ලොව විශාලතම Luxury ආයුර්වේද ජාලය වන Spa Ceylon, දින 3ක බහු-සංවේදක අත්දැකීමක් (Immersive Experience එකක්) වන ‘Orchid Paradise’ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශීය සහ ආවේණික ඕකිඩ් සංරක්ෂණය සඳහා සිය කැපවීම නිවේදනය කළේය. නොවැම්බර් 7 වනදා සිට 9 වනදා දක්වා දින 3ක් පුරාවට මෙය Colombo City Centre හිදී (CCC) මහජනතාව සඳහා නොමිලයේ විවෘතව පවතී.



මෙම අද්විතීය බහු-සංවේදක චාරිකාව, දිවයිනේ නිවර්තන වැසි වනාන්තරවල පිපෙන ආකර්ශනීය ඕකිඩ් මල්වලින් Inspire වුණු, Spa Ceylon හි Limited Edition Festive Collection එකේම දිගුවක් වන අතර එය රටේ දුර්ලභ උද්භිද විද්‍යාත්මක උරුමයට කරන උපහාරයක් ලෙස සඳහන් කළ හැකියි.
මේ ගැන සිය අදහස් දැක්වූ Spa Ceylon හි සම-නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය කියා සිටියේ “තිරසාරභාවය සහ සවිඥානික යහපැවැත්ම සඳහා කැප වූ සන්නාමයක් විදියට, Spa Ceylon අපේ පුංචි දූපත තුළ අත්‍යවශ්‍ය පාරිසරික අරමුණු සඳහා අඛණ්ඩව සහය දක්වනවා. මේ වසරේදී, විවිධ පාරිසරික අභියෝගවලින් තර්ජනවලට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්නට අපි දායක වෙනවා. ‘Orchid Paradise’ කියන මේ මුලපිරීම හරහා, විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණ කළමනාකරණය සහ තිරසාර ජෛව විවිධත්ව භාවිතවල ජාතික ධාරිතාවය ශක්තිමත් කිරීම අපේ අරමුණ වනවා. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ජෛව විවිධත්ව සංරක්ෂණ කැපවීම්වලට සහාය වෙන්නටත්, දේශීය ශාක සංරක්ෂණයේ වැදගත්කම ගැන මහජනතාව දැනුවත් කරන්නටත් අපි මෙයින් බලාපොරොත්තු වෙනවා.” යනුවෙනුයි.
Spa Ceylon හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, ශිවන්ත ඩයස් මේ ගැන පවසා සිටියේ “Spa Ceylon හිදී, අපි සැමවිටම ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වයෙන් සහ සංස්කෘතික උරුමයෙන් අපේ ඇසුරුම්කරණය සහ සුවඳ විලවුන්වල සිට අපේ සූත්‍රගත කිරීම් තුළ ඇති අමුද්‍රව්‍ය දක්වා නිර්මාණාත්මක ආශ්වාදයක් ලබාගෙන තිබෙනවා. අපේ දිවයිනේ ශාකවල සුන්දරත්වය සැමරීමෙන් සහ මේ නිර්මාණ ලොවට ගෙන යාමෙන්, අපි අරමුණ සහ වගකීම පිළිබඳ පණිවිඩයක් බෙදා ගන්නවා. ‘Orchid Paradise’ හරහා, අනාගත පරම්පරා වෙනුවෙන් අපේ ස්වභාවික වස්තු ආරක්ෂා කිරීම, අපේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සොබාදහම ආරක්ෂා කිරීම, ප්‍රජාවට මතක් කර දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනුයි.
Spa Ceylon හි ‘Orchid Paradise’ – Limited-Edition Festive Collection එකෙන් කරන සෑම මිලදී ගැනීමකින්ම ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර කලාපවල දේශීය හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඕකිඩ් සංරක්ෂණය හා දිගුකාලීන ආරක්ෂාව සඳහා සහාය වේ.
Spa Ceylon පිළිබඳව: 2009 මැයි මස ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය සහෝදරයන් දෙදෙනා එක්ව ආරම්භ කළ Spa Ceylon, Global Luxury Wellness අංශයේ නමගිය බලවේගයක් බවට පත්ව ඇති අතර ඉන් Luxury Ayurveda සන්නාමය ලොවට ගෙන යාමට සමත් වී තිබෙනවා. රටවල් 33ක් පුරා අලෙවිසැල් 140කට වැඩි පුළුල් අන්තර්ජාතික ව්‍යාපාරයකට හිමිකම් කියන Spa Ceylon, ලොව විශාලතම Luxury Ayurveda දාමය ලෙස ද හඳුන්වනවා. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්‍රහණය කර ගනිමින් සම්බාහන චාරිත්‍ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්‍යන්තරයට ගිය සන්නාමයක් ලෙස නම් දරන අතර Spa Ceylon නිෂ්පාදන තිරසාර පැවැත්ම සඳහා අඛණ්ඩ කැපවීමකින් මෙන්ම ප්‍රජාවන්ගේ යහපැවැත්ම පිළිබඳව ද සැලකිලිමත් වන සන්නාමයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. Spa Ceylon නිෂ්පාදන සත්ත්ව හිංසනයෙන් තොර, සදාචාරාත්මකව මූලාශ්‍ර කරගත් තිරසාර ව්‍යාපාරික භාවිත සඳහා එහි අඛණ්ඩ කැපවීම සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සඳහා සවිගන්වන්නට සැලකිලිමත් වන සන්නාමයක් ලෙස සඳහන් කරන්නට හැකිවනවා.





