විශේෂාංග                                                                                                      

Share with your friend

ලෝක ප්‍රතිජීවක විරෝධතා දැනුවත්කිරීමේ සතිය: අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මකවීම

වර්තමානයේ ලොව අභිමුව පවතින දැවැන්තම මහජන සෞඛ්‍ය අවදානමක් වන ප්‍රතිජීවක විරෝධතාව සැළකිල්ලට ගනිමින් නොවැම්බර් 18 සිට 24 දක්වා වූ සතිය ලෝක ප්‍රතිජීවක විරෝධතා දැනුවත්කිරීමේ සතිය ලෙස නම් කිරීමට ජගත් ප්‍රජාව පියවර ගෙන තිබේ. අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මකවීම යන තේමාව යටතේ මෙවර ප්‍රතිජීවක විරෝධතාව වෙනුවෙන් යුහුසුළුව පියවර ගැනීමට ඒ හරහා අභිප්‍රේරණයක් ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ දායකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛමතම තිරසර මාංශ ආහාර නිෂ්පාදන සමාගම වන නිව් ඇන්තනීස් සමූහය ද මෙම ගෝලීය අරමුණට සහාය දක්වමින් ප්‍රජා දැනුවත් කිරීමේ සහ විශේෂයෙන්ම ප්‍රතිජීවක අමුද්‍රව්‍ය එදිනෙදා ජීවිතයට භාවිතයට ගැනීම අවම කිරීම ඇතුළු සෞඛ්‍ය හිතකර තෝරාගැනීමේ වෙනුවෙන් ජනතාව සවිබලගැන්වීමේ පියවර රාශියක් ගැනීමට කටයුතු යොදා තිබේ. ප්‍රතිජීවක අන්තර්ගතවලින් තොර නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වාදී ඇත‍ෙ නිව් ඇන්තනීස් සමූහය, සිය අමුද්‍රව්‍ය සපයාගැනීම සහ ගොවිපොළ භාවිතාවන් පිළිබඳ පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කරන දේශීය සමාගමකි. ප්‍රතිජීවක නිසා සිදුවන බලපෑම හුදෙක් වෛද්‍ය හේතුවලින් ඔබ්බට ගමන් කරන වඩාත් පුළුල් ආර්ථික, පාරිසරික සහ සමාජයීය අභියෝග ගණනාවක් නිර්මාණය කරන අතර, දශක ගණනාවක සෞඛ්‍ය සහ සංවර්ධනය අඩපණ කිරීමට ද ඊට ඇති හැකියාව පවතියි.

ප්‍රතිජීවක විරෝධතාව නිසා ඇතිවන අවදානම

බැක්ටීරියා, වෛරස්, දිලීර සහ වෙනත් පිළිල ආදියට එරෙහිව මීට ඉහතදී භාවිත කළ ප්‍රතිකාර තවදුරටත් කාර්යක්ෂම නොවන තත්ත්වය, ප්‍රතිජීවක විරෝධතාව යනුවෙන් හැඳින්වේ. ඒ අනුව එවැනි හේතුමත ඇතිවන රෝග සුවකළ නොහැකි හෝ සුවකිරීම ඉතාම අසීරු තත්ත්වයකට පත්වේ. සෞඛ්‍ය පුරෝකථන අනුව වර්ෂ 2050 වනවිට ප්‍රතිජීවක විරෝධතාව නිසා වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවනු ඇත. එය වර්තමානයේ පිළිකා රෝග නිසා සිදුවන ගෝලීය මරණ සංඛ්‍යාවට සමාන ය.

ආර්ථික දත්ත අනුව, ප්‍රතිජීවික විරෝධතාව පාලනය කිරීමට නොහැකි වීමේ ආර්ථික  හානිය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 100ක් පමණ වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබේ. දීර්ඝකාලීන රෝගී තත්ත්ව වැඩිවීම නිසා සිදුවන ඵලදායීතා හායනය, අධික සෞඛ්‍ය පිරිවැය සහ ප්‍රතිජීවක විරෝධතාව නිසා සෞඛ්‍ය සේවා පද්ධතියට ඇතිවන පීඩනය ආදිය මෙම ආර්ථික හානියට හේතුවනු ඇත.

මහජන දැනුවත්භාවය වැඩිකිරීම

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය වැනි වෛරස ආසාදන සුවකිරීමට පවා ප්‍රතිජීවක උපකාරීවනු ඇතැයි බොහෝදෙනා අතර මිත්‍යා මත පවතින පසුබිමක ප්‍රතිජීවක විරෝධතාවයේ බරපතලකම තේරුම්කරදීම අභියෝගයකි. ගෝලීය සමීක්ෂණ අනුව පෙනීයන ආකාරයට ප්‍රතිජීවක ප්‍රතිකාර පිළිබඳ බහුතරයකට ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිජීවක ප්‍රතිවිරෝධතා සතිය සහ “Go Blue for AMR” වැඩසටහන හරහා මහජනතාවට, සෞඛ්‍ය සේවා සම්පාදකයින්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට (පෞද්ගලික අංශය සහ උපදේශන සමූහ ද ඇතුළුව) පැහැදිලි සහ වගකීම් සහගත තීරණ ගැනීමට බලපෑම් කෙරේ.

“Go Blue” වැඩසටහනට අනුව ප්‍රතිජීවක විරෝධතාව පිළිබඳ සිදුකෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී සියලු දෙනා නිල්පැහැ ඇඳුම්වලින් සැරසී ප්‍රජා සාකච්ඡාවලට සහභාගී වන අතර, වගකීම් සහගත ප්‍රතිජීවක භාවිතය පිළිබඳ අධ්‍යාපනික ප්‍රචාරක මාධ්‍ය උපයෝගී කරගනු ලැබේ. මෙම දැනුවත්කිරීමේ වැඩසටහන් හරහා මහජනයා අතර දැනුම බෙදාදීමට අමතරව, අනාගතයේදී ප්‍රතිජීවක විරෝධතා ප්‍රතිපත්ති වෙනුවෙන් උපදේශන කාර්යභාරයක් ඉටුකිරීමට ජනතාව බලගැන්වීම ද අරමුණු කරයි.

දැනුම බෙදාදීමේ සහ උපදේශනයේ අවශ්‍යතාව

ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමේදී අධ්‍යාපනය සහ උපදේශනය අත්‍යවශ්‍යම අංග දෙකකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමේදී මහජන, සත්ත්ව සහ පාරිසරික සෞඛ්‍ය යන ත්‍රිවිධ අංශවල ඒකාබද්ධතාව වැදගත් වේ. විශේෂයෙන්ම ප්‍රතිජීවක විරෝධතාවයේ බලපෑම නිසා යම් ක්ෂේත්‍රයක සිදුවන බලපෑමක් අනෙක් ක්ෂේත්‍රවලට ද වැඩි බලපෑමක් සහිතව පැතිර යා හැකි නිසා කෘෂිකර්මාන්ත, මහජන සෞඛ්‍ය සහ පරිසර යන ක්ෂේත්‍රය ඒ වෙනුවෙන් එකට එක්ව ක්‍රියාකළ යුතු බව ද අවධාරණය කෙරේ.

උදාහරණයක් ලෙස සත්ත්ව පාලනයේදී ප්‍රතිජීවක යොදාගැනීම, ප්‍රතිජීවක විරෝධතාවට තුඩුදෙන ප්‍රධාන හේතුවක් ලෙස පිළිගැනේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල් දැනටමත් සත්ත්ව පාලනයේදී ප්‍රතිජීවක භාවිතය අවම කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම ප්‍රතිජීවක විරෝධතාවයේ අවදානම පිළිබඳ පාරිභෝගික දැනුවත්භාවය වැඩිවීමත් සමඟ වගකීම් සහගත ලෙස නිෂ්පාදනය කරන ලද ආහාරපාන වෙනුවෙන් ඇති ඉල්ලුම ද වැඩිවී ඇති නිසා ආහාරපාන නිෂ්පාදන කර්මාන්තය ද ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමේදී තීරණාත්මක කාර්යභාරයක් සිදුකරයි. ශ්‍රී ලංකාව තුළ නිව් ඇන්තනීස් සමූහය ද දැනටමත් ඒ වෙනුවෙන් ආදර්ශමත් ව්‍යාපාර ක්‍රියාවලියක නිරත වේ.

ක්‍රියත්මකවීම


Share with your friend