ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන ‘Atlas ගුරුගරු’ උපහාර උත්සවය පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු තවත් නිලධාරීන් රැසක් සමගින්, බස්නාහිර පළාතෙහි ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

සෑම වසරකදීම Atlas Axillia ආයතනය, ‘Atlas ගුරුගරු’ වැනි ප්රමුඛ වැඩසටහන් ඔස්සේ රටපුරා ගුරුවරුන් 7,000 කට අධික පිරිසක් සම්බන්ධ කර ගන්නා අතර, ගුරුවරුන්ගේ ඉගැන්වීම් කටයුතු වැඩිදියුණු කිරීමට සහ දූ දරුවන්ට සතුටින් පිරි, ඵලදායී අධ්‍යාපනයක් ලබා දිය හැකි වන පරිදි කුසලතාවන් හා දැනුම වර්ධනය කිරීම එහි ප්‍රධාන පරමාර්ථයයි.
වසර 65 කට අධික කාලයක් පුරාවට අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය උදෙසා පුරෝගාමියෙකු වූ Atlas සන්නාමය, මෙරට දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දෙයි. එමෙන්ම දූ දරුවන්ගේ නැණ නුවණ පුබුදුවාලන කර්තව්‍යයේ නියැළෙන විශිෂ්ටතම ගුරු පරපුර හඳුනා ගනිමින් ඔවුන් නිසි ලෙස ඇගයුමට ලක් කිරීමෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා Atlas සන්නාමය ගෙන යන අඛණ්ඩ මෙහෙවරද සුවිශේෂී වේ.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ Atlas Axillia හි කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ සඳහන් කළේ ය. ‘‘ගුරුවරුන් තම සිසු දරුවන්ට දැනුම ලබා දෙනවා සේම දරුවන්ගේ ආකල්ප, චර්යාවන් සහ අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවශ්‍ය මංපෙත් විවර කරනවා. එම කාර්යභාර්යයේ දී ඔවුන් දක්වන අසීමිත කැපවීම ඇගයුමට ලක් වන්නේ ඉතාම කලාතුරකින් වන නිසා අප ඔවුන්ගේ කුසලතාවයන්, විශිෂ්ට හැකියාවන් තවදුරටත් ඔප් නැංවීම සඳහා අප මෙවැනි අවස්ථාවන් සලසා දීම පිළිබඳව අතිශය සතුටට පත් වෙනවා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන අතරතුර ගුරුවරුන්ගේ මානසික යහපැවැත්ම තහවුරු කිරීම ඉතාමත් වැදගත් බව අප විශ්වාස කරනවා. එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉලක්කයන් සාක්ෂාත් කර ගනිමින් අනාගත පරපුර දැනුමෙන් පරිපූර්ණ පිරිසක් බවට පරිවර්තනය කිරීමේ මෙහෙවරට දායකවන සියලුම ගුරුවරුන්ට පිටුබලයක් වීමට අප සැමවිටම කටයුතු කරනවා’’
මෙහිදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්වීය. ‘‘Atlas සන්නාමය සෑම වසරකම Atlas ගුරුගරු වැනි වැඩසටහන් සංවිධානය කරමින් ගුරු ප්‍රජාව සවිබල ගැන්වීමට කටයුතු කිරීම සැබවින්ම අගය කළ යුතු වෙනවා. එම කර්තව්‍යයේදී පාර්ශවකරුවකු වන්නට ලැබීම අපට ද ඉමහත් ගෞරවයක්. අනාගතය හැඩගැස්වීම සඳහා ගුරුවරුන් දක්වන දායකත්වය සහ කැපවීම අගය කරන මෙවැනි වැඩසටහන් තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් වෙනවා’’මෙරට අධ්‍යාපනය සුබවාදී අනාගතයක් කරා රැගෙන යන ගුරුවරුන් අගය කරමින් ඵලදායී අධ්‍යාපන ප්‍රජාවක් නිර්මාණය කිරීමෙහිලා Atlas Axillia සතු තිරසාර කැපවීම, මෙම ඇගයුම් උත්සවයේ දී මනාව පිළිබිඹු විය. ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාව පෝෂණය කරමින් පුළුල් දැක්මක් සහිත ගුරු පරපුරක අභිවෘද්ධිය මෙන්ම පිළිගැනීම උදෙසා Atlas සන්නාමය මහඟු දායකත්වයක් ලබා දෙනු නිසැකය.




