ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා මෙන්ම SLT-MOBITELහි අනුබද්ධ සමාගමක් වන eChannelling PLC සහ බටහිර කොළඹ රොටරි සමාජය (Rotary Club of Colombo West) අතර විශේෂ ආයතනික ප්‍රජා සත්කාර හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා පහසුකම් ජාලය ශක්තිමත් කිරීමය.

eChannelling PLC දීර්ඝ කාලයක පටන් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා නොයෙක් අයුරින් දායක වෙමින් සිටී. මෙම උත්සාහයෙහි දිගුවක් වශයෙන් මෙම හවුල්කාරීත්වය යටතේ eChannelling PLC විසින් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා බටහිර කොළඹ රොටරි සමාජය වෙත මූල්‍යමය සහයෝගය ලබාදෙනු ඇත.
මෙම සාමූහික මෙහෙවර යටතේ මූලික වශයෙන් කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතය. අවශ්‍යතාව පැනනැගුණහොත් දෙපාර්ශ්වයේම එකඟතාව මත, මානසික රෝග සඳහා ප්‍රතිකාර සිදුකරන වෙනත් මධ්‍යස්ථානවලටද අත්වැලක් වීමට පියවර ගැනෙනු ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා පහසුකම් නවීකරණය කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතු වී තිබේ. බටහිර කොළඹ රොටරි සමාජය සමග එක් වී මෙම අවශ්‍යතාව සපුරලාන අතරම ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ යහපතට දීර්ඝකාලීනව දායක වීම eChannelling සමාගමේ අරමුණ වී ඇත. eChannelling මේ වන විට ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය ඩිජිටල් සෞඛ්‍ය සේවා සන්නාමය ලෙස සැලකෙන අතර, එම කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගනිමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතියට හැකි උපරිමයෙන් දායක වීම සඳහා සමාගම පියවර ගනිමින් සිටී.
SLT-MOBITEL හි ශක්තිමත් තාක්ෂණික යටිතල පහසුකම් මගින් බලගැන්වෙන eChannelling සමාගමේ මෙහෙවර සෞඛ්‍ය සේවාවන් පිරිනැමීමට පමණක් සීමා නොවේ. මේ වන විට මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා මෙන්ම, මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවා ක්ෂේත්‍රයෙහි පහසුකම් හා ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා eChannelling කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී.
මෙම වැඩපිළිවෙළ මගින් සමස්තයක් ලෙස රටේ මානසික සෞඛ්‍ය සේවාවන්ට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු වන අතරම, සන්නාමයක් ලෙස eChannelling සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විශ්වාසය හා ගෞරවය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම සෞඛ්‍ය සේවාව සම්බන්ධ ප්‍රමුඛයෙකු ලෙස සමාගම සතු කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
2000 වසරේදී අන්තර්ජාලය ඔස්සේ වෛද්‍යවරුන් චැනල් කිරීමේ සේවාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් eChannelling එතැන් පටන් මෙරට සෞඛ්‍ය සේවාව පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමට සමත් වී තිබේ. මේ වන විට රටේ දිස්ත්‍රික්ක 25 පුරාම විසිරී පවතින රෝහල්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සහ ඖෂධ අලෙවිසැල් රාශියක් eChannelling සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ඩිජිටල් සෞඛ්‍ය සේවා නවෝත්පාදන නිරන්තරයෙන් මෙරට ජනතාව වෙත හඳුන්වා දීම eChannelling හි අරමුණ වී ඇත. එමෙන්ම රට පුරා සෞඛ්‍ය සේවා පහසුකම් ශක්තිමත් කරමින් සමාජයට යහපතක් සිදුකිරීමට eChannelling කැප වී සිටින අතර, මෙම හවුල්කාරීත්වය එම කැපවීමෙහි තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.





