විෂන් කෙයා සිය ශාඛා ජාලය අඛණ්ඩව පුළුල් කරමින් ගම්පහ නගරයේ නව ශාඛාවක් විවෘත කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, ගම්පහ නගරයේ පසුගියදා විවෘත කරන ලදී. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් අවට ප්‍රදේශයේ පදිංචි කරුවන් සඳහා නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ සිදුකෙරුණි.

අංක 178, කොළඹ පාර, ගම්පහ ලිපිනයෙහි පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජේ.ඩී ඩයස්, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා මහතා,  කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා මහතා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී. පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වෙමින් දිවයිනේ සියලුම ප්‍රදේශයන් ආවරණය කරමින් සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට විෂන් කෙයා අවධානය යොමු කර ඇත.

වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති නව ගම්පහ ශාඛාව ප්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහ ඇස් කණ්නාඩි, අව් කණ්ණාඩි, අක්ෂි කාච සහ ශ්‍රවණාධාර ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන්ගෙන් සමන්විතයි. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර සහ ශ්‍රවණාධාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විත වේ.  Ray-Ban, Vogue, Polaroid, Vintage, PolarSun වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මෙම ශාඛාව මඟින් ලබා ගැනීමට හැකි වේ. ශ්‍රවණාධාර සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම පිළිබඳ වසර 110 කට වැඩි පළපුරුද්දක් ඇති ලොව නවීනතම ශ්‍රවණ උපකරණ නිෂ්පාදකයෙකු වන Oticon ශ්‍රවණාධාර විසඳුම් ද මෙම ශාඛාව මඟින් ලබා දේ.

වසර 30ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply