විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් පානදුර නගරයේ අති නවීන ශ්‍රවණ සත්කාර ඒකකයක් විවෘත කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින්, පානදුර, ගාල්ල – කොළඹ පාරේ 233 හි පිහිටි විෂන් කෙයා ශාඛාවේ දෙවන මහලේ එහි නව ශ්‍රවණ සේවා අංශයක් විවෘත කරන ලදී. මෙය දිවයින පුරා පිහිටි විශේෂිත ශ්‍රවණ සේවා මධ්‍යස්ථාන හයෙන් එකක් වන අතර, පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රවණ සත්කාර සේවාවන් ලබා දීම සඳහා විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.


නව ශ්‍රවණ සත්කාර අංශය ENT විශේෂඥ වෛද්‍ය සෙල්වි වෙට්ටිවේලු විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර ළදරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලුම වයස්වල පුද්ගලයින් සඳහා නිර්මාණය කර ඇති පරිපූර්ණ සේවා රැසක් මෙහිදී ලබා ගත හැකි වෙයි.


කථන ශ්‍රවණමිතිය (speech audiometry), SISI, ToneDecay සහ ශ්‍රවණ ආබාධ හඳුනා ගැනීමට හැකි වන විශේෂ පරීක්ෂණ රාශියක් ඇතුළුව ශ්‍රවණ තක්සේරු කිරීම් සඳහා උසස් තත්වයේ රෝග විනිශ්චය මෙවලම් මෙම නව ශ්‍රවණ සත්කාර ඒකකයේ අඩංගු වේ.


විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් හී ශ්‍රව්‍ය විද්‍යා සහ උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ ප්‍රධානී භාෂා කථන ව්‍යාධවේදිනී සහ ශ්‍රවණවේදිනී චතිරා සිරිවර්ධන මෙහිදී සිය අදහස් දැක්වීය, “පුළුල් ශ්‍රවණ සත්කාර සෑම කෙනෙකුටම පහසුවෙන් ලඟා විය හැකි මට්ටමට ගෙන ඒමට අපට අවශ්‍යයි. පානදුරේ මෙම නව ශ්‍රවණ ඒකකය එම මෙහෙවරේ තවත් එක් පියවරක්- පානදුර සහ ඒ අවට ප්‍රජාවට සැබවින්ම උසස් තත්ත්වයේ සේවාවන් ලබා දීම සඳහා අපි අති නවීන තාක්ෂණය සහ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත අවකාශයක් නිර්මාණය කර තිබෙනවා.”

පානදුර නව ශ්‍රවණ සත්කාර ඒකකයේ සේවාවන් අතර විශේෂ සේවාවක් ලෙසින් සැබෑ කන් මිනුම් (Real Ear Measurements) ලබා ගැනීමේ හැකියාව ඇත. මෙය නිවැරදි, පුද්ගලාරෝපිත ශ්‍රවණ ආධාරක සවිකිරීම් සහතික කිරීම සඳහා දියුණු සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමයකි.

 
විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් ශ්‍රී ලංකාවේ Oticon සහ Starkey ශ්‍රවණ ආධාරක සඳහා එකම අලෙවි නියෝජිතයා වන අතර ශ්‍රවණාධාරක උපාංග, ශ්‍රවණ පරීක්ෂණ, අලෙවියෙන් පසු සේවාව, සහ නිවසට පැමිණ ශ්‍රවණ සත්කාර සේවාව ලබාදීමේ පහසුකම් හරහා පරිපූර්ණ ශ්‍රවණාධාර විසඳුම් පාරිභෝගිකයන්ට ලබාදෙයි.


පානදුර නව ශ්‍රවණ සත්කාර ඒකකය ENT වෛද්‍ය උපදේශන මෙන්ම කථන සහ භාෂා චිකිත්සක සේවාවන් ද ලබා දෙන අතර, වඩා හොඳ ශ්‍රවණය, කථන සංවර්ධනය සහ සමස්ත යහපැවැත්මට සහාය වන පුළුල් සත්කාර පරිසරයක් නිර්මාණය කරයි.


Share with your friend