සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට පසුගියදා එළැඹුණේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් ආයතනය සතු සුවිශේෂී ජීවිත රක්ෂණ විසඳුම් රැසක් සම්පත් බැංකුවේ පුළුල් නිෂ්පාදන කළඹට ඒකාබද්ධ වන අතර, එ් තුළින් ගනුදෙනුකරුවන්ගේ බැංකු සහ ජීවිත රක්ෂණ අවශ්‍යතාවයන් සඳහා කාර්යක්ෂම විසඳුම් ලබා දීමට පහසුකම් සැලසෙනු ඇත.
![](https://eyeviewsl.com/wp-content/uploads/2025/02/Image-1-1024x614.jpg)
2025 ජනවාරි 30 වන දා ගිවිසුමකට අත්සන් තැබීමත් සමගින් මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය නිල වශයෙන් ආරම්භ වූ අතර, සම්පත් බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ ඩිජිටල් ශක්‍යතාවන් උපයෝගී කරගනිමින් ගනුදෙනුකරුවන් හට යූනියන් ඇෂුවරන්ස් හි නිෂ්පාදන වෙත පහසුවෙන් පිවිසීමට අවස්ථාව හිමි වේ. මෙම හවුල්කාරිත්වය අනුව බැංකු ගනුදෙනුකරුවන්ගේ මුල්‍ය ආරක්ෂාව සහතික කරමින් ඔවුනගේ දිගුකාලීන පැවැත්ම සඳහා කාර්යක්ෂම සේවාවක් සපයනු ලබයි.
නවෝත්පාදන සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ලබා දීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා අංශයේ විශිෂ්ටයින් දෙදෙනකුගේ එකතු වීමක් ලෙස මෙම සහයෝගීතාවය වඩාත් කැපී පෙනේ. සම්පත් බැංකුව සහ යූනියන් ඇෂුවරන්ස් ආයතනය, දශක හතරකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයන්ට මුල්‍යමය ඉලක්කයන් කරා ළඟා වීමට අනුපමේය කාර්යභාර්යයක් ඉටු කර දී තිබේ. එබැවින් රටේ මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම ලාංකේය ජන විඥානය පිළිබඳව ද මනා අවබෝධයක් සතු මෙම ආයතනික සහයෝගීතාවයට විශේෂඥ වටිනාකමක්ද එකතු වනු ඇත.
![](https://eyeviewsl.com/wp-content/uploads/2025/02/Image-2-1024x665.jpg)
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය. “මෙරට මුල්‍ය සේවාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, යූනියන් ඇෂුවරන්ස් ආයතනය සමග මෙම සුවිශේෂී සහයෝගීතාවය ඇති කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප සතුටට පත් වෙනවා. යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ නවතම ජීවිත රක්ෂණ විසඳුම් අපගේ පුළුල් පරාසයකින් යුත් නිෂ්පාදන කළඹට එකතු කිරීමත් සමග අපගේ ගනුදෙනුකරුවන්ට ඒ සඳහා වඩාත් පහසුවෙන් සහ ආරක්ෂාකාරි ලෙස ප්‍රවිශ්ට වීමට ඉඩකඩ සලසා දීමට අප කටයුතු යොදනවා. මෙම සහයෝගීතාවය තුළින් පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන් කෙරෙහි ආයතන යුගලය දක්වන විශිෂ්ටත්වය සහ කැපවීම මනාව ඉස්මතු වනවා සේම ශ්‍රී ලාංකිකයන්ගේ ගතික අවශ්‍යතාවන් වඩා හොඳින් සපුරාලීමට ද හැකියාව ලැබෙනවා’’
“ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සම්පත් බැංකුව සමඟ අපගේ සුවිශේෂී බැංකු රක්ෂණ සහයෝගීතාවය නිවේදනය කරන්නට ලැබීම අපට විශාල ආඩම්බරයක්. මෙම සහයෝගීතාවය, අප ආයතන දෙකෙහිම වටිනාකම් වලට නව අරුතක් ගෙන දෙමින් සහ ගනුදෙනුකරුවන්ට මුල්තැන ලබා දෙමින් උසස් තත්ත්වයේ විසඳුම් ලබා දීමට අවස්ථාව උදා කරනවා. සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ අවශ්‍යතාවන් අනුව, ඔවුන්ගේ මුල්‍ය සැලසුම්කරණයට ගැලපෙන ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීමට සඳහා අපගේ විශේෂඥ හැකියාව සම්පත් බැංකුවේ උසස් තාක්ෂණය සමග උපයෝගී කර ගැනීමට අපි කැප වී කටයුතු කරනවා’’ යැයි යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසීය.
සම්පත් බැංකුව පිළිබඳව
සම්පත් බැංකුව යනු 1986 වසරේදී මෙරට සංස්ථාපිත කරන ලද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත වූ බලපත්‍රලාභී වාණිජ බැංකුවකි. තනි පුද්ගලයින්ට, ව්‍යාපාරවලට සහ ප්‍රජාවන්ට මුල්‍යමය සාර්ථකත්වයක් අත්කර දීම සඳහා පුද්ගලික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ආයෝජන විසඳුම් සහ ඩිජිටල් බැංකුකරණය ඇතුළු පුළුල් සේවාවක් සපයමින් විශ්වාසවන්ත හවුල්කරුවෙකු වශයෙන් ස්ථාපිත වී ඇත. තිරසාර වර්ධනයක් සහ ආර්ථික සමෘද්ධියක් අපේක්ෂාවෙන් කටයුතු කරන සම්පත් බැංකුව, මුල්‍යමය විභවයන් විවෘත කරමින් සියලු දෙනාගේම ජීවිත තුළ අභිවෘද්ධියක් ඇති කරලීමට කැප වෙයි. බැංකු ශාඛාවන් 229කින්, ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර 450කට අධික සංඛ්‍යාවකින්, නියෝජිත බැංකු ස්ථාන 1200කට වැඩි ජාලයකින් සහ මාර්ගගත ක්‍රමවේදයක් ද සමගින් ක්‍රියාත්මක වන සම්පත් බැංකුව ඉහළ සදාචාරාත්මක ප්‍රමිතීන් පවත්වා ගෙන සිය ගනුදෙනුකරුවන්ට ප්‍රශස්ත බැංකු සේවාවක් ලබා දීමට ඇපකැප වී සිටී.
යූනියන් ඇෂුවරන්ස් ආයතන පිළිබඳව
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක් පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමග ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළඳපොළ ප්‍රාග්ධනකරණයක් සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් ද සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,300කට අධික සවිමත් සේවා බලකායක් සමග ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිත ජනතාව, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.