විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් සහ Oticon එක්ව පැවැත්වූ වාර්ෂික ශ්‍රවණ සෞඛ්‍ය සමුළුව ශ්‍රි ලංකාවේ ශ්‍රවණ සෞඛ්‍ය ප්‍රමිතීන් ඉහළ නංවයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින් විසින් Oticon සමග එක්ව ශ්‍රවණ සෞඛ්‍ය දැනුම බෙදාගැනීමේ සිය වාර්ෂික සමුළුව මෑතක දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. මෙම සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස Oticon Export හි ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන වෛද්‍ය මොරීන් ටොමසුලා සහභාගී වූ අතර ENT (උගුර, කන, නාසය පිළිබඳ) ශල්‍ය වෛද්‍යවරුන් සහ ENT ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර්වරුන් රැසක් මෙම සමුළුව සහභාගී විය.
මෙම සමුළුවේ දී, මොළයේ ශ්‍රවණ තාක්ෂණය සංකාල්පීයව හැඳින්වීමක්, ශ්‍රවණ දුර්වලතා සහ නූතන ශ්‍රවණ ආධාරක තාක්ෂණයේ ප්‍රගමනය ආදී පුළුල් විෂය කලාපයන් සාකච්ඡා කරමින් ඒවාට අදාළව Oticon නිෂ්පාදනවල තාක්ෂණික සාකල්‍යතාව, ගුණාත්මක අගය පෙන්වා දුන්නේය.


මෙම දැනුම් සම්පාදක සාකච්ඡා වලට අමතරව එම අවස්ථාවේ දී සිය කාර්ය මණ්ඩලයට කෘතඥතාව පිළිගන්වන වැඩසටහනක් පවත්වමින් විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් සිය 14 වැනි සංවත්සරය අභිමාණයෙන් සැමරීය. විෂන් කෙයා ආයතනයේ සභාපති දසන්ත ෆොන්සේකා, කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා, සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මෙන්ම පැමිණ සිටි ENT ශල්‍ය වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ සුභාශිංසන මේ සුවිශේෂී වෘත්තීය සංධිස්ථාන වෙනුවෙන් හිමිවිය.


විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් හී ශ්‍රවණ විද්‍යා අංශයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර සහ කථන – භාෂා ව්‍යාදීවේදී ශ්‍රවණ විද්‍යාවේදී චතිරා සිරිවර්ධන මෙම සමුළුවේ වැදගත්කම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය, “මෙම දැනුම් බෙදාගැනීමේ වාර්ෂික සමුළුව යනු ශ්‍රවණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික සංවර්ධනයන් පිළිබඳව යාවත්කාලීන අවබෝධයක් ගොඩනංවා ගැනීම වෙනුවෙන් අප කරන කැපකිරීම් වල පිළිඹිබුවක් ලෙස සළකන්න පුලුවන්. එමගින් අපේ ක්ෂේත්‍රයට උසස් ප්‍රමිති තත්ත්වයක් සහ ගුණාත්මක විශේෂඥතාවක් සමීප කිරීමට හැකියාව ලැබෙනවා වගේම ශ්‍රවණාබාධිත පුද්ගලයන්ගේ වර්ධනය වෙන අවශ්‍යතා වලට ගැළපෙන නව්‍ය තාක්ෂණික විසඳුම් ලබාදීමට සුදුසු දැනුම, අවකාශය උදාවෙනවා.”


Oticon සහ Philips ආදී ලොව ප්‍රචලිත ශ්‍රවණාධාරක සන්නාමයන්ගේ උසස් තාක්ෂණය භාවිතාවන් සහිත ශ්‍රවණ සෞඛ්‍ය ආධාරක යොදාගෙන ඉහළ ශ්‍රවණ සෞඛ්‍ය සේවාවන් ලබාදෙන ලංකාවේ ප්‍රමුඛයා ලෙස විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් ප්‍රචලිතව තිබේ. ශ්‍රවණ දුර්වලතා සහිත සෑම පුද්ගලයෙකුගේම සුවිශේෂී අවශ්‍යතාවය හඳුනාගනිමින් එයට අදාළව විවිධ වර්ගයන්ගෙන් සහ විවිධ තාක්ෂණික පහසුකම් වලින් පිරිපුන් ශ්‍රවණාධාරක විශාල පරාසයක් ලබා දීමේ හැකියාව විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් සතුව ඇත. ශ්‍රවණ දුර්වලතා ඇති පුද්ගලයන්ගේ අදාළ දුර්වලතාවය හඳුනාගැනීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ සහ විශේෂඥ කණ්ඩායමකින් සමන්විත මෙම ආයතනය අදාළ පුද්ගලයාට ගැළපෙන නිවැරදිම ශ්‍රවණ විසඳුම් යෝජනා  කිරීමට කටයුතු කරයි.


Oticon සහ Philips සන්නාමයේ ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිතයා ලෙස, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් අලෙවියෙන් පසු සේවාවක්, ශ්‍රවණාධාරක උපාංග අලෙවිය, ශ්‍රවණ පරීක්ෂාව, දිවයින පුරා විසිරී තිබෙන සිය ශාඛා හරහා නිවසටම පැමිණ සේවා සැපයීමේ පහසුකම් හරහා පරිපුර්ණ ශ්‍රවණ සෞඛ්‍ය සේවා සපයයි


Share with your friend