ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නංවමින් Alumex PLC හි Lumin සහතිකකරණ සම්මාන උළෙල පැවැත්වේ 

Share with your friend

උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC  විසින්  ‘Lumin සහතිකකරණ සම්මාන උළෙල’ පසුගියදා පවත්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් (Fabricators) 37 දෙනෙකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114 දක්වා පුළුල් විය.මෙම උත්සවය තුළින් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්‍රමිතීන් ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම  අවධාරණය කෙරිණි.   

Alumex PLC විසින් ආරම්භ කරන ලද මෙම Lumin සහතිකකරණ වැඩසටහන ඉදිකිරීම් සහ කාර්මික අංශවල විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාර වර්ධනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු කරන ප්‍රධාන වැඩපිළිවෙලකී. අඛණ්ඩව තෙවන වරටත් පවත්වන ලද මෙම සැමරුම් උත්සවයේදී සමාගමේ නිෂ්පාදක ජාලයේ විශේෂඥතාව‍ය  ඉහළින් අගයන ලදී.

වැඩිදියුණු කළ ව්‍යාපාරික අවස්ථාවන්, පුහුණු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂි සම්පත් සහ අවස්ථාවන්, ටෙන්ඩර් කිරීමේදී තරඟකාරී වාසි මෙන්ම තරඟකාරී වෙළෙඳපල තුළ තම ආයතනයේ අනන්‍යතාවය වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව ඇතුළු ප්‍රතිලාභයන් රැසක් Lumin සහතිකලාභී නිෂ්පාදකයන් වෙත හිමිවන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම උත්සවය අතරවාරයේදී ඉදිරිපත් කෙරිණි. මෙම ඉහළ කුසලතාවන් සහිත වෘත්තිකයන් විසින් Lumin හි සුවිශේෂී ඇලුමිනියම්  නිෂ්පාදන කටයුතුවලදී  විශේෂ ශිල්පීය හැකියාවක් පෙන්නුම් කර තිබෙන අතර එමඟින් නවීන ගෘහ නිර්මාණ කලාවේ විශිෂ්ටත්වය සඳහා Alumex PLC හි කැපවීම ප්‍රදර්ශනය කෙරේ.

පුහුණුව සහ සංවර්ධනය කෙරෙහි Alumex PLC විසින් වැඩි අවධානයක් දක්වන අතර එය Lumin සහතිකකරණ වැඩසටහනේ සාර්ථකත්වය කෙරෙහි තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබේ. මෙරට දක්ෂ වැද්දුම්කරුවන්ගේ පුරප්පාඩුව සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් මීට වසර 25 කට පෙර Alumex PLC විසින් සිය පුහුණු ඇකඩමිය ආරම්භ කළ අතර  උසස්  මට්ටමේ ඇලුමිනියම් නිෂ්පාදන ලබා දීමේ විශේෂඥතාවයෙන් වැද්දුම්කරුවන් සවිබල ගැන්වීම කෙරෙහි මෙම ඇකඩමිය ඉවහල් වී ඇත. Alumex PLC විසින් සිය සමාගමේ අඛණ්ඩතාවය, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය පිළිබඳ වටිනාකම්වලට අනුකූල වූ විශ්වාසනීය හවුල්කරුවන්ගේ ජාලයක් නිර්මාණය කර ගැනීමේ අභිලාශයෙන් සිදුකරන ලද ප්‍රයත්නයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් මෙම අවස්ථාව ඔස්සේ සනිටුහන් වේ. 

Lumin සහතිකලාභී වැද්දුම්කරුවන්ගේ ජාලය පුළුල් කිරීම Alumex PLC හි දිගුකාලීන උපාය මාර්ග සැලසුමේ තීරණාත්මක අංගයකී. මෙම Lumin සහතිකලාභී වැද්දුම්කරුවන් විවිධ කලාපයන් නියෝජනය කරමින් දිවයින පුරා විසිරී සිටින අතර ඒ ඔස්සේ ජාතික වෙළෙඳපල තුළ Lumin හි පැවැත්ම සහ බලපෑම තවදුරටත් තහවුරු වේ.

ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවය, දිගු කල්පැවැත්ම සහ අවම නඩත්තුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇති Lumin නිෂ්පාදන පෙළ ගෘහාශ්‍රිත,වාණිජමය සහ කාර්මික ගොඩනැගිලි සඳහා දිගුකාලීන විසඳුම් ලබාදෙයි.

 මේ පිළිබඳව අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය.  “Lumin සහතිකකරණ සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ,  ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ ගෘහ නිර්මාණ කර්මාන්තවල අනාගතය හැඩගැස්වීම සඳහා අපගේ නිෂ්පාදකයන් සිදුකරන සුවිශේෂී බලපෑම සැමරීමටයි. පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය සඳහා අප සිදුකරන අඛණ්ඩ ආයෝජන හරහා, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන්ට කැපවී සිටින විශේෂඥයන්ගෙන් සමන්විත ජාලයක් නිර්මාණය කර ගැනීමට අපට හැකිවී තිබෙනවා.  අපගේ නිෂ්පාදකයන් මෙම ප්‍රවේශය ඔස්සේ සවිබලගැන්වෙන අතර කර්මාන්තයේ ප්‍රමිතීන්ද ඒ ඔස්සේ ඉහළ නංවනවා.එමෙන්ම  නව්‍යකරණය වූ  හරිත අනාගතයක් පිළිබඳ අපගේ හවුල් දැක්මද මේ ඔස්සේ මෙහෙයවනු ලැබෙනවා.”


Share with your friend