දේශීය ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S)හි අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වූ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025, පසුගිය දා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහ කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ සත්කාරකත්වය දරන මෙම ශූරතාවලිය අගෝස්තු 04 සිට 08වන දා තෙක් පැවැත්විණි. 2014 වසරේ දී ආරම්භ කළ මෙම ජාතික මට්ටමේ තරඟාවලිය සඳහා ආරම්භක වසරේ පටන් ශූරතා අනුග්‍රාහකයා ලෙස පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) කටයුතු කර ඇත. මෙම වසරේ රුක්මිණි කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශුරතාවලියේ බාලක ශූරතාව රේෂාන් අල්ගම විසින් ද, බාලිකා ශූරතාව කායා දළුවත්ත විසින් ද දිනා ගනු ලැබිණි.ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩා කුසලතා පෝෂණය කිරීම සඳහා සන්නාමයේ නොසැලෙන කැපවීම මෙමගින් අවධාරණය කරයි.



කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ක්‍රීඩා දක්ෂතාවන් ඔප් නැංවීමේ වේදිකාවක් ලෙස කටයුතු කරන රුක්මණී කෝදාගොඩ ගොල්ෆ් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරන ක්‍රියාකාරී ආයෝජනයකි. ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් සිය ආයතනික සමාජ මෙහෙවරෙහි වැදගත්කම අවබෝධ කර ගනිමින් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) වසර 11ක් පුරා ශුරතාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කරයි. ගොල්ෆ්, ටෙනිස් ,බැඩ්මින්ටන් ඇතුළු ක්‍රීඩාවන් රැසක් වෙනුවෙන් සහය දැක්වීමේ ඉතිහාසයක් P&S සතු අතර පාසැල් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා සමාගමේ මෙහෙවර මින් තවදුරටත් සනාථ වේ.
රුක්මිණි කෝදාගොඩ 1979 දී ශ්‍රී ලංකා ආධුනික ශූරතාව හා තවත් ක්‍රීඩා රැසකින් ජාතික මට්ටමේ ජයග්‍රහණ දිනා ගනිමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළාය. මීට අමතරව, 1990 සහ 1991 දී ශ්‍රී ලංකා කාන්තා ගොල්ෆ් සංගමයේ සභාපතිනිය ලෙසත්, කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ කාන්තා අංශයේ නායිකාව ලෙසත් ඇය කටයුතු කළාය. ඇය කළ සේවයට ගෞරව දැක්වීමක් ලෙස රුක්මිණි කෝදාගොඩ ජූනියර් මැච් ප්ලේ ශූරතාවලිය වාර්ෂිකව පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව පුරා නැගී එන ගොල්ෆ් ක්‍රීඩා කුසලතා පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් මින් ඉටු කරයි.
පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) හි කළමනාකාර අධ්‍යක්ෂ, ගිහාන් පෙරේරා මහතා, “අපගේ හිටපු සභාපතිනි රුක්මිණි කෝදාගොඩ මහත්මියට ගෞරවයක් වශයෙන් මෙම ශූරතාවලියට අනුග්‍රහය දැක්වීමට ලැබීම ගැන අපි සැබවින්ම ආඩම්බර වෙනවා. මෙම තරඟාවලිය ඇය විසින් ගොල්ෆ් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ කාර්යභාරයට උපහාර දැක්වීමක් පමණක් නොව, දිවයින පුරා තරුණ ගොල්ෆ් ක්‍රීඩකයින් සඳහා ගමන්මග සකස් කිරීම වෙනුවෙන් ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. (P&S) හි අපි, බිම් මට්ටමේ සිටම ක්‍රීඩාව නඟා සිටුවීමට මහත් ලෙස කැප වී සිටිනවා. එසේම නැගී එන දක්ෂතා හඳුනා ගනිමින්, ඒවා දියුණු කිරීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩාවේ අනාගතයට දායක වීම සඳහාත් අවස්ථාවන් අපි නිර්මාණය කරනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සිය මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යනු ලැබේ.