ශ්‍රී ලංකාව තුළ වසර 30කට වැඩි කාලයක් පුරාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා විසඳුම් සැපයූ ඖෂධ හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන කැල්බේ සමාගම, වත්මන් වෙළඳපොළ තුළ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

හේමාස් ෆාමසියුටිකල්ස් සමඟ ඇති කරගත් දිගුකාලීන හවුල්කාරිත්වයක් තුළින් 1990 වසරේදී මෙරට වෙළඳපොළට පිවිසි කැල්බේ සමාගම, 2006 දී සබඳතා කාර්යාලයක් පිහිටුවීම සහ 2019 දී කැල්බේ ලංකා (පුද්ගලික) සමාගම ස්ථාපිත කර ගැනීම යනාදී වශයෙන් වැදගත් පියවර රැසක් සාක්ෂාත් කරගන්නා ලදී. නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයා ගැනීමත් සමඟ මෙරට පාරිභෝගික ජනතාවට උසස් තත්ත්වයේ ආහාර අතිරේක සකස් කරමින්, ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ ශක්තිමත් වර්ධනයක් ළඟා කර ගෙන තිබේ.
සෞඛ්‍ය සහ පෝෂණය සම්බන්ධයෙන් වන ගෝලීය අත්දැකීම් මෙරට පාරිභෝගිකයින් වෙත ලබා දීම උදෙසා කැල්බේ සමාගම, ලෝක මට්ටමේ පර්යේෂණ හා නවෝත්පාදනයන්ගේ සහාය ලබා ගනිමින් සිටියි. ඒ අනුව දිනෙන් දින වෙනස් වන සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි එදිනෙදා සෞඛ්‍ය හා යහපැවැත්ම වැඩිදියුණු කරන බෙහෙත් වට්ටෝරු සහ විද්‍යාත්මකව සකස් කරන ලද පෝෂණ නිෂ්පාදනයන් ද හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරයි. මෑතකදී කොළඹ විශ්ව විද්‍යාලය සමඟ සිදු කරන ලද සායනික අත්හදා බැලීම් ඇතුළු අඛණ්ඩ පර්යේෂණ සහයෝගීතාවය තුළින් කැල්බේ ආයතනය සතු නිෂ්පාදනයන්හි විශ්වාසනීයත්වය වැඩිදුරටත් තහවුරු වේ.
කැල්බේ විසින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පුළුල් පරාසයකින් යුත් පෝෂණ නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබෙන අතර, වැඩිහිටි වියේ දී නිරෝගී සම්පන්නව සිටීමට සහ සීනි පරිභෝජනය පිළිබඳ සැලකිලිමත් වන ජීවන රටාවන්ට සහාය වන සුවිශේෂී නිෂ්පාදනයන් ද සකස් කර තිබේ. ඒ අතරින් වැඩිහිටියන් සඳහා අංක එකේ විශ්වාසදායී තේරීමක් බවට පත්ව ඇති Diabetasol, සීනි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙමින් වැඩිහිටියන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතාවන් සපුරාලීමට සමතුලිත දායකත්වයක් සපයනු ලබයි. මේ අතර Entrasol ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ පෝෂණය සඳහා වන ජනප්‍රියතම තෝරා ගැනීමක් ද වේ. විශේෂයෙන් ලෙඩ රෝගවලින් සුවය ලබන පුද්ගලයින්ගේ ආහාර රුචිය අඩු වීම නිසා දෛනික ආහාර වේල තුළ අඩංගු පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මෙම ආහාර අතිරේකය අමතර සහායක් ලබා දෙයි. සම්ප්‍රදායික ආහාර අතිරේක මෙන් නොව Entrasol හරහා මාංශ පේශී ශක්තිය වැඩි දියුණු කිරීම, සමස්ත ශරීර ශක්තිය වැඩි කිරීමට සහ වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි වන බව සායනිකව ඔප්පු කර තිබේ.
2024 දී ජාත්‍යන්තරව පිළිගත් සඟරාවන් හරහා ප්‍රකාශයට පත් කරන ලද නවතම සායනික ප්‍රතිඵල මගින් මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිහිටියන්ගේ පෝෂණය, මාංශ පේශි ශක්තිය, ශක්ති මට්ටම් සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීමට Entrasol උපකාරී වන බවට තහවුරු විය. එමගින් Entrasol ශ්‍රී ලංකාවේ සායනිකව පරීක්ෂාවට ලක් කරන ලද එකම ජාත්‍යන්තර වැඩිහිටි පෝෂණ සන්නාමය ලෙස වෙළඳපොළ තුළ කැපී පෙනෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ කැල්බේ ශ්‍රී ලංකා හි දේශීය කළමනාකරු සංජීව ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. ‘‘සෞඛ්‍ය සේවා සැපයුම, හුදෙක් ව්‍යාපාරයකට එහා ගොස් පාරිභෝගික ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ක්‍රියාවලියක් බව අපි විශ්වාස කරන්නෙමු. විද්‍යාත්මක සාධක පදනම් කර ගත් නව්‍ය විසඳුම් ලබා දෙමින් මිනිසුන්ගේ හෙට දවස සෞඛ්‍ය සම්පන්න කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි. විධිමත් පර්යේෂණ සහ දේශීය හවුල්කාරීත්වයන් තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය වෙමින් මෙරට ජන ජීවිතයන්හි සැබෑ පරිවර්තනයක් ඇති කිරීම සම්බන්ධයෙන් අපි ආඩම්බරයට පත් වන්නෙමු’’
ශ්‍රී ලංකාවට නව්‍යකරණයෙන් යුත්, සැමට පහසුවෙන් අත්විඳිය හැකි සෞඛ්‍ය සේවා විසඳුම් ලබා දීම කෙරෙහි කැල්බේ ආයතනය සිය අඛණ්ඩ අවධානය යොමු කර තිබේ. ඒ අනුව ගෝලීය විශේෂඥතා දැනුම, දේශීය ආයෝජන සමඟ ඒකාබද්ධ කරමින් අනාගතයේ දී ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කැල්බේ ආයතනයට හැකි වනු ඇත.