ව්‍යවසාය සම්මාන දිනූ ශ්‍රී ලාංකීය සමාගමක් වන ලිහිණි සී ෆුඩ්ස්, එහි නවතම හඳුන්වාදීම වන ප්‍රීමියම් ෆිෂ් සොසේජස් සමගින් මෙරට සෞඛ්‍ය සම්පන්න ආහාර විප්ලවය වෙත පියවර තබා තිබේ. ලිහිණි සී ෆුඩ්ස් යනු, දශක දෙකකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය අපනයන වෙළෙඳ පොළේ සුවිශේෂී ගමන්මගක් සලකුණු කර ඇති සමාගමකි.
![](https://eyeviewsl.com/wp-content/uploads/2024/01/Lihini-Seafood-1-1024x768.jpeg)
රසය හා පෝෂණය එක සේ කැටි කරමින් සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් සඳහා මැනවින් සැකසූ ආහාර නිෂ්පාදනයක් වන ලිහිණි සී ෆුඩ්ස් සමාගමේ ෆිෂ් සොසේජස් වෙළෙඳ පොළට එක් කෙරෙන්නේ නවතම හඳුන්වා දිමක් ලෙසිනි. මෙරට ආහාර කලාවට නවතම රසයක් හා හැඩයක් එක් කරමින් පාරිභෝගිකයින් වෙත පිරිනැමෙන ප්‍රීමියම් ෆිෂ් සොසේජස්, අභ්‍යන්තර පාලිත පරිසරයක ඇති කරනු ලබන මසුන් යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාරයක් නොවේ. දිවයින වටා මුහුදු තීරයෙන් නෙළගෙන්නා නැවුම් මත්ස්‍ය අස්වැන්න භාවිත කරමින් නැවුම් බව සුරකිමින් නිපදවන ලද ආහාරයක් වන ප්‍රීමියම් ෆිෂ් සොසේජස් හරහා පාරිභෝගිකයින් වෙත නැවුම් හා 100% ක් පිරිසිදු සී ෆුඩ් අත්දැකීමක් තිලිණ කරමින්, ශ්‍රී ලාංකිය සි ෆුඩ් ආහාර අත්දැකීම නව මානයක් කරා යොමු කරවීමට ලිහිණි සී ෆුඩ් සමත් වේ.
ආහාර නිෂ්පාදනයෙහිලා, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් HACCP සහ GMP යන ප්‍රමිති සහතික දෙකම සතු කරගෙන ඇති ලිහිණි සී ෆුඩ්ස් සමාගම, පාරිභෝගිකයින් වෙත නිරතුරුවම හොඳම ප්‍රමිතියේ නැවුම්ම නිෂ්පාදන, තිලිණ කිරීම වෙනුවෙන් කැප වන සමාගමකි. පාරිභෝගිකයින්ගේ ශාරීරික සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යාම උදෙසා සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන සමාගම, එමගින් පාරිභෝගිකයින් වෙත තිලිණ කරන සී ෆුඩ් නිෂ්පාදනවලට MSG, කෘත්‍රිම රසකාරක හෝ වර්ණක මෙන්ම කල්තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු නොකරයි. ඒ හේතුවෙන්, අනෙකුත් ආහාර නිෂ්පාදනවල ඇතුළත් කෘත්‍රිම රසයෙන් තොරව, ආහාරයෙහි නැවුම් රසය එලෙසම සුරකිමින් එම නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන ඒමටද සමත් වෙයි. මේ ඔස්සේ, නයිට්‍රේට් රහිත සම්පූර්ණයෙන්ම පිරිසිදු පරිභෝජන අත්දැකීමක් කරා පාරිභෝගිකයින් රැගෙන යාමට ලිහිණි සී ෆුඩ්ස් සමත් වෙයි. ඒ හැරුණු විට, ස්වකීය පෝෂණ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් උනන්දුවක් දක්වන පිරිසට නිතිපතා පරිභෝජනයට සුදුසු පරිදි, අත්‍යවශ්‍ය වැදගත් පෝෂණ සංඝටකවලින්ද ප්‍රීමියම් ෆිෂ් සොසේජස්, සමන්විත වීම විශේෂත්වයකි. එමෙන්ම, ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල එක් කෙරෙන ස්වභාවික පෝෂණ සංඝටයක් වන ඔමේගා 3 හා ප්‍රෝටීන් අඩංගු අතර, සෑම ලිහිණි සී ෆුඩ්ස් ග්‍රෑම් 100 කම, ප්‍රෝටීන් ග්‍රෑම් 13.7 ක් ඇතුළත් වේ. දිවයින පුරාම ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සල්වලින් මිලදීගත හැකි ග්‍රෑම් 200 පැකට්වලින් මෙම පෝෂ්‍යදායී ප්‍රීමියම් ෆිෂ් සොසේජස් පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය.
“ඔමේගා 3 හා ප්‍රෝටීන් ඇතුළත්, කෘත්‍රිම රසායනිකවලින් තොර මෙම නවතම මාළු සොසේජස් නිෂ්පාදනය තුළින් ලිහිණි සී ෆුඩ්ස්, මෙරට පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර සම්බන්ධ සහකරු බවට පත්ව සිටිනවා. අපි පාරිභෝගිකයින්ට විකල්ප ආහාර රසයන් මෙලෙසින් ප්‍රවර්ධනය කරන්නේ, ආහාර සම්බන්ධ සියලු ප්‍රමිතීන් සුරකිමින්, ගුණාත්මකභාවය සහතික කිරිමට කැපවෙන අතරයි. මෙම නිෂ්පාදනය පාරිභෝගිකයින්ගේ රස නහර පිනවීම පමණක් නොවෙයි, ඔවුන්ගේ නූතන සෞඛ්‍ය අවශ්‍යතාවලටද අනුකූලව, ඔවුන් වෙත පිරිනමන නිෂ්පාදනයක්. මෙම නවතම නිෂ්පාදනය, අහිතකර ආහාර පුරුදුවලින් ඉවත්ව, පෝෂණය හා යහපැවැත්මට මුල්තැන දී කටයුතු කිරීමට පාරිභෝගිකයින් දිරිමත් කරනවා.” යනුවෙන් ලිහිණි සී ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ මලින්ත ප්‍රනාන්දු සඳහන් කරයි.
ලොව පුරා කලාප ගණනාවක සුවිශාල පාරිභෝගික පදනමක් සහිත, මෙරට සම්මාන දිනූ සමාගමක් වන ලිහිණි සී ෆුඩ්ස් දෙස් විදෙස් ගනුදෙනුකරුවන් වෙත සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදන තිලිණ කිරීමෙහිලා දශක දෙකකට අධික අත්දැකිම් සහිත සමාගමකි. එහි නිෂ්පාදන ඇමරිකා, යුරෝපා, ආසියානු මෙන්ම, රුසියානු සහ ඕෂනියා යන කලාප පුරා බෙදා හරිනු ලබයි. සමාගම, BRC Global Standard for Food Safety Issue 7 අනුව සමාගමේ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ ක්‍රමවේදය සකස් කර ඇති අතර, IFS Food Safety (IFS) සහතිකයද සහිතව, ආහාර නිෂ්පාදනය සම්බන්ධ යුරෝපා හා දේශීය නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කරනු ලබයි. එමෙන්ම, HACCP සහතික කළ නිෂ්පාදන ක්‍රමවේදය අනුව එහි සැකසුම් ක්‍රියාවලිය සිදු කෙරෙන අතර, ආහාර නිෂ්පාදනය සම්බන්ධ FDA, GMP, SSOP සහ Friend of the Sea සහතිකය මෙන්ම, Dolphin Safe සහතිකයද සහිතව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන සමාගම, දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ සදහා අත්‍යවශ්‍ය නිර්ණායක ලෙසින් ක්ෂුද්‍රජීව විද්‍යාත්මක, රසායනික හා සනීපාරක්ෂණ ප්‍රමිතීන්ද නිසි ආකාරයෙන් සුරකියි. එමෙන්ම, සෑම නිෂ්පාදනයක්ම ඉහළම මට්ටමේ ගුණාත්මක තත්ත්වයෙන් යුතුව පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ අරමුණෙන්, එහි තත්ත්ව පාලන ඒකකය, සෑම මත්ස්‍යයකුගේම හිස්ටැමින් මට්ටම, රසදිය මට්ටම, වර්ණය හා සුවඳ මෙන්ම, උෂ්ණත්වය හා නැවුම් බව පිළිබඳ අඛණ්ඩ පරීක්ෂාවන් සිදු කරයි. එමෙන්ම, ලිහිණි සී ෆුඩ්ස් නිෂ්පාදන, පාරිභෝගිකයින් වෙත පිරි නමනු ලබන්නේ නිෂ්පාදනයෙහි සේම කාර්ය මණ්ඩලයේද ආරක්ෂිත බව, පිරිසිදු බව හා ගුණාත්මක බව යන කාරණා සම්බන්ධයෙන් වැඩි දියුණු කිරිම් නිරන්තරයෙන් සිදු කරන අතරෙහිය.