ශ්‍රී ලංකාවේ ලිපි ද්‍රව්‍ය වෙළෙඳ පොළේ විප්ලවීය වෙනස! ‘ලීඩ්’ ස්ටේෂනරීස් ඇන්ඩ් ක්‍රාෆ්ට් හඳුන්වා දෙන නවතම පෑන් මාදිලිය.

Share with your friend

ලිම්රා හෝල්ඩිංග්ස් අනුබද්ධ, කිඩීස් ඇන්ඩ් ටෝයිස් ඉන්ටර්නැෂනල් (KTI) සමාගම විසින්, ‘ලීඩ්’ ස්ටේෂනරීස් ඇන්ඩ් ක්‍රාෆ්ට් සන්නාමය යටතේ ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සුවිශේෂී පෑන් මාදිලිය හඳුන්වා දී තිබේ. එය මෙරට ලිපි ද්‍රව්‍ය වෙළෙඳපොළට ලීඩ් සන්නාමයට එක් කෙරුණු නව නිෂ්පාදනයක් වන අතර,  මෙම සුවිශේෂී පෑන් මාදිලිය, මෙරට  වෙළෙඳපොළේ නවමු වෙනසකට මග පාදමින් කොළඹ ප්‍රධාන පෙළේ පොත්හල් කිහිපයක පසුගියදා එළි දක්වන ලදි.

ඡායාරූප විස්තරය (වමේ සිට දකු‍ණට) : KTI හි අලෙවිකරණ හා සන්නිවේදන කළමණාකාර ජෙහාන් නූර්, KTI හි ප්‍රධාන විධායක නිලධාරි අජන්ත වික්‍රමරත්න, ජෙයා බුක් සෙන්ටර්හි කළමණාකාර එම්.ෆර්ෂාන් හා KTI හි ව්‍යාපාර සංවර්ධන කළමණාකාර මහින්ද හේරත් යන මහත්වරු ඡායාරූපයේ වෙති. 

වර්තාමානය වන විට ඉහළ පාරිභෝගික පිළිගැනීමක්ද සහිතව, මෙම ලීඩ් පෑන්, වෙළෙඳපොළේ අලෙවි වේ. මෙම නිෂ්පාදන, වෙළෙඳපොළේ ධනාත්මක වෙනසක් සනිටුහන් කරන්නේ, අධ්‍යාපනයට වඩාත් උනන්දුවක් ඇතිකරන, ගුණාත්මක සේම, නව්‍යත්වය හා තාරුණ්‍යයේ විවිධත්වය අගයන නිෂ්පාදන ලෙසින් පාරිභෝගිකයින් ගේ ආදරයට පාත්‍ර වෙමිනි. මෙරට  සිසු පරපුර වෙත සිය සන්නාමයේ අරමුණු අතරෙහි ඔවුන්ගේ නිර්මාණශීලි දක්ෂතා ඔප් නංවමින් ලීඩ් පෑන් සුවිශේෂී මෙහෙවරක අඩිතාලම යොදා ඇත. ‘ලීඩ්’ විසින් මෙරට වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන නිෂ්පාදන, සිසු පරපුරේ සුවිශේෂී නිර්මාණශීලීත්වයන් මතු කරන නිෂ්පාදනයන්ය. එමෙන්ම, ක්‍රියාකාරිත්වයෙන් ඉහළ සෑම ලීඩ් නිෂ්පාදනයක්ම උසස් ගුණාත්මක තත්ත්වයේ කල් පවත්නා නිෂ්පාදන වන අතර, අධ්‍යාපනය හදාරන සිසු පිරිසගේ සෞන්දර්යාත්මක නිර්මාණ හැකියාවන් එමගින් තවදුරටත් ඉස්මතු කෙරේ.

ගුණාත්මකබවින් යුත්  ලිපි ද්‍රව්‍ය චිත්‍ර හා අත්කම් නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ පොළේ වැඩිවෙමින් පවතින අවශ්‍යතාවද සපුරාලමින් මෙරට වෙළෙඳපොළට ලීඩ් පෑන් මාදිලිය නිකුත් කිරීම, වෙළෙඳපොළට තවත් එක් නිෂ්පාදනයක් එක් කිරීමක් නොවේ. එය වෙළෙඳපොළ තුළ ගුණාත්මක නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින සැලකිය යුතු අඩුව සැලකිල්ලට ගනිමින් එක් කරන ලද නිෂ්පාදනයකි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට  අනුව,  නියමිත ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර වෙළෙඳ පොළට නිකුත් කරන ලද ලීඩ් පෑන්, වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක් කරමින් ලංකාව පුරා බෙදා හැරේ.

ශ්‍රී ලංකාවේ ලිපිද්‍රව්‍ය වෙළෙඳපොළේ ලීඩ් ඇති කළ මෙම නවමු වෙනස පිළිබඳව, KTI ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජන්ත වික්‍රමරත්න මහතා මෙලෙස අදහස් පළ කළහ. “ලීඩ් පෑන්, අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් හොඳම දේ පිරිනැමීමේ අපගේ සන්නාම අරමුණ අනුව, මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට එක් කරන තවත් එක් නිෂ්පාදනයක් විතරක්ම නොවෙයි. අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් ගුණාත්මක තත්වයේ විශිෂ්ටතම නිෂ්පාදන ලබා දීම සඳහා අප විසින් ලබාදෙන ප්‍රතිඥාවක් ඉන් පිළිබිඹු කෙරෙනවා. ශ්‍රී ලාංකික පාරිභෝගික අවශ්‍යතා තේරුම්ගෙන, ඒ අනුව හොඳම නිෂ්පාදන පහසු මිලට ඔවුන් වෙත ලබාදෙමින් ක්ෂේත්‍රයේ නායකයින් ලෙසින් කටයුතු කිරීම සඳහා අපි සූදානම් ව සිටිනවා.”

ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට මෙම සුවිශේෂී නව නිෂ්පාදනයන් සමගින් පියවර තබන KTI සමාගම, මේ හරහා මෙරට ආර්ථිකය නගා සිටුවීම, රැකියා බිහි කිරීම හා  මෙන්ම දේශීය කර්මාන්තවල දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම  ආදී උදාරතර අරමුණු ඒ හරහා මුදුන් පමුණුවාලීමට උත්සාහ දරයි. ඒ අනුව, මෙම නිෂ්පාදන සියලු දෙනාට පහසු මිලකට ලබා දෙමින් අධ්‍යාපනය සැමට පහසුවෙන් ළඟාකළ හැකි මට්ටමට ගෙන ඒමටද දරන උත්සාහයද ඒ සමග පවතී. එම උත්සාහය හරහා මෙරට නිර්මාණශීලි සිසු පරපුරේ අනාගතය සාර්ථක වනු ඇති බවට සමාගම විශ්වාස කරයි. 

ශ්‍රී ලංකාවේ ලිපිද්‍රව්‍ය චිත්‍ර හා අත්කම් නිෂ්පාදන වෙළෙඳ පොළ තුළ ලීඩ්, මේ වන විටත් ප්‍රබල සන්නාමයක්  බවට පත් වෙමින් තිබේ. දැනටමත් මෙරට ජනතාවගේ හදවත් තුළට කිඳා බැස ඇති සන්නාමයක් ලෙසින්, දිවයින පුරා නිර්මාණාත්මක වැඩමුළු, කලායතන, අධ්‍යාපන ආයතන ආදිය හරහා ලීඩ් තරණ පරපුරේ කුසලතා ඔප මට්ටම් කරයි. එලෙස මෙරට සිසු දරුදැරියන්ගේ නිර්මාණ කුසලතා හා කලාත්මක හැකියාවන් පුබුදුවන සන්නාමයක් බවට පත්වීමට, නවතම නිෂ්පාදනයද සමගින්, ලීඩ් සන්නාමයට හැකියාව ලැබී තිබේ.  

KTI සමාගමේ ගත වුණු විසි වසරක කාලය තුළ මෙරට තුළ සාඩම්බර ගමන් මගක මෙම සන්නාමය පියවර තබා තිබුණේ එලෙසින් මෙරට නිර්මාණශීලී කුසලතාවන් පෝෂණය කරන විශ්වාසනීය සහකරුවා ලෙසිනි. ඒ අනුව මෙරට පරිණත සමාගමක් ලෙසින්, KTI‍ හි සාඩම්බර උරුමය පිළිබිඹු කෙරෙන නිෂ්පාදන සමගින් සමාගම කටයුතු කරන්නේ,  දරුදැරියන්ගේ යහ පැවැත්ම සඳහාම උචිත නිෂ්පාදන පිළිබඳව හොඳම අවබෝධයකින් යුතුවය.  ලීඩ් පෑන් මාදිලිය මගින් ද සමාගම විදහා දක්වන්නේ, එහි පරිණතභාවය හා අනාගත දැක්ම වන අතර, මෙවැනි නවතම නිෂ්පාදන හරහා ක්ෂේත්‍රයේ අනාගත නායකයින් බවට පත්වීමේ ලක්ෂණයයි. ලීඩ් නිෂ්පාදන මෙරට වෙළෙඳ පොළ තුළ ගුණාත්මකභාවය සුරකින බවට වන සන්නාම ප්‍රතිඥාව අනුව කටයුතු කරමින්, මේ වන විටත් ජනප්‍රිය පාරිභෝගික තේරීම බවට පත්වෙමින් තිබෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

KTI සමාගම පිළිබඳව- 

KTI, ළදරු හා මාතෘ නිෂ්පාදන මෙන්ම, සෙල්ලම් බඩු සහ ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහාම සුවිශේෂී, ලිම්රා හෝල්ඩිංග්ස් හි අනුබද්ධ ආයතනයයි. එමගින් වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදන පෙළට Farlin, Lego, Barbie, Mattel, Hot Wheels, Fisher-Price හා Faber-Castell ආදී ලෝ ප්‍රකට සන්නාම ද ඇතුළත් අතර, Kid’s Joy, Plex, LeEd සහ 1st Love ආදිය ඉන් වෙළෙඳ පොළට එක් කෙරෙන දේශීය සන්නාමයන්ය. නිරතුරුවම පාරිභෝගික සුබසිද්ධිය පිළිබඳව සැලකිලිමත් වන ආයතනයක් ලෙසින්, වෙළෙඳ පොළ ප්‍රමිතීන්ට හා නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව මෙම නිෂ්පාදන ගෙන එන KTI, ISO 9001:2015 ප්‍රමිති සහතික ලත් ආයතනයකි. 

ලිම්රා (LIMRA) හෝල්ඩින්ග්ස් සමාගම 

මෙරට සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගත් මධ්‍යම ප්‍රමාණයේ දේශීය බහුජාතික සමාගමකි. කෘතිම බුද්ධිය, තොරතුරු තාක්ෂණ, බලශක්ති, මව් සහ ළදරු රැකවරණ, සෙල්ලම් බඩු, E-වාණිජ්‍යය, ස්මාර්ට් හා ශාරීරික ආරක්‍ෂාව සහ කුසලතා පරිවර්තන ආදී ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වුණු, අනුබද්ධිත සමාගම් 10කට අධික සංඛ්‍යාවකින් සමන්විතව එය 30 වසරක් පුරා මෙරට වැජඹෙයි. 

එහි වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය නබ්හාන් අකීල්, රිස්වාන් අනීස්, කීර්ති පතිරාජ හා නිරෝෂන් ජයසූරිය යන පිරිසගෙන් සමන්විත වේ. 


Share with your friend