ශ්‍රී ලංකාවේ ප්‍රථම Influencer Ramp Walk සමගින් ‘Beauty Pink Night’ උළෙලේ දී Dettol සිය අලුත්ම Skincare නිෂ්පාදනය එළිදක්වයි

Share with your friend

සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සන්නාමයක් ලෙස ගෝලීය වශයෙන් ඉදිරියෙන් සිටින Dettol සිය සන්නාමයේ අලුත්ම Skincare සබන් වර්ගය හඳුන්වාදීම සඳහා ඉතා වෙනස් ආකාරයේ නිර්මාණාත්මක උත්සවයක් සංවිධානය කළේය. මෙම හඳුන්වාදීමේ උළෙල Dettol Beauty Pink Night නමින් නම් කළ අතර එහිදී සුවිශේෂී අංගයක් ලෙස  Influencer ramp walk එකක් ලංකාවේ ප්‍රථමවරට පැවැත්විණි. නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන රොසෑන් ඩයස්, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක් වන හසිනි ගුණසේකර ඇතුළු සමාජ මාධ්‍යය හරහා රටම පිළිගත් සැමගේ ආදර දිනූ ශිල්පීන් මෙම අවස්ථාවට සහභාගී වීම සුවිශේෂී වේ. Dettol සිය අලුත්ම Skincare සබන් කැටය හඳුන්වාදීමේ උළෙලට සුවිශේෂී අංගයක් එකතු කිරීමෙන් නොනැවතී සම සුරැකුම පිළිබඳව විශේෂඥ දැනුම බෙදාදීම, නිවැරදි සම සුරැකුම් හුරුපුරුදු පිළිබඳව දැනුවත් කිරීම සහ තමන්ගේ සම ආරක්ෂා කරගන්නේ කෙසේ ද? සමේ නීරෝගීකම පවත්වා ගන්නේ කෙසේ ද? යන්න පිළිබඳවත් මනා අවබෝධයක් ලබාදීම සිදුකළේය.


අලුත්ම Dettol Skincare සබන් කැටය Argan oil සාරය සහිතව සමේ තෙතමනය ආරක්ෂා කිරීමට මෙන්ම විෂබීජ විනාශ කර සම ආරක්ෂා කිරීම උදෙසා නව්‍ය සංඝටක එකතු කරමින් නිෂ්පාදනය කර තිබේ. මෙම සබන් කැටය විෂබීජවලින් ඇතිවන ලෙඩරෝග 100කට එරෙහිව ක්‍රියාකරමින් සමේ ආරක්ෂාව සහතික කරයි. එසේම සැර ගතියකින් තොර ඉතා ප්‍රසන්න සුමුදු සුවඳකින් සමන්විතයි.


මෙම සුවිශේෂී මොහොතේ දී සිය වටිනා අදහස් දැක්වූ Naturals Salons සහ International Academy of Beauticians ආයතනයන් හී කළමනාකාර අධ්‍යක්ෂ හසිනි ගුණසේකර, “ලස්සන සමක් තියෙන කොට අපිව ලස්සනට පේනවා විතරක් නෙවෙයි, අපිට ඕන තැනක අභිමාණයෙන් යන්න එන්න පුලුවන් වෙනවා. Dettol වලින් හඳුන්වාදෙන අලුත්ම Skincare සබන් කැටයේ Argan oil තියෙන නිසා හම ගැඹුරෙන්ම පෝෂණය කරලා සමේ තෙතමනය ආරක්ෂා කරනවා. ඒවගේම අපේ සමට හානිකරන විෂබීජ වලට එරෙහිව ක්‍රියාකරලා සම සුරක්ෂිත කරනවා. මේ සබන් කැටය හැමදාම භාවිතා කිරීමෙන් සම මතුපිට විෂබීජ ඉවත් කර සමේ තෙතමනය දෙගුණයක් ආරක්ෂා කර දී සුසිනිඳ නිරෝගී රැවැති සමක් හැමදාම තියාගන්න ඔබට උදව් වෙනවා.”


මෙම සුවිශේෂී අවස්ථාවේ දී Dettol හී ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී ලිලානි රාජපක්ෂ සිය අදහස් බෙදාගනිමින්, “අපේ අලුත්ම නිෂ්පාදනය එළිදැක්වීම සඳහා අපි Dettol Beauty Pink Night   නමින් වෙනස්ම ආකාරයේ උත්සවයක් සංවිධානය කළා. එය සාමාන්‍ය නිෂ්පාදන එළිදැක්විමේ උළෙලක් විතරක්ම නෙවෙයි, එය සම සුරැකීමේ වැදගත්කම පිළිබඳව සියලු දෙනාම දැනුවත් කළ අවස්ථාවක්. Dettol සිය නිෂ්පාදන නව්‍යකරණය වෙනුවෙන් සහ නවීන තාක්ෂණය භාවිත කර වඩාත් විශිෂ්ට නිෂ්පාදන පාරිභෝගිකයන්ට හඳුන්වාදීම වෙනුවෙන් කරන කැපවීමේ මනා පිළිඹිබුවක් ලෙස මෙම නව නිපැයුම් එළිදැක්වීම සලකන්න පුලුවන්. ද්විත්ව තෙතමන ආරක්ෂක ක්‍රියාවලියක් සහිත මෙම නව සබන් කැටයෙන් විෂබීජවලින් ඇතිවන ලෙඩරෝග 100කට එරෙහිව ක්‍රියාකරමින් සම ආරක්ෂා කරනවා පමණක් නෙවෙයි, සමේ තෙතමනය රැක දී ඔබට සුමුදු සුසිනිඳු සෞඛ්‍යසම්පන්න සමක් පවත්වා ගැනීමට අවස්ථාව උදාකරනවා. ‘Dettol Beauty Pink Night’ කියන්නේ රැවැති සමක් සහ සෞඛ්‍යාරක්ෂාව එකට සුසංයෝග වූ අපේ අරමුණ වඩාත් හොඳින් එළිදැක්වුණු වර්ණවත් සංකල්පයක්. ”


Dettol සන්නාමය Reckitt Benckiser ආයතනයේ සන්නාම ගොන්නේ එකක් වන අතර ශ්‍රී ලංකාව තුළ දශක හයකට වැඩි කාලයක් විෂබීජ වලින් ආරක්ෂාව පිළිබඳව විශ්වාසය සහ අභිමාණය අත්පත් කරගෙන සිටින සන්නාමයකි. ශ්‍රී ලංකාවේ Dettol නිෂ්පාදන පෙළ අතර සබන්, අත්සේදීම් දියර, body wash සහ මතුපිට පිරිසිදුකාරක මෙන්ම විවිධ විෂබීජනාශක නිෂ්පාදන රැසක් තිබේ. විෂබීජනාශක නිෂ්පාදන කාණ්ඩය තුළ විශාලම ගෝලීය වෙළඳපොළ පංගුව අත්පත්කරගත් සන්නාමය ලෙස රටවල් 124ක ක්‍රියාත්මක වෙන Dettol ලොව පුරා බිලියන දෙකකට වඩා වැඩි නිෂ්පාදන භාවිතා කිරීම් අවස්ථා සටහන් කරන සුවිසල් සන්නාමයකි. ලෝකයේ සුවහසක් පවුල්වලට විෂබීජවලට සහ බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමට ශක්තිය ලබාදෙන Dettol වඩා හොඳ සෞඛ්‍යසම්පන්න හුරුපුරුදු පදනම් කරගනිමින් සෞඛ්‍යාරක්ෂිත ලෝකයක් ගොඩනැංවීමේ දැක්ම වෙනුවෙන් පෙරට යයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply