ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

Share with your friend

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම, ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය සභාපති සහ ඔමේගා ලයින් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු සහ ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිත සහ අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පොල සහ MAS ආයතනයේ ඒරන්ති ප්‍රේමරත්නයන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 

ඇමරිකා ඒක්සත් ජනපදය විසින් පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු අවස්තා දෙකකදී වෙනස් කල අතර අවසන් වරට සිදු වූ සාකච්ඡාවෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ බදු ප්‍රතිශතය 20%ක් විය. ශ්‍රී ලංකාවේ අපනයන කාණ්ඩයන් අතුරින් ඇඟලුම් සහ රබර් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොලේ සිටින විශාලතම ගැණුම්කරුවා ඇමරිකා එක්සත් ජනපදය වන අතර මෙම කාණ්ඩයන්ට අදාලව වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය යන රටවලට හිමි වූ බදු ප්‍රතිශතය 18%ක් සහ 19%ක් විය. මේ අනුව මෙරට ඇඟලුම් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ඇමරිකානු වෙළෙඳපොලේ දී දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට මෙරට අපනයනකරුවන්ට සිදු වන බව මෙම සංකථනයේදී පැවසින. 

මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසභාපති සහ ඔමේගා ලයින් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඇඟලුම් සඳහා වන ඇමරිකානු වෙළෙඳපොල විශාල ගැණුම්කරුවන්ගේ වෙළෙඳපොලක් වන බැවින් බදු ප්‍රතිශතයන් ගේ සුළු වෙනස්කමක් පවා පාරිභෝගික මිලදී ගැනීම් සඳහා සෘජු බලපෑමක් ඒල්ල කරන බවයි. මෙහිදී ගැණුම්කරු විසින් මෙම තීරුබදු ප්‍රතිශතය නිෂ්පාදකයාට දැරීමට වුවෙහාත් , බංග්ලාදේශය වැනි රටවල් වල නිෂ්පාදන පිරිවැය ශ්‍රී ලංකාවට සපේක්ෂව අඩු බැවින් මෙවැනි තත්වයක වාසිය බංග්ලාදේශයට යෑම වැලැක්විය නොහැකි බවයි. තවද SVAT පහසුකම අහෝසි කිරීමෙන් අනතුරුව අපනයනකරුවන් වෙත 18%ක වැට් බද්දක් ගෙවීමටත්, බදු බදු ප්‍රතිපූර්ණය සඳහා ගතවන කාලය වසරක් දක්වා දිවයෑම හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ දෛනික මුදල් කළමනාකරණයට මෙය අහිතක ලෙස බලපානු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. 

මෙහිදී අදහස් දැක්වු ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජික සහ අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පොල මහතා පැවසුවේ ලොව විශාලතම රබර් අපනයනකරුවන් වන ඉන්දුනීසියාව, වියට්නාමය සහ මැලේසියාව වැනි රටවලට ශ්‍රී ලංකාවට සාපේක්ෂව පහල බදු ප්‍රතිශතයක් හිමි වීම මෙරට රබර් අපනයනයට අහිතකර ලෙස බලපාන බවයි.  මෙම බලපෑම කර්මාන්තයෙහි නියුතු සියලු පාර්ෂවයන්ට අහිතකලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය. මෙරට රබර් කර්මාන්තය දැනට පවතින තත්වය අනුව අභියොග්යන් රැසකට මුහුණ දී සිටින බව ඔහු සඳහන් කලේයත විශේෂයෙන්ම ලාබදායීත්වය අඩු වීම නිසා නිෂ්පාදකයින් රබර් වගාවෙන් ඉවත් වීම, දිගු කාලයක් තිස්සේ පවතින පත්‍ර කහපැහැ වීමේ රෝගයට නිසි ප්‍රතිකර්මයක් නොමැති වීම සහ රබර් වතු වල යලි වගා කිරීම් සිදු නොවීම හේතුවෙන් පසුගිය වසර 10 තුල ලෝක වෙළෙඳපොලට යැවූ මෙරට රබර් අපනයන ධාරිතාව 45%කින් පමණ අඩුවී ඇති බව ඔහු පැවසීය. පසුගිය වසරේ දී රබර් අපනයන මගින් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 900කට ආසන්න ආදායමක් ඉපැයූ අතර ලෝක වෙළෙඳපොලේ රබර් සැපයුම්කරුවන් 11 දෙනා අතර ලංකාවට හිමිවන්නේ 10 වැනි ස්ථානයයි.

මෙම සංකථනයට ඒක්වෙමින් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විදායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේ සාර්ව ආර්ථික කලමනාකරණය සහ අපනයනාභිමුඛ ආර්ථිකයක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොලක් සහිත රටක් නිසැක වශයෙන්ම සිදු කල යුතු බවයි. මේ සඳහා ගෝලීය වෙළෙඳපොල තරගකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය සහාය රජය විසින් අපනයනකරුවන්ට ලබා දිය යුතු බවයි. නිදසුනක් ලෙස වැට් බදු ප්‍රතිපූර්ණය සඳහා විශාල කාලයක් ගැනීම තුල අපනයනකරුවන්ට තමන්ගේ මුදල් ප්‍රවාහය වෙත අනිසි පීඩනයක් ඇති වෙන බැවින් ඇමරිකානු වෙළෙඳපොලේ ඇතිව තිබෙන තත්වය සලකා මේ සඳහා කඩිනම් පියවරයන් රජය විසින් ගෙන ආ යුතු බවයි. වැඩිදුරටත් ඔහු සඳහන් කලේ ඒක් වෙළෙඳපොලක් මත පමනක් රඳා පවැතීම දුර් විපාක ගණනාවකට මුහුණ දීමට සිදුවන තත්වයක් බැවින් නොපමාව නව වෙළෙඳපොලවල් සොයා ගැනීමට මෙරට ඇඟලුම් සහ වැවිලි අංශය මෙන්ම රජයද ඉතා ඉක්මනින් කටයුතු කල යුතු බව ඔහු පෙන්වා දුන්නේය. තවදුරටත් ඇමරිකානු ඒක්සත් ජනපදය සමග සිදු කරන සාකච්ඡා සිදු කිරීමත්, ද්විපාර්ෂ්වික සහ බහු පාර්ෂ්වික ගිවිසුම් වෙත යොමු වීම නොපමාව සිදු විය යුතු බව ඔහු අවධාරණය කළේය.


Share with your friend