DFCC බැංකුව වාර්ෂිකව සංවිධානය කරන ‘Ride for Life’ පාපැදි සවාරියේ 2025 අදියර පසුගිය ජූනි 22 දින පාපැදිකරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශාරීරික යහපැවැත්ම හා එකමුතු බව ප්‍රවර්ධනය කිරීම සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරිය මෙවර DFCC බැංකුවේ 70 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලදි.

‘Ride for Life 2025’ පාපැදි සවාරියේදී පාපැදිකරුවෝ කොළඹ වරාය නගරය ඇතුළු දර්ශනීය ස්ථාන රැසක් පසුකරමින් කිලෝමීටර් 15 ක දුරක් ධාවනයේ යෙදුණහ. DFCC බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. තිරසාරත්වය යනු පාරිසරික සහ ආර්ථික ඉලක්කයක් පමණක් නොවන බවත්, එය රටේ සමාජයීය හා මානසික යහපැවැත්ම තහවුරු කරගැනීම ඔස්සේ ළඟා කරගත යුතු දෙයක් බවත් මෙහිදී අවධාරණය කරන ලදි.
‘Ride for Life’ වැඩසටහන DFCC බැංකුවේ ආයතනික සමාජ වගකීම් ක්‍රමෝපායේ ‘ව්‍යායාම’ අංශය යටතේ පවත්වනු ලබන්නකි. DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් අනුගමනය කරන මෙම ක්‍රමෝපාය ‘වගකීම්සහගත සංවර්ධනය’ යන තේමාව පදනම් කරගනිමින් නිර්මාණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ මෙය හුදෙක් කායික ක්‍රියාකාරකම් මූලික කරගත් වැඩසටහනක් පමණක් නොවන බවයි. එය ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙන්ම, අද දවසේ කාගේත් අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතු කාරණයක් වන සියදිවි නසාගැනීම් වැළැක්වීම යන අරමුණු මුල්කරගත් සමාජ සත්කාරයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.
CCC Foundation යටතේ CCCline මගින් ක්‍රියාත්මක කරන 1333 ක්ෂණික ඇමතුම් අංකය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ එක් ප්‍රධානතම ඉලක්කයක් විය. මෙම ක්ෂණික ඇමතුම් අංකය මානසික පීඩනයෙන් සිටින ඕනෑම කෙනෙකුට සහනයක් ලබාදෙන සුවිශේෂී සේවාවකි. මානසික ආතතියට පත්වන අවස්ථාවලදී එම පුද්ගලයන්ට තමන් තනි වී නොමැති බව පෙන්වා දී අවශ්‍ය මගපෙන්වීම් ලබාදීම අතිශයින් වැදගත් වන අතර, ඒ අරමුණින් ක්‍රියාත්මක වන එම මහඟු මෙහෙවරට නිසි ප්‍රචාරයක් ලබාදීම DFCC බැංකුවේ අරමුණ විය.
“මෙය හුදෙක් පාපැදි සවාරියක් පමණක් නොවෙයි. මෙය උදාර අරමුණක් වෙනුවෙන් එකමුතු වීමක්. අප උත්සාහ කරන්නේ තමන්ගේ යහපැවැත්ම තහවුරු කරගැනීම අතිශයින් වැදගත් බවත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක උදව් ලබාගත හැකි ක්‍රම පවතින බවත් ශ්‍රී ලාංකිකයන්ට පෙන්වා දීමටයි.”