මාලදිවයිනේ ආයෝජනවලින් රිවර්ස්ටන්වල ඩොලර් මිලියන 6 ක් වටිනා නිවාඩු නිකේතනයක් සෑදීමට සැරසෙන Leaf Lanka International

Share with your friend

තරුණ ව්‍යවසායක හශාන් ගුණතිලක මහතාගේ නායකත්වයෙන් පන්නරය ලබන Leaf Lanka International පෞද්ගලික සමාගම, නුදුරේ දීම ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයට නවමු හැඩයක් එක් කිරීමට සැරසෙමින් සිටියි.

මාතලේ දිස්ත්‍රික්කයේ දර්ශනීය රිවර්ස්ටන් කලාපය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක් වටිනා නිවාඩු නිකේතන ව්‍යාපෘතියක් ඇරඹීමට ඔවුන් සූදානමින් සිටින අතර, මේ වන විටත් එම යෝජිත ප්‍රදේශයෙන් අක්කර 17 ක භූමි භාගයක් මිල දී ගෙන ඇත. මේ මොහොතේ දී ශ්‍රී ලංකාවට ඉතා වටිනා විදෙස් ආයෝජනයක් වන මෙය, මාලදිවයින් ආයෝජකයින් විසින් සිදු කරන ලද සුවිශාල ආයෝජනයක් ලෙස සැලකේ.

ස්වභාවික සුන්දරත්වය මනාව පවතින මාතලේ ප්‍රදේශයේ  පරිසර සාධකවලට අනුකූලව ස්වාභාවික සුන්දරත්වය එලෙස ම පවත්වා ගනිමින්, පරිසරයට හිතැති සංචාරකයින් සඳහා පිරිසිදු, ස්වාභාවික පරිසරයක ආධ්‍යාත්මික අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත.

මෙම නිවාඩු නිකේතනය ලොව ඇති නවීනතම තාක්ෂණය සහ තිරසාර සංකල්ප එකට කැටි කොට නිර්මාණය වේ. එබැවින් මෙහි එන අයෙකුට සුව පහසුව සමග පාරිසරික සුන්දර්ත්වයත් සමානව අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

Leaf Lanka International පෞද්ගලික සමාගම විසින් අනාගතයේදීත් මෙවැනි ව්‍යාපෘති හරහා ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය පෙර නොවූ විරූ සංධිස්ථාන වෙත රැගෙන යාමට බලාපොරොත්තු වේ.


Share with your friend