ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් හෝමාගම නගරයේ තවත් නවතම ශාඛාවක් පසුගියදා විවෘත කරන ලදී. පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වෙමින් දිවයිනේ සියලුම ප්‍රදේශයන් ආවරණය කරමින් සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට විෂන් කෙයා අවධානය යොමු කර ඇත. මෙම විවෘත කිරීම සනිටුහන් කරමින් නව ශාඛා පරිශ්‍රයේ දී නොමිලේ අක්ෂි සහ ENT සෞඛ්‍ය කඳවුරක් ද පවත්වන ලදී.
සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලන්ත ගුරුසිංහ, ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය එම් ඩී එස් ගුණතිලක, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා, කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ. අංක 40, හයිලෙවල් පාරේ පිහිටා ඇති මෙම නව ශාඛාව වඩා ඉඩකඩ සහිත ප්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහ ඇස් කණ්නාඩි, අව් කණ්ණාඩි සහ අක්ෂි කාච ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන්ගෙන් සමන්විතයි.
විෂන් කෙයා ආයතනයේ මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සහ ශ්‍රවණ සත්කාර උපකරණ වලින්ද මෙම නව හෝමාගම ශාඛාව සමන්විත වේ. Ray-Ban, Vogue, Polaroid, Vintage වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මෙන්ම ලොව ප්‍රචලිත ශ්‍රවණාධාර විසඳුම් ද ඉතාම පහසු මිල ගණන් යටතේ මෙම ශාඛාව මඟින් ලබා ගැනීමට හැකි වේ.
වසර 30ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි.
නව හෝමගම ශාඛාව විවෘත කිරීමත් සමඟින් විෂන් කෙයා ශාඛා ජාලය තවදුරටත් පුළුල් වීම, උසස් තත්ත්වයේ ගුණාත්මක දෘෂ්ටි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් පාරිභෝගිකයින්ට සමීප කරවමින්, හොඳ දැක්මක් සහ ශ්‍රවණයක් තුළින් පාරිභෝගිකයින්ගේ ජීවන තත්වය උසස් කිරීමට විෂන් කෙයා දරණ ප්රයත්නයේ තවත් වැදගත් අවස්ථාවකි-
-නිමි-