වර්ෂා කාලය සඳහා නිපෝන් පෙන්ට් නව Aqua Proof 7 in 1 හඳුන්වාදෙයි

Share with your friend

මෙවර මෝසම් කාලයේ බිත්ති වලින් වතුර කාන්දු වීම නවත්වන්න

වර්ෂා කාලය ඉතා ආසන්නයේ තිබියදී නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දු වීම් හා තෙතමනයෙන් ඇතිවන හානිය මග හරවා ගැනීමට නිපෝන් පෙන්ට් සහාය වෙයි. එය ඔබේ බිත්ති ආරක්ෂා කරන අතර ඔබේ නිවස නැවුම්, පිරිසිදු සහ අලංකාර ලෙස තබා ගන්නා ඉහළ ක්‍රියාකාරිත්වය කින් යුත් ජලය කාන්දු නොවන තීන්තයකි.

“Nippon Paint Lanka සමාගමේ අපි, ශ්‍රී ලාංකික නිවාස හිමියන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමට සමත්වී සිටිමු,” යයි Nippon Paint Lanka අධ්‍යක්ෂ ජනරාල් Low Yoon Pak පැවසීය. “අනපේක්ෂිත මෝසම් වැසිවල සිට වෙරළබඩ ප්‍රදේශ දක්වා, අපි අපගේ නිෂ්පාදන නිර්මාණය කරන්නේ මෙම ජීවිතයේ අත්විඳින අභියෝග හිතේ  තබාගෙනයි. නව්‍යකරණය අප කරන සෑම දෙයකටම මුල් වන අතර, නව Aqua Proof 7 in 1 එහි ප්‍රතිඵලයක්. උසස් ජල ආරක්ෂණ තාක්ෂණය, සුන්දරත්වය සමඟ ඒකාබද්ධ කිරීම හේතුවෙන් අපගේ පාරිභෝගිකයින්ට කිසි විටෙකත් ආරක්ෂාව සහ අලංකාරය අතර තෝරා ගැනීමට ගැටළුවක් වන්නේ නැහැ.”

“පිටත බිත්තිවලින් ඇතුළට කාන්දුවන වතුර ලොකු ප්‍රශ්නයක්,” යයි ඒ මහතා තව දුරටත් පැවසීය. “ඒ හින්දා, ඇතුළත බිත්තිවල පොටි ගැලවීම, පුස් හා ඇල්ගී වර්ධනයවීම වෙනවා. මේ නිසා සෞඛ්‍ය ගැටළු පවා ඇතිවෙන්නත් පුළුවන්.” 

“බිත්ති මත ආලේප කරන තීන්තවලින් ජලය කාන්දුවීම වැලැක්වීමට බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා කදිම විසඳුමක් තියෙන්නේ නිපෝන් පේන්ට් හඳුන්වා දුන් Aqua Proof 7 in 1 වලින් තමා. මෙහි විශේෂත්වය වෙන්නේ, ජල විකර්ෂක ගුණයයි. ඒ වගේම තීන්ත පටලය මත ජලය නොරැඳෙන නිසා තීන්ත පටලය මත කුණු-දූවිලි ද රැඳෙන්නේ නෑ. හොඳ ඝණකමට වගේම ඇදෙනසුළු තීන්ත පටලයක් ඇතිවෙන නිසා දැඩි හිරු රශ්මියෙන් වෙන හානි වගේම, පරණ බිත්ති මත ඇතිවන සියුම් ඉරිතැලීම් පවා ආවරණය වනවා. දිලීර හා ඇල්ගී වර්ධනය නොවන නිසා තීන්ත පටලය නිසා ආරක්ෂාව සහ අලංකාරය සහතික වෙනවා.”

ආකර්ශනීය වර්ණ පරාසයකින් දැන් ලබා ගත හැකි නිසා Aqua Proof 7 in 1, වඩාත්ම වැදගත් වන්නේ බිත්ති මතුපිට හොඳ ආරක්ෂාවක් දෙන අතර, ඔබේ නිවසට දැකුම්කළු, දිගුකාලීන නිමාවක් ලබා දීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සහ ආලේපන සමාගම වන Nippon Paint Lanka සමාගම, සෑම අවකාශයකටම වර්ණ හා ආරක්ෂාව එක් කරන නව්‍ය, තිරසාර විසඳුම් ලබා දීමට කැපවී සිටින සමාගමකි.

NIPSEA සමූහය (Nippon Paint Holdings Co. සහ අනුබද්ධිත) ගැන විස්තර:

NIPSEA සමූහය ආලේපන සහ ඉදිකිරීම් කර්මාන්තයේ නව්‍ය විසඳුම් සපයන ගෝලීය ප්‍රමුඛයෙකි. සිංගප්පූරුවේ මූලස්ථානය වන අතර, භූගෝලීය ස්ථාන 28 ක් පුරා පැතිරී ඇති NIPSEA සමාගම් 148 ක් ඇති මෙම සමූහය, නිෂ්පාදන සහ විකුණුම් ආදායම යන දෙකෙහිම ආසියා පැසිෆික් කලාපයේ අංක 1 තීන්ත සහ ආලේපන නිෂ්පාදකයා වේ. වසර 60කට වැඩි වර්ධනයකින් පසු, NIPSEA සමූහයේ නිෂ්පාදන පහසුකම් සහ මෙහෙයුම් 118ක් ඇති අතර, සේවකයින් 31,000කට අධික සංඛ්‍යාවක් සමග, නිෂ්පාදනයේ සිට පාරිභෝගික තෘප්තිය දක්වා ව්‍යාපාරයේ සියලු අංශ සඳහා කාර්යක්ෂමව සේවය කරයි.

අපගේ ගනුදෙනුකරුවන්ට වටිනාකම උපරිම කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, අපගේ සියලුම හවුල්කරුවන්ට, වෙළෙඳුන්ට සහ නිවාස හිමියන්ට, වඩා හොඳින් ක්‍රියා කරන උසස් තත්ත්වයේ විසඳුම් ලබා දීමට අපි සීමාවන් ඉක්මවා යමු. කර්මාන්තය සඳහා වන විසඳුම්වල NIPSEA සමූහයේ මෙවලම් පරාසය, වාස්තු විද්‍යාත්මක, කාර්මික, මෝටර් රථ, සමුද්‍ර ආලේපන සහ තීන්ත සහ ආලේපන ලෝකයෙන් ඔබ්බට ඉදිකිරීම් විසඳුම් රාශියක් ආවරණය කරයි. අපගේ සියලුම කොටස්කරුවන්ට වඩාත් හොඳින් ක්‍රියාත්මක වන නවෝත්පාදනයන් ලබා දෙමින්, ගනුදෙනුකරුවන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපට නොසැලෙන ජවයක් ඇත.NIPSEA සමූහය පිළිබඳ වැඩි විස්තර සඳහා: https://nipsea.group/


Share with your friend