- SLIIT අධ්‍යාපන හවුල්කරුවෙකු ලෙස එක්වෙයි – ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව 5 ක් 2025 දී ශිෂ්‍යත්ව ලාභින් 2ක්
- ජාතික තලයේ ජයග්‍රහණ – MAS ඇත්ලීට් ක්‍රීඩා ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මට්ටමේ සමස්ථ ජයග්‍රහණවලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඇති අතර ප්‍රධාන ශූරතාවලි පදක්කම්වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ.
- කාර්ය සාධනය මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම – මෙම ශ්‍රේණිගත කිරීම අනුව A+ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් ජෛව යාන්ත්‍රික පරීක්ෂණ සහ ජාත්‍යන්තරය වෙත යොමුවීමේ අවස්ථා – එසේම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයකින් ආවරණය වීම.
- ගෝලීය අධ්‍යාපන සහය – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා දිවිය සාර්ථක කරගන්නා අතරතුර විදෙස් රටකදී උපාධියක් හැදෑරීමට මූල්‍ය ආධාර ලබා දීම

අද දින එනම් 2025 අගෝස්තු 17 වන විට ශ්‍රී ලංකාව තුළ MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ආරම්භ කර වසරක් ගත වී ඇතග මෙම කාලය තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටිය තුළ පරිවර්තනිය වෙනසක් කිරීමට මෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වී තිබේ. රත්මලාන CEWAS හි පැවති විශේෂ උත්සවයකදී ඇකඩමිය මෙම සන්ධිස්ථානය සැමරූ අතර, MAS හෝල්ඩින්ග්ස් හි සම-නිර්මාතෘ සහ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු ආමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, MAS ඇත්ලීට් ඇකඩමියේ පුහුණුකරුවන්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කළමනාකාරිත්වයල මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
මෙම උත්සවයේදී, SLIIT ආයතනය ඇකඩමියේ උසස් අධ්‍යාපන සහකරු ලෙස නිවේදනය කරන ලද අතර, ඔවුන් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වාර්ෂිකව උපාධි ශිෂ්‍යත්ව 5ක් පිරිනැමීම සඳහා එකඟ විය. 2025 වසර සඳහා, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙම අවස්ථාව සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර, එමඟින් ඔවුන්ට තම මලල ක්‍රීඩා ජීවිතය මෙන්ම තම අධ්‍යාපන අභිලාෂයන් ද හඹා යාමට මහඟු අවස්ථාවක් හිමිකර වී තිබේ.
ජාතික තලයට කෙරෙන බලපෑම
පසුගිය වසර තුළල ඇකඩමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනිෂ්ඨ මට්ටමින් පරිවර්තනිය වෙනසක් පෙන්වා ඇත්තේ ආසියානු සහ ලෝක ශූරතාවලිය නියෝජනය කළ කනිෂ්ඨ ජාතික සංචිතයෙන් 60% කට වඩා වැඩි නියෝජනය සටහන් කරගනිමින්. එසේම ශ්‍රී ලංකාව හිමි කරගත් පදක්කම් වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකර ගැනීමටත් ඔවුන්ට හැකි වුණා. එසේම ජ්‍යෙෂ්ඨ මට්ටමින්, ඇකඩමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් (වයස අවුරුදු 19 ට අඩු) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ජාතික සංචිතයෙන් හතරෙන් එකක් සඳහා දායක වූ අතර ප්‍රධාන ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යාවෙන් 33% කට දායක වී තිබීම විශේෂත්වයක්.
ඒ අනුව මෙම ප්‍රතිඵල මගින් විද්‍යමාන වන්නේ ජාත්‍යන්තර තලය ජයගත හැකි අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙන යාම සඳහා සිදුකළ ඇකඩමි කාර්යභාරය සාර්ථකව ඇති බවයි.
කාර්යසාධනය මත පදනම් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම හඳුන්වාදීම
දක්ෂතා සහ අනාගත ජයග්‍රහණ සඳහා ඇති හැකියාව සලකා බලා දැනට දක්වා ඇති කාර්ය සාධනය ද සැළකිල්ලට ගෙන වඩාත් ඉහළ තලයට රැගෙන යා හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වඩාත් අර්ථවත් ලෙස ආයෝජනය කර තිබීම මෙහි ඇති සුවිශේෂ ලක්ෂණයක්. මේ සඳහා A+ (ඉහළම කාර්ය සාධනය) සහ A (ඉහළ කාර්ය සාධනය) සිට B සහ C (සංවර්ධන මට්ටම) දක්වා විහිදුණු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙලෙස වර්ග කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු මට්ටමේ හොඳම 10 දෙනාට කෙතරම් සමීපද යන්න මත පදනම්ව, A+ ලෙස ශ්‍රේණිගත කර තිබේ. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් ක්‍රීඩා විද්‍යා සේවා, ජෛව යාන්ත්‍රික විශ්ලේෂණය, මානසික සංවර්ධන පුහුණුව සහ ජාත්‍යන්තර නිරාවරණය ඇතුළු තම ක්‍රීඩා දිවිය ජයගත හැකි සුවිශේෂ සහයන් ලබා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම ක්‍රමය මඟින් ක්‍රීඩාව හරහා ප්‍රශස්තම දක්ෂතාවය දැක්විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවයකුත් අනෙක් ක්‍රීඩකයන්ට තම ඉලක්ක කරා ගමන්කිරීමට පෙළඹවීමකුත් ලබාදෙයි.
ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව එකී විශේෂ ප්‍රතිලාභ හිමිවන්නේ, නිසි පුහුණුවල ඇඳුම් පැළඳුම් සහ මලල ක්‍රීඩා උපකරණ, පෝෂණ සහය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට සෘජු සහාය, ක්‍රීඩා විද්‍යාව සහ මත්ද්‍රව්‍ය විරෝධී අධ්‍යාපනය ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන සාමාන්‍ය ප්‍රතිලාභවලට අමතරව වේ.
එසේම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අලුතින් හඳුන්වා දුන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක්ද ඇත. එමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි සම්පූර්ණ රක්ෂණයක් හිමිවේ.
ගෝලීය අධ්‍යාපනය සඳහා උපරිම සහය
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව සහ අධ්‍යපනය යන අවස්ථා දෙකම අවශ්‍ය බව හඳුනාගෙන ඇති ඇකඩමිය විදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන අය වෙනුවන් විශේෂ අධ්‍යාපන සහයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම මූල්‍ය ආධාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදේශයන්හි තම අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන යාමට උපකාර වන අතරම ඔවුන්ගේ පුහුණුවට සහ ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාවට ඉමහත් සහයෝගයක් ලබාදෙයි.
‘’MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ පළමු වසර තුළදී, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවල අසාමාන්‍ය හැකියාව අපට දැක ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට නිවැරදි සහයෝගය ලබාදුනහොත් අනාගතයේ ඔවුන්ට කළ හැකි විස්මිත දේවල් ඔවුන් විසින් ඔප්පු කරනු ඇති බව මාගේ විශ්වාසයයි. අපගේ දැක්ම වන්නේ පදක්කම්ලාභීන් නිර්මාණය කිරීම පමණක් නොව, ආදර්ශයෙන් නායකත්වය දිය හැකි, විනයගරුක, අභියෝගයන්ට ඔරොත්තු දෙන පුද්ගලයන් නිර්මාණය කිරීමයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ ආයතන අතර බිහිවූ මෙම බැඳීම බොහෝ කාලයක් පුරා ක්‍රීඩකයන් පෝෂණය කරමින් ඉදිරි දශක දෙක තුළ සැබෑ වෙනසක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස කරන බව, දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා පැවසීය.අනාගත ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ සංවර්ධනය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය වන MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය, 2028 ලොස් ඇන්ජලීස් සහ 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පදක්කම් දිනිය හැකි ශ්‍රී ලාංකික කණ්ඩායමක් සූදානම් කිරීමේ අභිලාෂය සහිතව කටයුතු කරයි.