ටෝකියෝ සිමෙන්ති සමාගම ගුණ ජය සතුට පදනම සමග එක්ව ග්‍රාමීය දරුවන්ගේ ක්‍රිකට් කුසලතා නැංවීම උදෙසා දියත් කළ ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතිය 2025 වසරේ ක්‍රියාත්මක කරවීම සඳහා සිය දායකත්වය ලබාදී ඇත. අඛණ්ඩ 10වන වසර සමරන මෙම ව්‍යාපෘතිය මඟින් ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශ වල දරු දැරියන්ට, ප්‍රවීණ වෘත්තීය පුහුණුකරුවන් යටතේ සිය සහජ දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාවන් උදා කරදෙයි.

ගුණ ජය සතුට පදනමේ ක්‍රීඩා අධ්‍යක්ෂ, ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු අනුර ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවන් වන හේමන්ත දේවප්‍රිය සහ සුසන්ත කරුණාරත්න ප්‍රමුඛ සහතිකලත් පුහුණුකරුවන් මඩුල්ලක් විසින් මෙම පුහුණු කඳවුරු පවත්වනු ලබයි. ගුණ ජය සතුට පදනම විසින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන හික්කඩුව ශ්‍රී සුමංගල MCC Lords සහ සීනිගම ශ්‍රී විමලබුද්ධි Surrey Oval ක්‍රීඩාංගනය ආශ්‍රිතව පුහුණු සැසිවාර පැවැත්වේ. 2014 වසරේ දියත් කල දකුණු පළාත් ක්‍රිකට් කඳවුරේ ප්‍රගතිය අනුව යමින්, මෙහි දෙවැනි පියවර ලෙස 2017 දී උතුරු පළාතේ පාසැල් දරුවන් සඳහා මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු දියත් කෙරිනි.
| යාපනයේ පැවති ටෝකියෝ සිමෙන්ති ක්‍රිකට් පුහුණු සැසියක් | |
දශකයක කාලපරාසයක් තුල මෙම පුහුණු ව්‍යාපෘතිය මගින් පළාතේ පාසල් ක්‍රිකට් ශූරයින් 4,200 කට ආසන්න සංඛ්‍යාවක් සහ දකුණු පළාතේ ගම්මාන 35 ක පාසල් අටකට අයත් ක්‍රිකට් ශූරයින් 3,780ක් බිහිකර ඇති අතර, මීට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු ද අයත් වේ.
| ගුණ ජය සතුට පදනමේ ටෝකියෝ සිමෙන්ති දකුණු පළාත් ක්‍රිකට් කඳවුරු සීනිගම Surrey Oval හිදී පැවැත්වේ. | |
මේ අතරට, 2024 T20 ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කවීෂා දිල්හාරි, සචිනි නිසංසලා, ඉමේෂා දුලානි, කාව්‍යා කාවින්දි, උමාෂා තිමීෂානි, නිලක්ෂණා සඳමිනි, සත්‍යා සංදීපනි, සචිනි ගිම්හානි ඇතුළු තවත් බොහෝ සුපිරි ක්‍රීඩිකාවන් අයත් වේ. මෙම ක්‍රිකට් පුහුණු පාසල ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත්, නවෝද් පරණවිතාන, මල්ෂා තරුපති, හරේන් වීරසිංහ, සහ එස්. මතුෂාන් ඇතුළු කිහිපදෙනෙකුගේ ද තිඹිරිගෙය වේ. තවද, මේ වසරේ උතුරු ක්‍රිකට් කඳවුරෙන් බිහිවූ ක්‍රීඩකයින් දෙපලක් වන යාපනයේ හාර්ට්ලි විද්‍යාලයේ වී. ආකාෂ් සහ ශාන්ත ජෝන් විද්‍යාලයේ කේ. මුතුලන්, 2025 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයට තේරී පත් විය. දකුණු පුහුණු කඳවුරේ නිත්‍ය සාමාජිකයින්ගෙන් සැදුම්ලත් රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 17න් පහළ කණ්ඩායම මේ වසරේ A-කොට්ඨාශ ශූරතාවය, 15න් පහළ සහ 19න් පහළ අනුශූරතාවය දිනාගනිමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වූහ. තවද, 19න් පහළ 3වන කාණ්ඩයේ දෙදින සහ එක්දින ශූරතා ද්විත්වය ජයග්‍රහණ කල හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය 2වන කාණ්ඩයට උසස්වීමක් ද හිමිකර ගැනීමට සමත්වූහ.
| 2025 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයට එක්වූ යාපනයේ හාර්ට්ලි විද්‍යාලයේ වී. ආකාෂ් සහ ශාන්ත ජෝන් විද්‍යාලයේ කේ. මුතුලන් |
ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙනයන දක්ෂ ග්‍රාමීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාන අවස්ථා නිර්මාණය කිරීමෙන් ඔවුන්ගේ හැකියාවන් පෝෂණයට කැපවූ ටෝකියෝ සිමෙන්ති සමූහය සහ ගුණ ජය සතුට පදනමේ මෙම වසර 10ක හවුල්කාරිත්වය, ක්‍රීඩාවේ උන්නතියට ඉන් ලබාදෙන සේවය අතිමහත්‍ය. මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ අසමසම ජීව ගුණය ඔප්නංවමින් තම දක්ෂතාවයෙන් අනාගතය දීප්තිමත් කරගැනීමට ගම්බද දරුවන්ට ශක්තිමත් අඩිතාලමක් ඉදිකරදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ දිගුකාලීන අපේක්ෂාවයි.






