ශ්‍රී ලංකාවේ වීදී, බිතු සිතුවම් කලාවෙන් සරසමින් Pepsi® ලාංඡනය අලුත් වෙයි

Share with your friend

  • ශ්‍රී ලංකාවේ වීදි, එළිමහන් කලාගාර බවට පත් කරමින් Pepsi®, Street Kala වැඩසටහන දියත් කරයි.
  • රටේ නවමු අනන්‍යතාව හා සරුසාර උරුමය කියාපාමින් දේශීය හා ජාත්‍යන්තර කලාකරුවන් 90 දෙනෙකුගේ නිර්මාණවලින් වීදි අලංකාරවත් කෙරේ. 
  • ‍ අතිඋත්කර්ෂවත් ලෙස පැවති දියත් කිරිමේ උළෙලේදී නව Pepsi® වර්ණයන්ගෙන් කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් වෙයි.

125 වසරක සාඩම්බර උරුමය සමරන, ගෝලීය ප්‍රොප් සංස්කෘතියේ කේන්ද්‍රීය සන්නාමය වන Pepsi®, ශ්‍රී ලංකාවේ වීදි සරසන නවතම පෙරළිකාර වැඩසටහනක් වන Street Kala දියත් කරයි. ඒ සමඟින්, Pepsi® ලාංඡනයද ගෝලීය වශයෙන් මුල් වරට සිතුවම් කලාව හා නවමු මුහුණුවරකින් අලුත් කර තිබේ. නවතම Pepsi® ලාංඡනය හා ශ්‍රී ලංකාවේ වීදි සරසන Street Kala වැඩසටහන දියත් කිරීම පසුගියදා කොළඹ නෙළුම් කුලුණේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. 

ශ්‍රී ලංකාවේ කලාව හා Pepsi® හි පොප් සංස්කෘතිය යා කරන Street Kala වැඩසටහන මගින්, රට පුරාම බිතු සිතුවම් 17 ක් නිර්මාණය කරමින් මහජනයා සම්බන්ධ කර ගැනෙන වීදි සිතුවම් කලාවක අත්දැකීමක් මෙරට  රසවතුන්ට Pepsi® තිලිණ කරයි. ඒ ඔස්සේ, සංස්කෘතිය හා කලාව ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමවේදයකින් සියලු පුරවැසියනට සමීප කිරීම සඳහා පියවර ගැනීම, Pepsi® සන්නාමයේ අභිප්‍රායයි. 

ඉකුත්දා, කොළඹ නෙළුම් කුළුණේ පවත්වන ලද අලංකාරවත් දියත් කිරීමේ උළෙලකින්, මෙරට වීදි සිතුවම් කලාව වෙත ප්‍රවිශ්ඨ වීමේ සුවිශේෂී සංධිස්ථානය Pepsi® සමරනු ලැබීය. ඒ, මෙරට  ජනමාධ්‍ය ආයතන නියෝජිතයින්, සමාජ මාධ්‍ය තරු මෙන්ම, Pepsi® රසවතුන් රැසක් මධ්‍යයේය. එම විවිත්‍රවත් උළෙලේදී, අලුත් වුණු Pepsi® සන්නාමයේ විචිත්‍රවත් ජීවමය ගුණාංග, ප්‍රේක්ෂක මනසේ රැව්පිළි රැව් දීමට සමත් වූ බව නිසැකය.  Pepsi® සන්නාමයට ආවේණික වර්ණ, තවත් විචිත්‍රවත් කරමින් නවතම තද පැහැයන් සන්නාමයට එක් කර තිබුණු අතර, දකුණු ආසියයාවේ උසම කුළුණ ලෙස අභිමානවත්ව නැගී සිටින කොළඹ නෙළුම් කුළුණ ද Pepsi® පැහැයන්ගෙන් ආලෝකමත් කෙරිණි. බොහෝ දෙනාගේ අවධානය පැහැරගත් එම වෛවර්ණ අවස්ථාව, පෞද්ගලික සමාගමක් සිය සන්නාමය එල්ලුම් කුළුණු මත පිළිබිඹු කළ මුල්ම අවස්ථාව බවටද,  Pepsi® සන්නාමය ශ්‍රී ලංකාවේ යළි පණ ගන්වන නවතම ප්‍රයත්නයක් බවටද පත් විය. 

Pepsi® සන්නාමයට යළි ජීවය දෙන අතරම, Street Kala වැඩසටහන මෙලෙස දියත් කිරීම පිළිබඳව, PepsiCo සමාගමේ Area Countries- Region, අනුජ් ගෝයාල් මෙලෙස සිය අදහස් දැක්විය. “තාරුණ්‍යයේ සංස්කෘතිය විදහා දක්වන Pepsi® නිරන්තරයෙන් පුරෝගාමීව කටයුතු කරන සන්නාමයක්. මෙම වැඩසටහන මගින් තාරුණ්‍යයේ සංස්කෘතිය නගා සිටුවීමේ අපගේ කැපවීම, ශ්‍රී ලංකාවේ  වීදි දක්වාම අපි ව්‍යාප්ත කරනවා. Pepsi® සන්නාමයේ අලුත් වුණු ලාංඡනය, සන්නාමයේ නවතම පරිච්ඡේදය මැනවින් නියෝජනය කරන්නක්. එම නවතම ලාංඡනය මෙම Pepsi® Street Kala වැඩසටහන තුළින් වඩාත් ජීවමාන කරන අතර, මේ තුළින් දෘෂ්‍ය කලාවේ නිම් වළලු පුළුල් කිරීමටත් අපට හැකියාව සැලසෙනවා. අපගේ සන්නාමයේ වර්ණවලින් නෙළුම් කුළුණ ආලෝකමත් කිරීමේ අවස්ථාව ඇතුළුව, දියත් කිරීමේ සමස්ත උළෙලම, යෞවනයේ නිර්මාණශීලීත්වය සමඟින් එක්වන Pepsi® සන්නාමය සැමරීමක්.” 

මේ පිළිබඳ අදහස් දක්වමින්, වරුන් බෙවරේජස් සමාගමේ (VBL) ශ්‍රී ලංකා ප්‍රධානී, සන්දිප් කුමාර් මෙලෙස සඳහන් කළේය. “Pepsi® හි ප්‍රබෝධමත් සන්නාම අනන්‍යතාව විදහා දක්වමින් Pepsi® Street Kala වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම අපට සතුටට කාරණයක්. ශ්‍රී ලංකාවේ වීදි සරසන මෙම වැඩසටහන සහ දියත් කිරීමේ උළෙල, නිර්මාණශීලීත්වය හා සංස්කෘතිය පිළිබිඹු කරමින්, Pepsi® ශ්‍රී ලාංකීය ජනතාව හා පවත්වා ගන්නා අවියෝජනීය බැඳීම සාඩම්බරයෙන් සමරනවා. සිතුවම් කලාව පාරිභෝගිකයන්ගේ  පැවැත්ම හා මෙලෙසින් ඒකාබද්ධ කිරීමේ විචිත්‍රවත් ශක්තිය කියාපාන මෙම සන්ධිස්ථානය කරා Pepsi® මෙලෙස එළඹීම, අපිට ආඩම්බරයට පත්විය හැකි කාරණයක්.” 

Pepsi® ගෙන එන Street Kala වැඩසටහන් ඔස්සේ, දිවයින පුරාම වීදි සන්නාමයේ නව අනන්‍යතාවය විදහා දැක්වෙන බිතු සිතුවම් වලින් අලංකාරවත් වෙයි. මෙරට අභිමානවත් සංස්කෘතියට Pepsi® සන්නාමයේ ජීව ගුණය  මුසු කෙරෙන එම බිතු සිතුවම්වලින්, ශ්‍රී ලංකාවේ වීදි එළිමහන් කලාකාර බවට පත් කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පරිශ්‍රය හා නාවල වැලිසර වැනි නගරද, කොල්ලුපිටිය, වැල්ලවත්ත, රත්මලාන, බම්බලපිටිය යන දුම්රිය ස්ථානද බිතු සිතුවම් වලින් අලංකාරවත් වන අතර, ප්‍රදේශවාසීන්ටත් සංචාරකයින්ටත් අගනා සෙල්ෆි ඡායාරූප ලබාගත හැකි ස්ථාන බවටද ඒවා පත්වෙයි. එම ස්ථානවලදී, ශ්‍රී ලංකාවේ නවමු කලාව, ආහාර සංස්කෘතිය,  සංගීතය,  නැටුම් හා ක්‍රීඩා ආදී විවිධ තේමා අනුව, Pepsi® මෙරට තරුණ පරපුර හා අත්වැල් බැඳගන්න ආකාරය කලාකරුවන්ගේ නිර්මාණ ඇසින් දැකගත හැකිවෙයි. 

මෙම වැඩසටහන මගින් දේශීය හා ජාත්‍යන්තර නැගී එන හා අංකුර හා කලාකරුවන් 90 දෙනකුගේ බිතු සිතුවම් එකතුවක් මහජනයාට දැකගත හැකි වේ. මේ ශිල්පීහු ශ්‍රී ලංකාවේ පොහොසත් කලා උරුමය ඉදිරියට ගෙන යන අතරෙහි, මෙලෙස Pepsi® සන්නාමයේ ජවසම්පන්න නිර්භීතභාවය පිළිබිඹු කෙරෙන බිතුසිතුවම් නිර්මාණය සඳහා සිය දායකත්වය ලබා දෙති. මාසයක කාලයක් පුරා වෙහෙස මහන්සි වී ඔවුන් නිම කරන සිතුවම් වර්ග අඩි 8,000 කට වැඩි ඉඩකඩක් සරසයි. මෙරට තරුණ පරපුර විසින් වැළඳ ගන්නා ආහාර සංස්කෘතිය, සංගීතය, ජීවන රටාව, ක්‍රීඩා අනාදී අංග විදහා දැක්වන එම නිර්මාණවලින්, තරුණ පරපුරේ හදවතට ආමන්ත්‍රණය කරන සන්නාමයක් ලෙස Pepsi® සන්නාමය පිළිබිඹු කිරීම සිදු කෙරේ. 

Pepsi®, Street Kala වැඩසටහන යටතේ සීමිත කාලයක් වීදි පුරා මෙම බිතු සිතුවම් ප්‍රදර්ශනය කෙරෙන අතර, ශ්‍රී ලාංකික ජනතාවට හා සංචාරකයන්ට නව මුහුණුවරක් ගත් Pepsi® සන්නාමය හා අන්තර්ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීමටද මෙම වැඩසටහන මාහැඟි අවස්ථාවකි. #PepsiStreetKala ඔස්සේ අන්තර්ජාලයෙන් මේ පිළිබදව තවදුරටත් තොරතුරු දැනගත හැකිවේ. 

PepsiCo පිළිබඳව

ලොව පුරා රටවල් හා ප්‍රදේශ 200 කට අධික සංඛ්‍යාවක දිනකට බිලියනයකට වැඩි වාර ගණනක් පාරිභෝගිකයින් විසින් භුක්ති විඳින PepsiCo නිෂ්පාදන, 2023 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 91 කට අධික  ශුද්ධ ලාභයක් උපයා ඇති නිෂ්පාදන වේ. වාර්ෂිකව සිල්ලර අලෙවියෙන්, ඇමරිකානු ඩොලර් බිලියන 1 ට වැඩි ආදායමක් උපයන ප්‍රකට සන්නාම ඇතුළත් සමාගමේ නිෂ්පාදන අතරට,  Lay’s, Doritos, Cheetos, Gatorade, Pepsi-Cola, Mountain Dew, Quaker සහ SodaStream ආදී ආහාර හා පාන වර්ග ගණනාවක්ම, ලොව පුරා පාරිභෝගිකයන්ගේ ප්‍රියතම ආහාර හා පාන වර්ග ලෙසින් ඇතුළත් ය. 

Pep+ (PepsiCo Positive) සමඟින්, ජයග්‍රාහී පාන වර්ග සහ ආහාර සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වීම, PepsiCo හි දැක්මයි. එහිලා Pep+ සංකල්පය, ගෝලීය සීමාවන් අභිබවා සාරධර්ම මෙන්ම වර්ධනය ගොඩනගන්න ආකාරය හා ධනාත්මක වෙනසක් සඳහා සියලු ලෝවැසියන් දිරිමත් කරන ආකාරය සම්බන්ධයෙන් තිරසාරත්වය හා මානව ප්‍රාග්ධනය වැදගත්කොට සලකන සුවිශේෂී පරිවර්තනයකි. වැඩි විස්තර සඳහා, www.Pepsico.com ඔස්සේ X (Twitter), Instagram, Facebook, සහ LinkedIn @PepsiCo වෙත පිවිසෙන්න. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply