්හි ප්‍රතිජීවකවලින් තොරවීම ගැන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් පැවැත්වීම වැනි සමාජ සත්කාර ව්‍යාපෘති සඳහා ද ප්‍රමුඛත්වය ගෙන තිබේ.
ආදර්ශයෙන් පෙරමුණ ගැනීම: උපදේශනය සහ අධ්‍යාපනය
නිව් ඇන්තනීස් සමූහයේ සමාජ බලපෑම හුදෙක් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට ද විහිදේ. ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රතිජීවක ප්‍රතිරෝධය (AMR) පිළිබඳ ජාතික සංවාදවලට නායකත්වය ලබාදෙන සමාගම 2024 නොවැම්බර් මාසයේදී, ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කරන්නට යෙදුණි. ජාතික ප්‍රතිඥාවක් අත්සන් කිරීම, විශේෂඥ දේශන පැවැත්වීම සහ මහජන වැඩමුළු පැවැත්වීම ආදිය ඒ අතර විය.
එමෙන්ම Healthy Living Expo සහ Living Expo 2025 වැනි ප්‍රදර්ශනවලට නිරන්තරයෙන් සහභාගීවන සමාගම, ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස්, පරිසර හිතකාමී ඇසුරුම්කරණය සහ දැනුවත්භාවයෙන් යුතු ආහාර පරිභෝජන රටාව පිළිබඳ පාරිභෝගිකයින් සමඟ සෘජුවම දැනුම බෙදා ගනී.
තව ද මෙම ප්‍රයත්නයන් අතරට මාධ්‍ය හවුල්කරුවන්, සූපශාස්ත්‍ර වෘත්තිකයන් සහ සෞඛ්‍ය අංශ නායකයින් සමඟ සම්බන්ධ වීම, ආහාර මේසයෙන් සහ ගොවිපලෙන් ඔබ්බට, මහජන කතිකාවක් සහ ප්‍රතිපත්තිමය බලපෑම දක්වා පුළුල් පරාසයක් නිව් ඇන්තනීස්හි සමාජ වගකීමට ඇතුළත් ය.
මෙහෙවර වෙනුවෙන් ඇගයීම්
නිව් ඇන්තනි සමූහයේ සදාචාරාත්මක, තිරසාර සහ ඉදිරිගාමී පිළිවෙත් සඳහා ඇති කැපවීම සමාජයේ බුහුමනට ද ලක්ව තිබේ. වගකීම් සහගත ලෙස කුකුළු මස් නිෂ්පාදනය සඳහා නිව් ඇන්තනීස් සමූහයෙන් ලැබෙන දායකත්වය වෙත ප්‍රමුඛ පිළිගැනීමක් හිමිව තිබේ. 2025 මාර්තු මාසයේදී, 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සමාගමට ගෞරව සම්මානයක් හිමිවීම ඊට හොඳම උදාහරණයකි. එය ජාත්‍යන්තර වෙළඳපල තුළ සමාගමේ වර්ධනය, ආහාර සුරක්ෂිතතාව සඳහා කැපවීම සහ තිරසාර භාවිතාවන් වෙත ලැබුණු කීර්තිමත් පිළිගැනීමකි. එමෙන්ම 2023 සහ 2024 දී ProFood AgriBiz ප්‍රදර්ශනවලදී හොඳම කුටිය සඳහා නිව් ඇන්තනීස් අඛණ්ඩව ජයග්‍රහණ ලබාගත් අතර එහිදී ඔවුන්ගේ නවෝත්පාදනය, ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදන ගුණාත්මකභාවය ඇගයීමට ලක්විය.
ඔවුන්ගේ විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී පශු සම්පත් සහ ධීවර අංශයේ ඉහළම ගෞරව නිව් ඇන්තනීස් වෙත හිමි විය. ඒ කර්මාන්ත ප්‍රමිතීන් සහ ග්‍රාමීය ආර්ථික අභිවෘද්ධිය සඳහා ඔවුන්ගේ දායකත්වය අගයමිනි. ඩිජිටල් අවකාශය තුළ, ඔවුන් BestWeb.lk 2024 දී හොඳම ඊ-වාණිජ්‍ය වෙබ් අඩවිය සඳහා ලෝකඩ සම්මානයක් දිනා ගත් අතර වැඩිදියුණු කළ පාරිභෝගික අත්දැකීම් සහ මාර්ගගත ප්‍රවේශය ඊට පාදක විය. මේ අතර, හරිතාගාර වායු සත්‍යාපනය සහ ශාක පදනම් කරගත් ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම්කරණයේ පුරෝගාමී කාර්යය සමාගම තිරසර සහ සදාචාරාත්මක කෘෂි ව්‍යාපාරික ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත කරයි.
අභියෝගවලට මුහුණදීම සහ අනාගතය සකසාගැනීම
නිව් ඇන්තනීස් සමූහයේ ඉදිරි ගමන සඳහා ධෛර්යය සහ දූරදර්ශීභාවය ද ඉතා වැදගත් සාධකයකි. විශේෂයෙන් කුරුලු රෝග කාරක අතර ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය භයානක ලෙස ඉහළ මට්ටමක පවතින රටක ප්‍රතිජීවක වලින් තොර කුකුළු මස් නිෂ්පාදනයට මුලපිරීම යනු සරල දෙයක් නොවුණි. ප්‍රතිජීවක විරෝධයට ඇති විකල්ප සඳහා පිරිවැය අධික විය හැකි නමුත්, දිගුකාලීන සෞඛ්‍ය ප්‍රතිලාභ, පාරිසරික බලපෑම අඩු කිරීම සහ පාරිභෝගික ලැදියාවට ඇති සමාගමේ කැපවීම ඊට වඩා වැඩිය.
නිව් ඇන්තනීස් සමාගම ලද ප්‍රමිතීන් හුදෙක් සහතිකවලට වඩා වැඩි වැදගත්මකමකින් යුතු ය. සැබවින්ම එම ප්‍රමිතීන් යනු සදාචාරාත්මකව මූලාශ්‍ර සහිත සහ පරිසර හිතකාමී ලෙස සැකසූ මාංශ ආහාර සඳහා ඉල්ලුම ඇති අපනයන වෙළඳපොළවල් සඳහා ඇති විදෙස් ගමන් බලපත්‍ර ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය ය. ආරක්ෂිත, තිරසාර ආහාර සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යාමත් සමඟ, නිව් ඇන්තනීස් එම ඉල්ලුම සැපයීමට හොඳින් සූදානම් වී සිටී. ඉදිරි වසරවලදී ප්‍රතිජීවක වලින් තොර මාංශ ආහාර සඳහාවන ගෝලීය වෙළඳපොළ ඩොලර් බිලියන ගණනක් දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනයකර තිබේ.
සදාචාරාත්මක ආහාර පද්ධති සඳහා සැලැස්මක්
නිව් ඇන්තනීස් සමූහය සාර්ථක ව්‍යාපාරයකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එය කෘෂිකර්මාන්තය පරිණාමය විය හැකි ආකාරය පිළිබඳ ආදර්ශයකි. සත්ත්ව සුභසාධනය, විනිවිදභාවය, තිරසාරභාවය, ප්‍රජා බලගැන්වීම, මහජන අධ්‍යාපනය සහ ගෝලීය තරඟකාරිත්වය ඇතුළු පුළුල් ප්‍රවේශයක් නිව් ඇන්තනීස් සමූහය අනුගමනය කිරීම ඊට හේතුවයි. ESG මූලධර්ම සමඟ සිරස් ඒකාබද්ධ කිරීම තුළින් සදාචාරාත්මක නිෂ්පාදනය සහ ලාභ ලැබීම යනු එකවිට ක්‍රියා කළ හැකි දෙයක් බව ද සමාගම ඔප්පු කර තිබේ.
සෞඛ්‍යය, පරිසරය සහ වටිනාකම් පිළිබඳ පාරිභෝගික දැනුවත්භාවය වර්ධනය වනවිට, විශේෂයෙන් තරුණ, දැන උගත් ජනකොටස් අතර, එවැනි වටිනාකම්වලට මුල්තැන ලබාදෙන වෙළෙඳ නාම ජනප්‍රිය වනු ඇත. ශ්‍රී ලාංකික පවුල් හරිතහාරි කුකුළු මස් තෝරා ගන්නා විට, ඔවුන් මිලදී ගැනීමක් පමණක් නොව, ඔවුන් සතුන්ට හොඳින් සලකනු ලබන, පරිසර පද්ධති ආරක්ෂා කරන, ප්‍රජාවන් නඟා සිටුවීමේ සහ ඔවුන්ට විශ්වාස කළ හැකි ආහාර පද්ධති පිළිබඳ විශ්වාසයක් ඇති ජන සමූහයක් ලෙස ද ඉදිරියට එනු ඇත.
නිව් ඇන්තනීස් යනු කුකුළු මස් නිෂ්පාදකයෙකුට වඩා ඔබ්බට ගිය සමාගමකි. එය ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක ආහාර විප්ලවයකට පෙරමුණ ගෙන සිටින අතර, සිරස් ඒකාබද්ධතාවය, භාරකාරත්වය සහ විනිවිදභාවය එකට පවත්වාගැනීම පමණක් නොව ඒ හරහා වර්ධනය විය හැකි ආකාරය ද පෙන්නුම් කරයි. ආහාරවල අනාගතය මානුෂීය, තිරසාර සහ සියලුදෙනා එකතුකරගත් අනාගතයක් විය යුතු බවට ද නිව් ඇන්තනීස් සමූහය සිය ගමන්මඟ තුළ බලාපොරොත්තුවක්, සැලැස්මක් සහ අභියෝගයක් ඉදිරිපත් කරයි. වෙනත් අයුරකින් කිවහොත්, සෑම අර්ථයකින්ම, නිව් ඇන්තනීස් සමාගම, අප සැම ඉදිරියේ ගුණාත්මකභාවය, ප්‍රමිතීන් සහ අපේක්ෂා ඉහළ නංවමින්, ඉදිරියටම ගමන්කරමින් සිටී.