ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කෙරේ

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ LP ගෑස් සපයන්නන් වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම්වල නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර ඇති අතර, ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි කැපී පෙනෙන පියවරක් සනිටුහන් කරනු ඇත.

ගුණවර්ධන මහතා Aitken Spence සමූහයේ Aitken Spence Garments Ltd හි ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ලෙස සහ 2021 දෙසැම්බර් මාසයේ සිට Royal Fernwood Porcelain PLC හි ප්‍රධාන විධායක නිලධාරී ලෙසද ඔහුගේ කලින් සේවය කල ආයතනවල  අත්දැකීම් සම්භාරයක් ලබා ඇත. ඊට පෙර, ඔහු 2019 දී දංකොටුව පෝසිලේන් පීඑල්සී හා සම්බන්ධ වූ අතර එහිදී ඔහු ව්‍යාපාර ලාභදායි වීම සඳහා පරිවර්තනය සහ නායකත්වය පිළිබඳ සිය විශේෂඥතාව මැනවින් පෙන්නුම් කළේය.

ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් අතර Ernst and Young හි මාලදිවයින ප්‍රධානියා ලෙස සේවය කිරීම, බංග්ලාදේශයේ ඇඟලුම් මෙහෙයුම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස කටයුතු කිරීම සහ 2015 දී අප්‍රිකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන කම්හලක් පිහිටුවීම ඇතුළත් වේ.  Hirdaramani සමූහයේ ඔහුගේ 12 වසරක වෘත්තීය දිවිය තුල Knit Cluster හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස ඔහුගේ සේවය අවසන් වරට ලබාදුන් අතර එහිදී ඔහු නිෂ්පාදන කම්හල් 10 ක් මෙහෙයවූ අතර ප්‍රධාන නිෂ්පාදන පෙළ සඳහා විකුණුම් සහ අලෙවිකරණ මුලපිරීම් මෙහෙයවීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, නිවාස සහ කර්මාන්ත සඳහා විශ්වාසනීය සහ අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගුණවර්ධන මහතාගේ පත්වීමත් සමඟ දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිය සේවාවන් ලබාදීම උදෙසා වන ලිට්‍රෝහි දැක්ම තවදුරටත් ශක්තිමත් කර, වඩාත් අභියෝගාත්මක කාලවලදී පවා නිවාස හා බලශක්තිය අවශ්‍ය කර්මාන්ත යන අංශ දෙකම බලගන්වයි.

ගුණවර්ධන මහතාගේ නායකත්ව හැකියාවන් සහ ප්‍රවීණත්වය උදෙසා ඔහුට Colombo Leadership Academy මඟින් 2022දී නායකත්ව විශිෂ්ඨත්වය සඳහා වූ විශිෂ්ටයන්ගේ ලේඛනයට ඇතුලත් වීමට සහ CEO Sri Lanka මඟින් 2022 වසරේ නිෂ්පාදන අංශයේ ආයතනවල හොඳම ප්‍රධාන විධායක නිලධාරියා යන සම්මානය ඇතුළුව බොහෝ ඇගයීම් ලබා ඇත. ඔහු වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ (එක්සත් රාජධානියේ) සංගමයේ සහ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය යන ආයතන දෙකේම  සාමාජිකයෙකි. Southern Queensland විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ උපාධියක් ලබා ඇත. මේ වනවිට ඔහු  මැලේසියාවේ Management and Science විශ්වවිද්‍යාලයේ ආචාර්ය  උපාධියක් හදාරමින් සිටී.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ කොඳු නාරටිය ලෙස අමිල මෙහෙවරක් ඉටු කරන අතරතුර , ගුණවර් ධන මහතාගේ නායකත්වය,  ප්‍රගතිය සඳහා සමාගමේ මෙහෙවර බලගන්වමින් දිවයින පුරා සෑම නිවසකම සහ කර්මාන්තශාලාවකම බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා සහාය වනු ඇත.

ඡායාරූප

ලිට්‍රෝ ගෑස් ලංකා හි නව ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතා 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply