යූනියන් ඇෂුවරන්ස් සමාගමට ‘Health 360’ වෙනුවෙන් ඉහළම තලයේ සම්මාන දෙකක්

Share with your friend

යූනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණාවරණයක් වන Health 360 වෙනුවෙන් එම සමාගමට ඉහළම තලයේ සම්මාන දෙකක් හිමි වී තිබේ. 2021 ‘Insurance Alerts Excellence’ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සෞඛ්‍ය රක්ෂණ සැලසුම’ සම්මානය සහ, 2021 වසරේ ‘Insurance Asia’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම රක්ෂණ වැඩසටහනට (ශ්‍රී ලංකාව)’ යන සම්මාන මෙලෙස යූනියන් ඇෂුවරන්ස් සමාගම වෙත හිමි විය.  මෙම සම්මාන, ශ්‍රී ලංකාවට විශිෂ්ටතම රක්ෂණ විසඳුම් හඳුන්වා දීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම දරන උත්සාහයන්ට ලැබුණු ඉහළම තලයේ ඇගයීමක් ලෙස හැඳින්විය හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා ප්‍රකාශ කළේ, මෙය වඩාත්ම නවෝත්පාදනීය සෞඛ්‍ය රක්ෂණ විසඳුම් හඳුන්වා දීම ඉලක්ක කරගත් යූනියන් ඇෂුවරන්ස් ආයතනික ක්‍රමෝපාය ලැබූ තවත් ජයග්‍රහණයක් බවයි. රක්ෂිතයාට අමතරව ඇයගේ/ඔහුගේ සහකරු/සහකාරිය, දරුවන් සහ දෙමාපියන් ඇතුළු පරම්පරා තුනකට රැකවරණය සලසන Health 360, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

“ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙල දෙකකදී ලැබුණු මෙම සම්මාන, ඉහළ යමින් පවතින සෞඛ්‍ය වියදම් හමුවේ ගනුදෙනුකරුවන්ට අත්වැලක් සැපයීමට අප දරන උත්සාහයට ලැබුණු විශේෂ ඇගයීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. Health 360 නිසා, වියදම් පිළිබඳව සිත් තැවුල් ඇතිකර ගැනීමකින් තොරව, තමන් සහ තම ආදරණීයයන් වෙනුවෙන් හොඳම සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට රක්ෂිතයන්ට හැකියාව ලැබෙනවා. එම නිසා Health 360 රක්ෂණාවරණය, මෙම දුෂ්කර කාලයේදී ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කරන වටිනා ආරක්ෂක දැලක් ලෙස හැඳින්විය හැකියි.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය. 

යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී රුමේෂ් මෝදරගේ මහතා පැවසුවේ, පුළුල් පරාසයක් තනි විසඳුමකින් ආවරණය කරන සුවිශේෂී රක්ෂණාවරණයක් ලෙස Health 360 සැලසුම් කර ඇති බවයි. මෙමගින් පරම්පරා තුනක් ආවරණය වන ආකාරයට, රෝහල් ගාස්තු, සැත්කම්, දන්ත හා අක්ෂි වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ සහ මාතෘ සේවාවන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් රාශියක් සඳහා ප්‍රතිලාභ හිමි වේ. 

“විශේෂයෙන්ම අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලු හමුවේ, වේගයෙන් ඉහළ යන සෞඛ්‍ය සේවා වියදම් කළමනාකරණය කරගැනීමට අත්වැලක් වීම සඳහා Health 360 සැලසුම් කර තිබෙනවා. මේ නිසා රක්ෂණ හිමියන්ට, වියදම් සම්බන්ධ සීමාවන් හමුවේ පසුබට නොවී තමන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට පුළුවන්.” රුමේෂ් මෝදරගේ මහතා පෙන්වා දුන්නේ ය. 

Health 360 යනු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට, ක්ෂේත්‍රයේ පුරෝගාමී හා නවතම විශේෂාංග රාශියක් සමගින් යූනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දුන් නවතම පරිපූර්ණ රක්ෂණ විසඳුමයි. ක්ෂේත්‍රයේ ඉහළම වයස් සීමාව වන වයස අවුරුදු 75 දක්වා ආවරණය සලසන Health 360 රක්ෂණයේ ආවරණ පරාසයේ උපරිමය වසරකට රු. මිලියන 60 කි. එමෙන්ම බරපතළ රෝගාබාධ ආවරණයක්, බාහිර රෝගී ප්‍රතිකාර ආවරණයක්, ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ ආවරණයක් සහ එන්නත් හා වෛද්‍ය පරීක්ෂණ ආවරණයක්ද ඊට ඇතුළත් කර තිබේ. 

Health 360 ආවරණයේ ‘deductibles’ මට්ටම රු. 150,000 සිට රු. 2,000,000 දක්වාම විහිදී පවතින නිසා, රටේ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළ ගනුදෙනුකරුවන්ට තම ආවරණය වැඩි කරගැනීමට අවස්ථාව හිමි වී ඇත. 

පාරිභෝගිකයන්ට මුල්තැන දෙන ක්‍රමෝපායන් සහ දූරදර්ශී ඉදිරි දැක්ම වැනි සාධක නිසා යූනියන් ඇෂුවරන්ස් සමාගම අතීතයේ පටන්ම විශේෂ ඇගයීම් වලට ලක් වී තිබේ. නවෝත්පාදනයන් ඔස්සේ විශිෂ්ටතම තලයේ රක්ෂණ විසඳුම් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කිරීමට සමාගම සෑම විටම උත්සාහ කරයි. 

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා ‘Great Place to Work©’ ඇගයීමට පාත්‍ර වී ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී. 


Share with your friend