පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2024 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලය තුළ (2024/25 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 6) විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. මෙම කාලසීමාව සඳහා සමාගමේ ආදායම රු, මිලියන 12,676 ක් සහ ලාභය රු. මිලියන 1,566 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙය ලාභය අතින් පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 42.4% ක් වැනි ඉහළ වර්ධනයකි. දෙවැනි කාර්තුවේදී වාර්තා වූ සාර්ථක කාර්යසාධනය මීට සුවිශාල දායකත්වයක් ලබා දී ඇති අතර, එම කාර්තුවේදී ශුද්ධ පොලී ආදායම 19.5% කින් වර්ධනය විය.
සමාගමේ වියදම් සහ ආදායම් අතර අනුපාතය, එහි මෙහෙයුම් කාර්යක්ෂමතාවට මනා සාක්ෂියකි. මෙහෙයුම් ආදායම 21.5% කින් ඉහළ ගොස් ඇති අතර, අනෙකුත් ආදායම්වල කැපීපෙනෙන වර්ධනයද මීට හේතු වී ඇත. මේ අතර පිරිවැය කළමනාකරණය සඳහා ගන්නා ලද පියවර හේතුවෙන් පිරිවැය වර්ධනය 15.7% මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබේ. මෙය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තම මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල සහ ක්‍රමෝපායික අධීක්ෂණය තහවුරු කරන සාධකයකි.
සමාගමේ කාර්යසාධනයේ එක් සුවිශේෂී අංගයක් වන්නේ, 2024 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලය තුළ අපහායන ගාස්තු (Impairment Charges) 63.6% කින් අවම කරගැනීමට හැකි වීම ය. මෙය ණය එකතු කිරීමේ විධිවිධාන ශක්තිමත් කිරීම සහ ණය ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීම ඔස්සේ සාර්ථක ලෙස ණය ප්‍රතිපාදන නැවත ක්‍රමාංකනය කිරීමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. මෙය ප්‍රධාන වශයෙන් සිදුකරන ලද්දේ, අපහායන අවදානම් අවම කිරීම සඳහා සමාගම විසින් ප්‍රධාන කාර්යසාධන දර්ශකයක් ලෙස ණය අලාභ ප්‍රතිපාදන භාවිතා කිරීම තුළිනි. මෙය අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන ක්‍රියාශීලී සහ ක්‍රමෝපායික ප්‍රවේශය මැනැවින් නිරූපණය කරයි.
මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සමාගමේ ශේෂ පත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින්, සමාගමේ ණය කළඹ 9.9% කින් වර්ධනය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාගමේ සමස්ත වත්කම් වටිනාකම රු. මිලියන 147,559 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය 2024 මාර්තු 31 දින වන විට වාර්තා වී තිබූ අගයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.
මෙම විශිෂ්ට කාර්යසාධනය සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ අදහස් දැක්වී ය. “ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වශයෙන්, අප දිගින් දිගටම අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. ලාභදායීත්වය ඉහළ නංවා ගැනීමට, අපගේ ශේෂ පත්‍රය ශක්තිමත් කරගැනීමට සහ වෙනස් වන ආර්ථික තත්වයන්ට අනුගත වීමට අපට ඇති හැකියාව මගින් පිළිබිඹු වන්නේ, අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට නිසි වටිනාකම් තිළිණ කිරීමට අප තුළ ඇති උනන්දුව කැපවීමයි. එමෙන්ම අප තිරසාර වර්ධනය හා දීර්ඝකාලීන සාර්ථකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන අතරතුර අපගේ කණ්ඩායම පෙන්නුම් කරන කැපවීම මෙන්ම අපගේ පාර්ශ්වකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ප්‍රතිඵල මගින් මනාව පැහැදිලි වනවා. ඉදිරියටත් ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික අභිලාශයන්ට මෙන්ම සමස්තයක් ලෙස ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්වැලක් වීමට අප සූදානම්.”
මේ ආකාරයට අඛණ්ඩව ශක්තිමත් මූල්‍ය තත්වයක් පවත්වා ගන්නා අතරම ක්ෂේත්රයේ විශිෂ්ටතම ක්‍රමවේදයන් අනුව තම මෙහෙයුම් කටයුතු සිදුකරමින්, මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සමත් වී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසාධනය කරා ගමන් කරමින් සිටින අතර, මෙම පසුබිම තුළ උදා වන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබමින්, ඉදිරි කාලයේදී අභියෝගවලට හොඳින් මුහුණ දෙමින්, තිරසාර වර්ධනයක් අත්කර ගැනීම සමාගමේ අපේක්ෂාව වී ඇත.