ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති (Enterprise Resource Planning) සම්බන්ධව විශේෂඥ සේවා සැපයීමේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගම (Pristine Solutions Pvt. Ltd.), සිය නවතම සන්නාම අනන්‍යතාව සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. ඒ අනුව නවතම මුහුණුවරක් ගෙන ඇති සමාගමේ ලාංඡනයද, “විශිෂ්ට දේ කිරීමට ඔබ සවිබල ගැ න්වීම” (Empowering you to do Great Things) නම් ප්‍රබෝධමත් තේමා පාඨයද, ඩිජිටල් පරිවර්තනය කරා ව්‍යපාර සවිබල ගැන්වීම උදෙසා ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගමෙහි කැපවීම පිළිබිඹු කරයි.

විශිෂ්ටත්වය මත පදනම්ව ගොඩනැඟුණු ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගම, මේ වන විට අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර කරාද සිය නිපුණතාව විදහා දක්වමින් කීර්තිමත් ඉතිහාසයක් සනිටුහන් කරගෙන තිබේ. එම කීර්තිමත් වෘත්තීය ඉතිහාසය තුළ විශිෂ්ටතම මෘදුකාංග විසඳුම් සහ සේවා සැපයීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ප්‍රථම Gold Partner වශයෙන් නම් දරන්නේද, ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගමයි. එලෙස පුරෝගාමී සමාගමක් වශයෙන්, කුඩා, මධ්‍ය හා සුළු පරිමාණ ව්‍යාපාරවලින් වත්මන් ආර්ථිකයට ඇති වැදගත්කම සලකා, විශිෂ්ටතම තාක්ෂණික විසඳුම් සමඟ, නවමු ඩිජිටල් පරිවර්තනයක් කරා ව්‍යපාර සවිබලගැන්වීම ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගමෙහි ප්‍රමුඛතාවයි.
“අපගේ අඛණ්ඩ ප්‍රගතිය හා විශිෂ්ටත්වය සඳහා වන කැපවීම මෙන්ම, ගනුදෙනුකරුවන් වෙනුවෙන් නොසැලෙන කැප කිරීම පිළිබිඹු කරන මෙම නව සන්නාම අනන්‍යතාවය එළිදැක්වීම අපට සතුටක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම Gold Partner සමාගම වශයෙන් ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට මඟ පාදන, ක්ෂේත්‍රය පුරාම ව්‍යාපාර සවිබල ගන්වන විශිෂ්ටතම මෘදුකාංග විසඳුම් සහ සේවා සැපයීමට අපි කැපවී සිටිනවා.” යනුවෙන් ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රියන්ත කුමාරගේ සඳහන් කරයි. ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගම, සිය සේවාලාභීන් තුළ විශ්වාසය හා පිළිගැනීම යළි යළිත් තහවුරු කරමින් කටයුතු කරන අතරම, සේවාලාභීන්ට සමාගමේ අභිලාෂයන් වටහාගෙන ඒ වෙත ප්‍රවේශ වීමට සතුටින් ආරාධනා කරයි.
සමාගමේ මෙම නව සන්නාම අනන්‍යතාවය තුළින්, ඩිජිටල් පරිවර්තනයක් ඔස්සේ ව්‍යාපාර සවිබල ගැන්වීමේ නොනවතින උත්සාහය මෙන්ම, වෙළෙඳ පොළ ප්‍රමුඛයකු වශයෙන් එහි විප්ලවීය පරිණාමයද පිළිබිඹු කෙරේ. මෙලෙස ඉදිරිපත් කෙරෙන ප්‍රබෝධමත් සන්නාම අනන්‍යතාවය සමඟින්, ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගම නවෝත්පාදන ඉදිරියට ගෙන යාමටත්, විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමටත්, දෙස් විදෙස් ගනුදෙනුකරුවන්ට අද්විතීය වටිනාකමක් ලබා දීමටත් සූදානමින් සිටී. සමාගමේ මූලික පරමාර්ථය නම්, ඩිජිටල් පරිවර්තනය කරා යොමු කෙරෙන පරිශීලක – හිතකාමී තාක්ෂණය සහ සේවා පිරිනැමීම මඟින් විශිෂ්ටත්වය අත්කර ගැනීමට සේවාලාභී ව්‍යාපාර සවිබල ගැන්වීමයි. ස්වකීය ගනුදෙනුකරුවන් හා ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම මගින් ඕනෑම තරාතිරමක ව්‍යාපාරයකට ක්ෂේත්‍රය තුළ සාර්ථක වීම සඳහා පිටුබලය වීමට ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගම කැපවී සිටී.