hSenid විසින් බල ගනුවනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වාණිජ වෙබ් අඩවි විසඳුමක් ලෙස සැලකෙන appiGo, සිය නවතම ප්‍රධාන ව්‍යාපාරික පරිශ්‍රය, අංක 100, වෝඩ් පෙදෙස, කොළඹ ලිපිනය වෙත ගෙන ගොස් තිබේ. එම අති නවීනතම පහසුකම්වලින් සමන්විත නවතම පරිශ්‍රයෙහි සිට පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම appiGo හි අපේක්ෂාවයි.
ඉකුත් කාලය තුළ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාරික පරිශ්‍රයන් වෙත පාරිභෝගිකයින් ඇදී ඒම මුළුමණින්ම ඇණහිට පැවති අතර, සිය ව්‍යාපාර පවත්වාගෙන යාම පිණිස නවතම විසඳුම් කරා යොමු වීමට බොහෝ ව්‍යාපාරවලට සිදු විණි. එවැනි පසුබිමක ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමට, සේවක වැටුප් ගෙවීමට මෙන්ම අලෙවි ඉලක්ක සපුරා ගැනීමට ස්වකීය ව්‍යාපාර මිනිසුන් කරා ළඟා කරලීම සඳහා කඩිනම් පියවර ගැනීමට ඇතැම් ව්‍යාපාර උත්සුක විණි. ඒ සඳහා ඔවුනට පිරි නැමෙන හොඳම විසඳුම ලෙස appiGo, ව්‍යාපාරික හා පාරිභෝගික යන දෙපාර්ශවය එක් කරන වෙබ් අවකාශ නිර්මාණය කිරීමෙහි ලා සුවිශේෂී මෙහෙවරක නිරත විය. එලෙස වඩාත් දුෂ්කරම කාල පරිච්ඡේදයක් සඳහා අනුවර්තනය වීමේ appiGo සතු විශිෂ්ටතම හැකියාව පැසසිය යුතු කාරණයක් වන අතර, appiGo ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ (e-commerce) වෙබ් අඩවි නිර්මාණය කරන්නෙකු ලෙස මිනිසුන් අතරට යාමටද එය ප්‍රබල හේතුවක් විණි.
appiGo සතු නවතම ප්‍රධාන කාර්යාලය, අප නිරන්තරයෙන් අත් දකින වඩාත් තදබදයෙන් පිරි කාර්යාල ස්වභාවයෙන් මුළුමනින්ම බැහැර වූවකි. එය වඩාත් පුළුල් ඉඩ පහසුකම් සහිත, සියලු කාර්යයන් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකි ලෙස සැලසුම් කර ඉදි කරන ලද කාර්යාල පරිශ්‍රයකි. වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්, ඉහළම මට්ටමේ තාක්ෂණික උපකරණ පමණක් නොව එහි කාර්යශීලි සුහද පරිසරය මෙරට තාක්ෂණික ව්‍යවසාය පරිශ්‍රයක් සඳහා පූර්වාදර්ශ සපයන ස්ථානයක් බවට පත්ව තිබේ.
appiGo කුමන ආකාරයේ සමාගමක්ද?
appiGo කෙබඳු සමාගමක්ද යනුවෙන් කවරකු හෝ විමසුවහොත්, ඊට දිය හැකි හොඳම පිළිතුර නම්, එය ව්‍යාපාර සඳහා මෘදුකාංග සහ මානව සම්පත් විසඳුම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අංක එකේ විසඳුම් සපයන්නා වන hSenid මගින් බල ගැන්වෙන සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ මාදිලියේ ව්‍යාපාර සඳහා එනම්, ආපන ශාලා, සිල්ලර වෙළෙඳ සල්, හෝටල් ආදී ව්‍යාපාර මාදිලි ගණනාවක් සඳහා වාණිජ (e-commerce) වෙබ් අඩවි විසඳුම් සයපන සමාගමක් ලෙසිනි. එමෙන්ම, appiGo එකී විසඳුම් පාරිභෝගිකයින් හට දැරිය හැකි මිලකට සපයන්නේ, ඒ හා සමගාමීව වෙබ් අඩවි නඩත්තුව, ආරක්ෂාව, ආරක්ෂක සබැඳි මෙන්ම විශ්වාසවන්ත මුදල් ගනුදෙනු සඳහා අන්තර්ජාලය මගින් මුදල් ගෙවීමේ අවකාශද සලසා දෙමිනි. ඊට අමතරව, පූර්ණ කාලීන වෙබ් හොස්ටින් පහසුකම් හා සහයද සලසයි. එවැනි සුවිශේෂී සේවාවක් සැලසීම හේතුවෙන් appiGo, ඉකුත් කාලය තිස්සේම ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙබ් අඩවි විසඳුම් සපයන සමාගම් අතරෙහි කැපී පෙනෙන සමාගමක් බවට පත්ව තිබේ. එමෙන්ම, බංගලාදේශය සහ පිලිපීනය තුළද සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යමින් එය මේ වන විට රටේ ආර්ථිකයෙහි වැදගත් සාධකයක් වන විනිමය ඉපැයීමෙහිලා සුවිසල් මෙහෙවරකද නියැලෙයි. එපමණක් නොව, ඉකුත් කාලය පුරා appiGo අත්කරගත් සාධනීය වර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙසින් රට පුරා තරුණ තරුණියක් රැසකට රැකියා අවස්ථා උදා කර දීමටද සමත් වී තිබේ.