විෂන් කෙයා සිය කුරුණෑගල ශාඛාව වැඩිදියුණු කරමින් අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් විවෘත කරයි2023 මාර්තු 30, කොළඹ ඃ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණෙන් අති නවීන පහසුකම් සමඟ අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් කුරුණෑගල ශාඛාවට එක් කරන ලදී.

Share with your friend

මෙම නවතම ඒකකය කිරීමේ උත්සවයට අක්ෂි ශල්‍ය වෛද්‍ය සරත් තෙන්නකෝන්, අක්ෂි ශල්‍ය වෛද්‍ය අනෝමා ජයතිලක, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් නාරංගොඩ, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදෙන, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මාදවික දයාරත්න, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.

කුරුණෑගල, උඩුවල්පොල පාර, අංක: 22/2, Aselro ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි විෂන් කෙයා කුරුණෑගල ශාඛාව විසි වසරකට අධික කාලයක් පුරාවට කුරුණෑගල නගරයේත් ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහාත් ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවාවන් ලබා දෙන ලදී. මෙම නව අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකය හරහා රෝගීන්ට අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සේවාවන්, OCT, දෘෂ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණ (Visual Field Test), Fundus Photography සහ Vision Therapy ඇතුළු පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත පරීක්ෂණ සේවාවන් රැසක් ලබා ගැනීමට හැකි වේ.


වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති විෂන් කෙයා කුරුණෑගල ශාඛාව වෙතින් විසි වසරක් පුරාවට පාරිභෝගිකයන්ට ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා ලබා දී තිබේ.  විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විතය. Ray-Ban, Vogue, Carrera, Emporio Armani, Tommy Hilfiger වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච මෙන්ම ශ්‍රවණාධාරක ද කුරුණෑගල ශාඛාව මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.


වසර 30ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply