මෙම මූල්‍ය වර්ෂය (2021/22) තුළ නව ශාඛා 15 ක් විවෘත කර සමාගමේ ශාඛා ජාලය දෙගුණයකටත් වඩා වැඩිකර ගැනීමේ අරමුණින් Ideal Finance සිය 13 වන ශාඛාව පසුගියදා වැලිමඩදී විවෘත කළේය.
මෙම ප්‍රදේශය උඩරට එළවළු නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් වන අතර විවිධ නිෂ්පාදන සඳහා ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටීම ආදී එම ප්‍රදේශයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන අයිඩියල් ෆයිනෑන්ස් විවෘත කළ මෙම වැලිමඩ ශාඛාවෙන් ලීසිං, ණය පහසුකම් (රන් ණය ද ඇතුළත්ව), තැන්පතු වැනි සේවා රැසක් පාරිභෝගිකයින් හට ලබා ගත හැකිය.
මෑත කාලීනව සිදුවූ ප්‍රධාන වර්ධනයන් කිහිපයක් හේතු කොටගෙන අයිඩියල් ෆයිනෑන්ස් සිය ශාඛා ජාලය පුළුල් කරමින් සිටින අතර මේ යටතේ වැලිමඩ ශාඛාව විවෘත කිරීමෙන් පසුව සමාගම සැප්තැම්බර් මාසයේදී දිවයිනේ ප්‍රධාන ස්ථාන කිහිපයක නව ශාඛා විවෘත කිරීමට නියමිතව ඇත. මෙම ප්‍රධාන වර්ධනයන් අතරට ඉන්දියාවේ Mahindra Financial Services Limited (MMFSL) වෙතින් නව විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, Fitch ශ්‍රේණිගත කිරීම්වල IFL ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සහ සමාගම පසුගිය (2020/21) මූල්‍ය වර්ෂයේ විශිෂ්ටතම මූල්‍ය කාර්ය සාධනය වාර්තා කිරීම යනාදිය ඇතුළත් වේ.
මෙම නවතම ආයෝජනය සමඟ MMFSL මේ වන විට අයිඩියල් ෆයිනෑන්ස් හි 58.2% ක කොටස් හිමිකාරීත්වය දරන විශාලතම කොටස් හිමියා බවට පත්ව තිබෙන අතර ඒ සමඟම අයිඩියල් ෆයිනෑන්ස් MMFSL හි දෙවන විදේශීය අනුබද්ධිත ආයතනය බවට පත්ව තිබේ. MMFSL විසින් IFL හි සිදු කළ සමස්ත ආයෝජනය රුපියල් බිලියන 2 කි. මීට පෙර 2020 දී MMFSL අයිඩියල් ෆයිනෑන්ස් හි 38.2% ක කොටස් ප්‍රමාණයක් හිමි කරගත් අතර එමඟින් තම කළමනාකරණය යටතේ පවතින ඩොලර් බිලියන 11 කට අධික වත්කම් සහිත MMFSL වැනි දැවැන්ත මූල්‍ය ආයතනයකින් සමාගම සවිබල ගැන්විණි. එය ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත්රයම ඉක්මවා ගිය දැවැන්ත ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකිය.
Fitch Ratings විසින් මෑතකදී අයිඩියල් ෆයිනෑන්ස් හි ශ්‍රේණිගත කිරීම ‘BB-(lka)’ සිට ‘AA-(lka)’ දක්වා ඉහළ දමමින් සමාගමේ ස්ථාවරභාවය සහ අපේක්ෂාවන් කෙරෙහි වැඩි විශ්වාසයක් ලබා දුන්නේය.
මෙම වර්ධනයන් සඳහා ශක්තියක් වෙමින්, අයිඩියල් ෆයිනෑන්ස් 2021 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සිය විශිෂ්ටතම වාර්ෂික මූල්‍ය කාර්යසාධනය වාර්තා කිරීමට සමත් වූයේ, කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පැන නැඟුණු අභියෝග රාශියක් ජය ගනිමින් වීම විශේෂත්වයකි. මෙම කාලය තුළම, රටේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂෙත්රය තුළ සැලකිය යුතු පහළ වැටීමක් වාර්තා කළ අතර මේ යටතේ ලාභදායීතාවයේ පහළ වැටීමක් හා අක්‍රීය ණයවල ඉහළ යාමක් දක්නට ලැබුණි.
කෙසේවෙතත්, ක්ෂේත්රයේ නව ප්රවණතාවන්ට අභියෝග කරමින්, අයිඩියල් ෆයිනෑන්ස් ලාභදායීත්වයේ වැඩි වීමක්ද අක්‍රීය ණය අනුපාතයේ (NPL) අඩු වීමක් ද වාර්තා කළේය. 2021 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ බදු පෙර ලාභය (PBT) පසුගිය වසරට සාපේක්ෂව 76%කින් වැඩි වී රුපියල් මිලියන 288.4ක් බවට පත් විය. මේ අතර 2020 වසරට සාපේක්ෂව සමාගමේ බදු පසු ලාභය (PAT) 74% කින් වර්ධනය වී රුපියල් මිලියන 183.8 ක් වී ඇත. මූල්‍ය වර්ෂය සඳහා දළ අක්‍රීය අනුපාතය පසුගිය වසරේ 5.3% සිට 3.3% දක්වා අඩු වෙමින් කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමාගමට හැකි විය.
”මෙම ආයෝජනයෙන් Mahindra & Mahindra Financial Services අයිඩියල් ෆයිනෑන්ස් සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තැබීම රටේ හා අයිඩියල් ෆයිනෑන්ස් හි ස්ථාවරත්වය මෙන්ම සංවර්ධනය කෙරෙහි පෙන්නුම් කළ කාලෝචිත පියවරක්. අභියෝග රාශියක් මධ්‍යයේ ක්ෂේත්රයේ සියලූම දර්ශකවලින් පෙන්නුම් කෙරෙන පරිදි සමාගම විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කරමින් පෙන්නුම් කරන්නේ අයිඩියල් ෆයිනෑන්ස් කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසයයි.’’ යනුවෙන් අයිඩියල් ෆයිනෑන්ස් සභාපති නලින් වෙල්ගම මහතා පැවසුවේය.
අයිඩියල් ෆයිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසුවේ ‘’අප විසින් ගත් විචක්ෂණශීලී උපායමාර්ගික පියවරයන් ලාභාංශ ලබා දුන් බව මෙම මූල්‍ය කාර්යසාධනයෙන් පෙන්නුම් කරනවා. කෙසේවෙතත් කෙටි කාලීන වැඩිදියුණු කිරීම්වලට අමතරව, මෙම අභියෝගාත්මක කාල සීමාව තුළ සිදු කරන ලද වර්ධනයන් විශේෂයෙන්ම අපගේ නව ඩිජිටල් උපායමාර්ගය හඳුන්වා දීමත් සමඟ දිගුකාලීන වර්ධනීය ගමනකට ශක්තිමත් අඩිතාලමක් දමා තිබීම සැබවින්ම සතුටට කරුණක්.’’ යනුවෙනි.
”අපගේ ශාඛා ජාලය පුළුල් කිරීම තුළින් බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශ වෙත අයිඩියල් ෆයිනෑන්ස් ව්‍යාප්ත වීම නිසා තවදුරටත් අපගේ සේවා වපසරිය ශක්තිමත් වනවා.” දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි රටේ අවධානය යොමු වී ඇති විටෙක කෘෂිකර්මාන්තය වැනි අංශවල වර්ධනයට සහාය දක්වමින් ප්රතිලාභ ලබා ගැනීමට මෙමගින් අයිඩියල් ෆයිනෑන්ස් හට අවස්ථාව හිමිවනවා.’’ යනුවෙන් අයිඩියල් ෆයිනෑන්ස් ප්‍රාදේශීය කළමනාකාර නිලංග ජයලත් මහතා පැවසුවේය.
Ideal Finance Ltd. (IFL), ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර 2012 මාර්තු මාසයේදී තම මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ ග්‍රාමීය හා අර්ධ නාගරික අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙනි. මෙහි ණය කළඹ රන් ණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය, පුද්ගලික ණය, මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ වාණිජ වාහන සඳහා ණය ලබා දීම ආදී වූ සේවාවලින් සමන්විත වේ. IFL ලාභදායීතාවයේ තිරසාර වර්ධනයක් වාර්ෂිකව වාර්තා කරමින් ශක්තිමත් ණය කළඹක් ද පවත්වා ගෙන යයි.