ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Marx සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Marx Crossboarder Payments (Pvt) LTD විසින් නිර්මාණශීලීත්වය සහ මනා ඔරොත්තු දීමේ හැකියාව සමඟ පැමිණි විප්ලවීය ගමන් මගෙහි පස්වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ආරම්භයේ සිට වර්තමානය දක්වා වූ කාල පරිච්ඡේදය පුරාවට සමාගම, මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස වර්ධනය වී ඇති අතර සියලුම පරිමාණයේ ව්‍යාපාර සමාගම් සවිබල ගන්වමින් රටේ ඩිජිටල් ගනුදෙනු කටයුතු ඉහළ නැංවීම සඳහා විප්ලවීය දායකත්වයක් සපයා ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් Marx Crossboarder Payments සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රෝහිත පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “ඩිජිටල් පරිවර්තනය යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොවෙයි. එය අවශ්‍යතාවයක්. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු ප්‍රධාන වශයෙන් මුදල් මත පදනම් වී ක්‍රියාත්මක වූවද , ගෝලීය ආර්ථිකය මේ වන විට ඩිජිටල් ගනුදෙනු දෙසට වේගයෙන් ගමන් කරමින් සිටිනවා. නිර්මාණශීලී සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගෙවීම් විසඳුම් රැසක් හඳුන්වාදෙමින් මෙම පරතරය අවම කිරීමට සිය දායකත්වය ලබා දීමට Marx Crossboarder Payments සමාගම කැපවී සිටිනවා. අපගේ all-in-one point-of-sale පද්ධතිය ඔස්සේ ලෝකයේ ප්‍රථම වරට වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති කරමින් අපගේ ආර්ථිකයේ පදනම වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඩිජිටල් ගනුදෙනු සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෝකයක් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව සහතික කරනවා.”
මෙරට මුදල් රහිත ගෙවීම් පිළිබඳ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක් සිදු කරමින් Marx CrossBorder Payments පසුගිය වසර 05 තුළ ඩිජිටල් නවෝත්පාදනයේ පෙරමුණ ගෙන සිටියි.2022,2023 සහ 2024 යන වසර ත්‍රිත්වයේදීම National ICT Awards හී දී සම්මානයෙන් පිදුම් ලැබූ මෙම සමාගම, Innovate Lanka Awards 2022, South Asia Startup ICT Award 2023 (ඉහළම 5 ) ආදී වූ සම්මාන රැසක් දිනා ගැනීමට සමත් වූ අතර 2023 වසරේදී Asia Pacific ICT Alliance Awards හි නිර්දේශ නාම අතරට ද එක් විය. තාක්ෂණික නවෝත්පාදනය සහ මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම සඳහා සමාගම දක්වන ලද නොසැලෙන කැපවීම මෙම සියලුම ජයග්‍රහණයන් ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණදෙන විවිධ දුෂ්කරතාවන් පිළිබඳ අවධානය යොමු කරමින් ඕනෑම iOS හෝ Android උපාංගයක් බලවත් විකුණුම් පද්ධතියක් බවට පරිවර්තනය කළ හැකි ආකාරයේ all-in-one point-of-sale (POS) විසඳුමක් Marx Crossboarder Payments සමාගම විසින් නිර්මාණය කර තිබේ. වෙළෙඳසැල් ස්වයංක්‍රීය කිරීම සඳහා අවශ්‍ය වන ඉහළ ආයෝජනයන් හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන දුෂ්කරතා සඳහා මෙම තාක්ෂණය මනා විසඳුමක් වනු ඇත.මෙම තාක්ෂණික මෙවලම සඳහා දේශීය හා ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම අටක් ඒකාබද්ධ කර ඇති අතර ඒ ඔස්සේ ප්‍රධාන වෙළෙඳ සමාගම්වලට සමාන වාසි රැසක් කුඩා පරිමාණයේ ව්‍යවසාකයන්ට ද පිරිනමයි. AI තාක්ෂණයෙන් බල ගැන්වෙන මෙහි Loyalty වැඩසටහන ඔස්සේ පාරිභෝගිකයන්ට වට්ටම් පිළිබඳ මෙන්ම සජීවීව ඔවුන් උපයාගත් මුදල් සහ ලබාගත් ත්‍යාග පිළිබඳ තොරතුරු ද එකම වේදිකාවකින් ලබා ගත හැකිය.
රෝහිත පෙරේරා මහතා මේ පිළිබඳ තවදුරටත් සිය අදහස් එකතු කළේ මෙසේය. “අපගේ ඉලක්කය වන්නේ තරඟකාරි බව බිඳ දැමීමයි. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පාරිභෝගිකයන් රඳවා තබා ගැනීම සහ දෘශ්‍යතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් අභියෝග රැසකට මුහුණ දෙනවා. AI බලයෙන් ක්‍රියාත්මක වන Loyalty වැඩසටහන සහ මෘදු විකුණුම් පද්ධතිය ඔස්සේ වඩාත් ඵලදායී ලෙස ව්‍යාපාර සිදුකිරීමට අවස්ථාව උදා කරන අතර සෑම ගනුදෙනුවක් හරහාම ගනුදෙනුකරුවන් වෙත වටිනාකමක් එකතු කරන බව සහතික කරනවා. අනාගතයේදී ව්‍යාපාර වර්ධනය එලෙස සිදුවන අතර අපගේ සමාගම මෙම ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන් සිටීම අපිට සැබෑ ගෞරවයක්.”
ආහාර ලබා ගැනීමේ අත්දැකීම වඩාත් සරල කරමින් ස්මාර්ට් අවන්හල් QR ආහාර Menu සහ මේස වෙන්කර ගැනීම සඳහා Marxdine ද Marx Crossboarder Payments මඟින් ඉදිරිපත් කර ඇති අතර එය රටේ ආර්ථික වර්ධනය සඳහා සංචාරක අංශය දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළට ද උපාය මාර්ගික සහය ලබාදෙයි.ගෝලීය වශයෙන් විමසූ විට අවන්හල්වලින් 88%ක් ඩිජිටල් Menu ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති අතර පාරිභෝගිකයන්ගෙන් 45%ක් පමණ Smart Phone ඔස්සේ ඇණවුම් කිරීමට කැමැත්ත පළ කර තිබේ.එමෙන්ම වසංගත තත්ත්වයෙන් පසුවද, මානව සබඳතා රහිතව ගනුදෙනු කටයුතු දිගටම සිදු කිරීම සඳහා සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 74%ක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.මෙම දත්ත ඔස්සේ ඩිජිටල් තාක්ෂණය ආහාර අංශය වෙත ඉතා වේගයෙන් පැමිණ ඇති බව පැහැදිලිය.ඵලදායීතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් 75%ක් පමණ ක්‍රියාකාරීව ඩිජිටල් නවෝත්පාදනයන් භාවිතා කරන අතර QR Menu සමඟ සාමාන්‍ය ඒවා 92% ක් ඒකාබද්ධ කරන බැවින්, අවන්හල් ඒ සඳහා නිසි පරිදි ප්‍රතිචාර දක්වයි. QR කේත ඇණවුම් කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමේදී Menu යාවත්කාලීන කිරීමට ඇති අවශ්‍යතාව අඩු වන අතර ඒ සඳහා යෙදවිය යුතු මිනිස් බලය අවම වන බැවින් මේ ඔස්සේ පමණක් පිරිවැය 30%කින් අඩු කළ හැකිය. එමඟින් මේ තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගත හැකිය.ආහාර පාන කර්මාන්තයේ ඩිජිටල් පරිවර්තනය සඳහා ඇති අවශ්‍යතාව සඳහා මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගික අන්තර්ක්‍රියාවන් වැඩි දියුණු කරන කදිම විසඳුමක් ලෙස Marxdine හැඳින්විය හැකිය.
Marx Crossboarder Payments සමාගම ශ්‍රී ලංකාවේ ජාතික මූල්‍ය තාක්ෂණ අරමුණුවලට අනුකූලව ගෙවීම් සිදුකිරීම, මූල්‍ය ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සහ LANKAQR ක්‍රියාත්මක කිරීම සඳහා කැපවී සිටින අතර අති නවීන විසඳුම් ව්‍යාපාර වෙත පිරිනමමින් ඩිජිටල් භාවිතය ශ්‍රී ලංකාව තුළ වේගවත් කිරීම සඳහා ද අගනා දායකත්වයක් ලබාදෙයි.
ඩිජිටල් ගෙවීම් වෙත ජාත්‍යන්තර ප්‍රවණතාව ප්‍රබල වශයෙන් යොමු වී ඇති පසුබිමක තවමත් මුදල් පදනම් කරගනිමින් ගනුදෙනු කටයුතු සිදුකරන ශ්‍රී ලංකාව ද ඩිජිටල් ගනුදෙනු සඳහා යොමුවීමේ අවශ්‍යතාවය රජය විසින් මැනවින් පසක් කරගෙන ඇත. ඒ අනුව ඔවුන් මූල්‍ය තාක්ෂණික විසඳුම් සක්‍රීයව ප්‍රවර්ධනය කරයි.එම ප්‍රවේශයන් ඉවහල් කරගනිමින් Marx Crossboarder Payments සමාගම ද ගෙවීම් පහසුව සහ සුරක්ෂිත බව සහතික කළ විධිමත් ගනුදෙනු අවස්ථාවන් පිරිනමමින් පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාර ද සවිබල ගන්වයි.
අනාගතයේදී සිල්ලර හා සංචාරක අංශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ MPOS විසඳුම් හඳුන්වාදීමට Marx CrossBorder Payments සමාගම සැලසුම් කරයි. මෙම වර්ධනය ඔස්සේ විශාල සමාගම්වලට සමපාත වූ පදනමක් කුඩා සිල්ලර වෙළෙන්දන් වෙනුවෙන්ද සැකසෙන බැවින් ආර්ථික වර්ධනය සහ ඩිජිටල් පරිවර්තනය ඒ ඔස්සේ ප්‍රවර්ධනය කෙරේ.
“අපි අනාගතය දකිනවා පමණක් නොවෙයි. අපි එය නිර්මාණය කරනවා. මෙය ආරම්භයක් පමණයි.ගනුදෙනු සඳහා පහසු විසඳුම් සැලසීමට අමතරව, අපගේ අති නවීන fintech තාක්ෂණයෙන් අපි ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික භාවිතයන් පිළිබඳ විප්ලවීය වෙනසක් සිදු කරනවා.” යනුවෙන් රෝහිත පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේය.