ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා ආයතනය (LECS) සමග එක්ව 22 වැනි වරටත් සංවිධානය කළ Profood Propack & Agbiz 2025 ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම්, ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය කොළඹ 07 BMICH පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණ. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අතින් Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ පළමු දින විවෘත වූයේ ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික කෘෂි ව්‍යවසායකත්ව කවුන්සිලය, ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL) සහ ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලය (National Agribusiness Council) යන රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගීත්වය ලබාදීම සංකේතවත් කරමිනි.



ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නියැලි ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් එම ක්ෂේත්‍රයන්හි විද්වතුන්, ව්‍යාපාරික දැවැන්තයන්, ආයෝජකයන්, නවක ව්‍යවසායකයන් හා පාරිභෝගික ප්‍රජාව යනාදී සියළු පාර්ශ්වයන් එකමුතු කරමින් පැවැති Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය නැරඹීමට 35, 000 කට අධික පිරිසක් සිරිමාවෝ බණ්ඩාරනායක පරීශ්‍රයට එක් රැස් වූහ. ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සොයා යමින් දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගනිමින් සහභාගී වූ සියළු පාර්ශ්වයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමෙහිලා ක්‍රියාත්මක වූ Knowledge Hub සමග පාරිභෝගික සහය වෙනුවෙන් සුවිශේෂී සහය සේවාවක් ලෙස පැවැති Consumer Assistance Desk, පැමිණි සියළුදෙනාගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. 1000 කට අධික නිෂ්පාදන සන්නාම රැසක් සමග ප්‍රදර්ශන කුටි රැසක් ප්‍රදර්ශනයට එක්කොට තිබිණ. බොහෝ ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කළ ව්‍යවසායකයන් අතිරේක ප්‍රදර්ශන කුටිද වෙන් කරගනිමින් ප්‍රදර්ශනය වෙත අනුග්‍රාහකත්වය එක් කරමින් හා නව නිෂ්පාදන හඳුන්වාදෙමින් Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙත සහභාගී වූ සියළු දෙනාට සදා නොමැකෙන වටිනා අත්දැකීම් රැසක් ලබාදීමට සමත් වූහ. ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තමාගේ නව නිෂ්පාදන හඳුන්වාදීමටත් නව වෙළෙඳපොළ ප්‍රවණතා හඳුනාගනිමින් සාර්ථකත්වය උදෙසා තම ව්‍යාපාර මෙහෙයවීමටත් මෙම ප්‍රදර්ශනය මහඟු අත්වැලක් විය. Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනයේ අතිසාර්ථකත්වය හේතුකොටගෙන මෙවර සහභාගී වූ ව්‍යවසායකයන් රැසක් මීලඟ ප්‍රදර්ශනය වෙනුවෙන් මේවනවිටත් අලෙවිකුටි වෙන්කරවාගැනීමට අයදුම්කොට තිබීම විශේෂත්වයකි.
ආහාර පාන සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නියැලි ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට ක්ෂේත්‍රයේ ගෝලීය නව ප්‍රවණතා සහ තාක්ෂණික නවෝත්පාදන හඳුනාගැනීමට අවස්ථාව හිමිකර දෙමින් චීනය, ජර්මනිය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් නියෝජනය කරමින් ව්‍යවසායකයන් හා ව්‍යවසායකත්ව උපදේශකයන් රැසක් මෙවර Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය වෙත සහභාගී වූහ. දෙස් විදෙස් ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන එළිදැක්වීම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සමග දෙස් විදෙස් ව්‍යවසායකයන් අතර ව්‍යාපාර සහයෝගීතාව ගොඩනැගීමෙහිලා මෙවර ප්‍රදර්ශනය අඩිතාලමක් සකස් කොට තිබිණ.
Profood Propack සහ Agbiz වසර 25 කට අධික කාලයක් තිස්සේ SLFPA හි සුවිශේෂී මාධ්‍යයක් ලෙස ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් හා ඇසුරුම් ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි සහ දේශීය ආර්ථික සංවර්ධනය කෙරෙහි අනගි දායකත්වයක් ලබාදෙයි. කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම, ඇසුරුම්කරණය හා සමගාමී සේවාවන් රැසක වෙළෙඳපොල දැවැන්තයන් එකමුතු කරමින් නවෝත්පාදන හඳුන්වාදෙමින් උපක්‍රමික සබඳතා ගොඩනගමින්, දැනුම් හුවමාරු අවස්ථා නිර්මාණය කරමින් සියල්ලන්ට යහපත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට මෙම එකමුතුව දායක වී ඇත.
මෙවර Profood Propack & Agbiz 2025 ප්‍රදර්ශනය සඳහා ප්ලැටිනම් අනුග්‍රාහක දායකත්වය මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් පුද්ගලික සමාගම, කාගීල්ස් සිලෝන් පීඑල්සී සහ Pakona Engineers (India) Pvt. Ltd විසින් ලබාදී ඇත. ස්වර්ණමය අනුග්‍රාහකත්වයන් Aussee Oats Milling (Pvt) Ltd, ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් පුද්ගලික සමාගම සහ MULTIVAC LARON India Pvt. Ltd විසින් ද රජතමය අනුග්‍රාහකත්වයන් Goma Engineering (Pvt) Ltd, FPT Food Process Technology Co. Ltd, CMC Engineering Export GmbH, CBL කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී, කන්ට්‍රි ස්ටයිල් ෆුඩ්ස් පුද්ගලික සමාගම, Rancrisp Marketing (Pvt) Ltd, නෙල්නා ෆාම් පුද්ගලික සමාගම, ඇල්ලී පුද්ගලික සමාගම, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, ෆ්‍රීලන් එන්ටප්‍රයිසස්, FMJ Plastics (Pvt) Ltd, Akhtari Trades (Pvt) Ltd, නිකිණි ඔටෝමේෂන් පුද්ගලික සමාගම සහ ඩයනා ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් ලබාදී ඇත